Chapter 2

48 14 16
                                    

ජිමින් කෑ ගසමින් දුම නැගෙමින් තිබුණු දෙසට දිව ගියේය. ඒ සමගම තේහියුන්ද ජිමින්ව අනුගමනය කළේය. වැඩි වෙලාවක් ගත වීමට පෙර දුම නැගෙන තැන අසලට ළං වීමට ඔවුහු සමත් වූහ.

දුම නැගෙමින් තිබුණේ අශ්වයෙකු රඳවා සිටින කාමරයකිනි. වහා ඒ කරා දිව ගිය ජිමින් අගුල ගලවා එහි දොර විවෘත කළේය. ඒ සමගම දුමට මැදිව හුන් අශ්වයා පිටතට ගැනීමටද ඔහු සමත් වූවේය. ගිනි රස්නය මෙන්ම දුම නිසාද කලබලයට පත්ව හුන් අශ්වයා කාමරයෙන් පිටතට ගත් වහාම කොරිඩෝව දිගේ දිව යන්නට පටන් ගත්තේය.

ඒ සමගම මෙන් ජින් හියුන් ගිනි නිවන උපකරණයක් ද රැගෙන එතැනට දිව ආවේ ය. ඔහු සමඟ එකතු වූ ජිමින් පිදුරු ගොඩට ඇවිලි ඇති ගින්න තව දුරටත් පැතිර යාම වළක්වමින්, නිවා දමමින් සිටි අතර තේහියුන් වහාම දිව ගොස් අශ්ව ගොවිපළෙහි ප්‍රධාන ආරක්ෂක නිලධාරියා වන ඩෙන්සිල් මහතා කැටුව එතැනට ආවේය.

වැඩි වෙලාවක් යෑමට මත්තෙන් සියලු දෙනාම එක්වී ගින්න නිවා දැමීමට සමත් වූහ. නැම්ජුන්ගේ උදව්වට යාමට දැනටමත් පමා වූවා වැඩි යැයි සැල කළ ජින් හියුන් එතැනින් නික්ම ගියේ කඩිසර ගමනිනි.

"මේක නිකම්ම ඇවිලුණු ගින්නක් නෙමෙයි. එක්කෝ මේක හිතාමතාම ඇති කළ ගින්නක්... එහෙම නැතිනම් වැරදීමකින් ඇවිලුණු ගින්නක්. ''

නිවී ඇති අළු ගොඩ දෙස පරීක්ෂාකාරී බැල්මක් හෙළමින් පැවසූ ඩෙන්සිල් මහතා ගින්න නිවා දැමීමට උදව් කිරීම ගැන මොවුන් දෙදෙනාට ස්තුති කර තම කාර්යාලය කරා පිටත්ව ගියේය.

මේ අවස්ථාවේ ඉක්මනින් එතැනට දිව ආ තරුණ කාන්තාවක් අශ්වයා කාමරය තුළ නොමැති බව දැක කලබලයට පත් වූවාය.

"කෝ මේ කාමරයේ හිටි අශ්වයා.... කවුද එයා පිටට ගත්තේ...? ඇයි එහෙම දෙයක් කළේ අවසර නැතිව...?"

ඇය ජිමින් සහ තේහියුන් දෙස බලමින් ප්‍රශ්න වැලක් එක දිගට ඇසුවාය.

ගින්න ගැන කියන්නටත් ප්‍රථම ජිමින් අත දිගු කරමින් අශ්වයා ගිය දෙස පෙන්නුම් කළේය.

" අන්න අර පැත්තට ගියා. "

වැඩි විස්තර කිසිවක් නොඇසු තරුණ කාන්තාව ජිමින් පෙන්වූ දෙසට දිව යන්නට වූවාය.

අශ්ව ගොවිපොළහි අබිරහස (Jikook)On viuen les histories. Descobreix ara