Chapter 7

36 11 15
                                    

මුලින්ම තරගයකට සහභාගී වන අශ්වයෙකු සූදානම් කිරීමට උදව් කරනු පිණිය තමන් පැමිණි බව ආරක්ෂක නිලධාරියාට පැවසූ ජිමින් ඇතුළු වීමේ අවසර පත්‍රය ඔහුට පෙන්වා ගොවිපළ භූමියට ඇතුළු විය.

අනතුරුව ඔහු එක එල්ලේම ගමන් කරන්නට වූයේ මාක් ලුඩ්වික්ගේ අශ්වයින් රඳවා සිටින 'සී' ශාලාව වෙත ය. එයට හේතුව වූයේ මාක්ගේ නාගන් අශ්වයාද සිටිනුයේ එහි නිසාය. පාන්දර පහ හමාරට තමා අශ්වයින්ට කෑම දිය යුතු බව හෝසොක් හියුන් කී නිසා මෙම වේලාවට ඔහු සිටිය යුත්තේද එතැන යැයි ජිමින් සිතුවේය.

ඉක්මන් ගමනින් පැමිණි ජිමින් 'සී' ශාලාවේ කොරිඩෝවට ඇතුළු වුවේය. ශාලාවේ හැම තැනකම මන්දාලෝකයක් පැතිර තිබූ අතර කිසිවෙකු එහි පෙනෙන්නට නොවීය. නාගන් අශ්වයා රඳවා සිටින කුටිය අසලට ගිය ඔහු එතුළට හිස පොවා බැලුවේය.

අශ්වයා සිටගෙන බාල්දියකින් දිය බොමින් හුන්නේය. එහෙත් හෝසොක් එතැන නොවූයේය.

" හෝසොක් හියුන්... හෝසොක් හියුන්.....!"

ජිමින් තරමක පහත් ස්වරයෙන් කතා කළේය. අශ්වයා දිය බොන ශබ්දය හැරෙන්නට කාමරය තුළ වෙනත් කිසිඳු ශබ්දයක් නොවීය.

හෝසොක් හියුන් තවමත් මෙහි පැමිණි නැතිදැයි නිශ්චිතවම දැනගැනීමට නම් අශ්වයාගේ ආහාර බඳුන පරීක්ෂා කර බැලිය යුතු යැයි ජිමින් සිතුවේය.

කාමරය තුළට ඇතුල් වූ ඔහු එහි විදුලි පහන දැල්වූවේය. ඒ සමගම ඔහුගේ නෙතු ගැටුණේ බලාපොරොත්තු නොවූ භයානක දර්ශනයකි.

හෝසොක් කාමරයේ බිත්ති මුල්ලක් අසල උඩු බැලි අතට වැටී හුන්නේය. ඔහුගේ නළලතින් උණු ලේ ගලා යමින් තිබිණ. ජිමින් වහාම හෝසොක් අසලට ළංවී ඔහුගේ අතකින් අල්ලා බැලුවේය. හෝසොක් හියුන් සිටිනුයේ සිහිසුන්ව බව ජිමින්ට වැටහිණ.

හිතට දැනුණු වික්ෂිප්ත භාවයත් සමගම කෑ ගැසීමට සිතත් ඇති වුණද ජිමින් ආයාසයෙන් එම සිතුවිල්ල මැඩ පවත්වා ගත්තේය. අනතුරුව ඔහු ක්ෂණිකව බුද්ධිමත්ව කල්පනා කරන්නට උත්සාහ කළේය.

හෝසොක් හියුන්ට ප්‍රතිකර්මයක් කිරීමට ප්‍රථම කාමරය තුළින් අශ්වයා ඉවත් කළ යුතු බව ජිමින්ට සිතිණ. ඔහු අශ්වයාගේ රේන්ස් පටියෙන් අල්ලාගෙන හෙමින් සීරුවේ කාමරයෙන් පිටතට ගත් අශ්වයා කොරිඩෝව දිගේ තරමක් එපිටට ගෙන යන්නට වූවේය.

අශ්ව ගොවිපොළහි අබිරහස (Jikook)Where stories live. Discover now