22 කොටස

40 11 5
                                    

💛 : Choi Yeonjun ...

ජිමින් දත් මිටි කාගෙනම එහෙම කියද්දි යොන්ජුන්ගෙ මූනෙ තිබුනෙ සෙල්ලක්කාර හිනාවක් . ජන්ග් මී හිටියේ ටිකක් පුදුම වෙලා ...

🌹: ජිමින් ? ඔයා යොන්ජුන්ව ඔප්පව දන්නවද ?

💛 : ඕනවටත් වඩා .

Yeonjun : ආපහු මුන ගැහීම සතුටක් park jimin .

🌹: ඔයාලා දෙන්නා අඳුරනව නම් තවත් ඉතින් කරදර වෙන්න දෙයක් නෑනෙ .එන්න අපි ඇතුලට යමු .ජිමින් එයාව එක්ක් එන්න. මම අනික් අයටත් ගිහින් කියන්නම් .

එහෙම කියලා ජන්ග් මී ගෙදර පැත්තට දිව්වේ මේ දෙන්නා ඇස් වලින් එයාලගෙ තරහා පිටකරද්දී .

💛 :තමුන් .මොනවද .මෙහෙ .කරන්නෙ .

ජිමින් එහෙම ඇහුවේ දත් මිටි කනගමන් . ඒත් යොන්ජුන් නම් ඒක එච්චර ගානකට ගත්තේ නැහැ .

Yeonjun : ඔහ් ! මොකද මේ .පුංචි පිලිගැනීමක්වත් නැද්ද ?සහෝදරයා  😏

💛 : සහොදරයා ..?  තමුන් මගේ සහෝදරයා නෙවේ . මම කලින් තමුන්ට එහෙම සහෝදරයෙක්ට වගේ සැලකුව නම් මම ඒකට සමාව ඉල්ලනවා .

Yeonjun : Confident i see .

යොන්ජුන් ඇගට පතට නොදැනී එහෙම කතාකරද්දී ජිමින්ගෙ ඇස් දෙක ලොකු වුනේ එයාගේ කටේ කෙලත් හිඳෙනකොට . මේ මනුස්සයා කොහොමද මෙච්චර ඉක්මනට මේ හැමදේම ?! ජිමින්ගෙ ඔලුවට ආපු පලවෙනිම ප්‍රශ්නෙ ඒකයි .

💛 : ඔ..ඔය..ක්..කොහොමද ?

Yeonjun : ඇත්තටම මම මෙහෙ භාෂාවට එච්චර කැමති නැ .ඒත් ඒක ඉගෙනගන්න නම් හරිම ලේසියි .

විශේෂයෙන් ම ලස්සන ගෑනුලමයෙක් ඔයා එක්ක ඉද්දි .😏

💛 : යොන්ජුන් තමුන්ට  බැහැ රාජධානියෙන් පිටත මායා බල පාවිච්චි කරන්න .ඒක නීතියට පටහැනියි !!.

Yeonjun : රාජධානියත් මගේනම් , රජුත් මමනම් , නීතිත් මගේනම් ..තමුන් වගේ කෙනෙක් ඒ ගැන වද වෙන්නෙ මොකටද ?!  තමුන් හැමදාමත් කරන්නෙ මගෙ වැඩ වලට ඇඟිලි ගහන එක .

💛 : ඇති !.තමුන් මොන හේතුවකට මෙහෙට ආවත් මට කමක් නැ .ආපු විදිහටම යනවා .මෙතනින් යනවා ! 

ᎷϴᏆᎡᎪ🥀 || PJM Fanfiction || OnholdHikayelerin yaşadığı yer. Şimdi keşfedin