Chapter 3

32 12 9
                                    

ජිමින් සහ ජන්කුක් එක්ව සොරා දිවූ දෙසට දුවන්නට වූහ. කොරිඩෝව දිගේ මඳ දුරක් යද්දි ඔවුන්ට කාමරයකින් පිටතට ගත් අශ්වයෙකු තනිවම කොරිඩෝවේ සිටිනු දක්නට ලැබිණ. ඒ සොරා විසින් පැහැරගෙන අතර මගදී දමා ගිය අශ්වයා විය හැකි බව ඔවුන්ට වැටහිණ.

ඒ අවස්ථාවේ එතැනට දුවගෙන ආ තරුණියක් අශ්වයාගේ රේන්ස් පිටියෙන් අල්ලා ඌ නවතා ගත්තාය. ඇය අශ්වයාගේ ආවතේවකාරිය හෝ ගොවිපළෙහි වෙනත් සේවිකාවක විය හැකි යැයි ජිමින් සහ ජන්කුක් සිතූහ.

සේවිකාව අශ්වයා නවතා ගත් අන්දම දෙස මොහොතක් බලා සිටි ජිමින් සහ ජන්කුක් එතැනින් ඉදිරියටම ගමන් කරන්නට වූහ. එම කොරිඩෝවෙන් පිටතට ආ ඔවුනට ඊළඟට තුරග තරග නැරඹුම් පිටිය හමු විය. එම පිටිය පුරා නරඹන්නන් පමණක් නොව අශ්වයෝ මෙන්ම තරගකරුවෝ ද රැඳී සිටියහ. එවන් සෙනඟක් අතරින් සොරා සොයා ගැනීම ගැටලුවක් බව බලාපොරොත්තු කඩවූ ලීලාවෙන් ජිමින්, ජන්කුක් සමග කීවේය.

"කෝකටත් අපි එහා පැත්තෙන් ගිහින් බලමු."

ජන්කුක් යෝජනා කළේය.

ඒ අනුව ඔවුන් ඊළගට පරික්ෂා කරන්නට වූයේ රථගාල ඇති පෙදෙසය. ඔවුන් එහි විපරම් කරද්දී තමන් ශාලාවේදී දුටු සැක සහිත පුද්ගලයා වැනි අයෙක් වැන් රථයකට මුවා වන අයුරක් හිටි හැටියේම ජිමින්ට දක්නට ලැබිණ. වහාම ඒ බව ජන්කුක්ට පැවසු ජිමින් ඔහු සමග එම වැන් රථය කරා දිව ගොස් බැලුවේය. එහෙත් සොරා ඒ වෙනවිට එතැන නොවීය.

'' අපි ආපහු ඒ ශාලාවට යමු. වට රවුමකින් ඔහු ආයෙත් එතැනට යන්න පුළුවන්... ඒ නිසා ඉක්මනට එතැනට යමු. සමහර විට ආරක්‍ෂක අංශයේ අයගෙන් උදව් අරගෙන ඔහු අල්ලා ගන්න අපට පුළුවන් වේවි.''ජන්කුක් කීවේය.

ඔහුට එකඟ වූ ජිමින් ඔහුත් සමග ආපසු සි ශාලාව කරා පැමිණියේය. ඒ වන විට ප්‍රධාන ආරක්ෂක නිලධාරි ඩෙන්සිල් . තවත් සහායක නිලධාරින් දෙදෙනෙකුද කැටුව එම ශාලාවට පැමිණ සිටියේය.

ඔවුහු තිදෙනා, තරුණියක් සමග බොහෝ උනන්දුවෙන් කතා බහක නිරතව හුන්හ. සොරා මුලින් දුටුවේ එම තරුණිය බවත් ආරක්ෂක නිලධාරීන්ට සොරකම දැනුම් දුන්නේ ඇය බවත්. ඔවුන්ගේ කතාවට සවන් දුන් ජිමින්ට වැටහිණ.

අශ්ව ගොවිපොළහි අබිරහස (Jikook)Where stories live. Discover now