chapter 10

13 3 9
                                    

කතාව මතකද දන්නෑ🥲

• නැම්ජුන්ව හිරේ දාලා ඉන්නේ අශ්ව හොරකමට සැක නිසා.

•හෝසොක් තුවාල වෙලා සිහිය නැතිව ඉන්නේ.

•ජීකුක් දෙන්න එකතු වෙලා මාක්ගේ අනික් ගොවිපලට ඇත්ත හොයාගන්න ඉන්න වෙලේ ඉදන් තමයි කතාව

_________________________________________

"ජිමින් මෙහෙ එන්න."

දුවන අතරම ජිමින්ගෙ අතක් අල්ලා ගත් ජන්කුක් කොරිඩෝවේ කෙළවර ආසන්නයේ එක් කාමරයකට ඔහුත් සමග ඇතුළු වී එහි යකඩ දැලක් සහිත දොර වසා ගත්තේය.

ඒ සමඟම ඔවුන් පසු පස පන්නාගෙන ආ බල්ලන් දෙදෙනා ද දොර අසල නැවතී කෝපයෙන්, ගොරවමින් බුරමින් දොර වෙත කඩා පැන පහුරු ගාන්නට වූයේ එය කඩා බිඳ දමන්නට මෙනි.

'' බ්‍රවුනි...! බම්බම්!... ඔය ඇති."

කවුදෝ එලෙස අණ කරනවාත් සමගම බල්ලෝ දෙදෙනා බිරිම නතර කළහ. අනතුරුව එම බල්ලෝ කොරිඩෝවේ පසෙකට වී දිවවල් එළියට දමාගෙන හති හළමින් කාමරය තුළ සිටින ජිමින් සහ ජන්කුක් දෙස බලා සිටින්නට වූහ. මොහොතකින් කාමරයේ වසා ඇති යකඩ දැල්දොර ඉදිරිපිටට පැමිණ සිටගත්තේ මාක් ලුඩ්වික්ය.

" ඔයාල මෙහෙ මොකද කරන්නේ...?"

කිසි වෙනසක් නොපෙන්වා මාක් ඇසීය.

මාක් ගැන සිතෙහි සැකයක් තිබුණත් එය නොපෙන්වූ ජිමින් පැවසුවේ කාශ්මීර් නැතිවිම ගැන සොයා බලන්න යැයි ඔහු කළ ඉල්ලීම අනුව විපරම් කරද්දි තමන්ට ජෝ හාවේ ගැන සැකයක් ඇති වු නිසා මෙහි පැමිණි බවය. ඒ සමගම බල්ලන් දෙදෙනාගෙන් තමන් බේරා ගැනීම ගැන මාක්ට ස්තූති කල ඔහු තමන් රැඳී සිටින කාමරයෙන් පිටතට ඒමට ඔහුගෙන් අවසර පැතුවේය.

මාක් බල්ලන් දෙදෙනාට තවත් අණ කිරිමක් කළේය. බල්ලෝ කාමරයේ දොර ඉදිරියෙන් පසෙකට වුහ. ජිමින් සහ ජන්කුක් කාමරයේ දොර විවෘත කරගෙන කාමරයෙන් පිටතට පැමිණියේ බල්ලන් දෙස බියපත් අයුරින් බලමිනි. එහෙත් බල්ලන්ගෙන් ඔවුන්ට කිසිදු හිරිහැරයක් නොවීය.

" මම නැති වෙලාවේ කිසි කෙනෙකුට ඇතුළු වෙන්න නොදී මෙතැන ආරක්ෂා කරන්නේ මේ දෙන්නා. ''

Kamu telah mencapai bab terakhir yang dipublikasikan.

⏰ Terakhir diperbarui: Aug 17, 2023 ⏰

Tambahkan cerita ini ke Perpustakaan untuk mendapatkan notifikasi saat ada bab baru!

අශ්ව ගොවිපොළහි අබිරහස (Jikook)Tempat cerita menjadi hidup. Temukan sekarang