Chapter 4

34 12 3
                                    

ජිමින්ට ඉබේටම මෙන් කෑගැසිණ. ඒ පිදුරු ගොඩ යට යමෙක් සැඟව සිටිනු දුටු නිසාය...

පිළිස්සුණු කැළල් සහිත මුහුණින් යුතු එම තැනැත්තාගේ බැල්ම යොමුව තිබෙන්නේ තමා දෙසට බව ජිමින්ට වැටහිණ.

" ආ...හ්"

එම විරූපී මුහුණ දකිත්ම කෑ ගසමින් හිස ආපස්සට ගත් හදිස්සිය නිසාම ජිමින්ගෙ හිසෙහි පිටුපස දෙරෙහි ඉහළ කොටසේ තදින් වැදිණ. ජිමින් කෑ ගැසීම ඇසුණු ජන්කුක් සහ තේහියුන් ඉක්මනින් ජිමින් වෙත දුවගෙන ආහ.

" ඇයි... මොකද... මොකද...?"

දෙදෙනාම ප්‍රශ්න කළේ කලබලයෙන් මෙනි.

ජිමින් මඳ වේලවක් කිසිවක් නොකියා සිට අනතුරුව කතා කරන්නට වූවේය.

"ම්..මේ.. මේකෙ පිදුරු ගොඩ අ.. අස්සෙ ඉඳන් කවුදෝ එ.. එබිලා බැලුවා.''

ටේලරය තුළ ඇති පිදුරු ගොඩ පෙන්වමින් ඛියට පත් වූ ජිමින් පැවසුවේය.

"කෝ බලමු."

එසේ පවසමින් ජන්කුක් ටේලරය වෙත එබෙන්නට සැරසෙද්දී ජිමින්ට යමක් ගැන සිසියට නැඟුණු අයුරින් යලි ටේලරය තුළට හිස පොවා නැවත වරක් එහි මුහුණ දෙස බැලුවේය.

එසේ පවසමින් ජන්කුක් ටේලරය වෙත එබෙන්නට සැරසෙද්දී ජිමින්ට යමක් ගැන සිසියට නැඟුණු අයුරින් යලි ටේලරය තුළට හිස පොවා නැවත වරක් එහි මුහුණ දෙස බැලුවේය

Ουπς! Αυτή η εικόνα δεν ακολουθεί τους κανόνες περιεχομένου. Για να συνεχίσεις με την δημοσίευση, παρακαλώ αφαίρεσε την ή ανέβασε διαφορετική εικόνα.

එය සැබෑ මුහුණක් නොව වෙස් මුහුණක් බව ඇයට ඒ හොහොතේ හොදාකාරවම පසක් විය. කලබල වී බියට පත්වීම ගැන ජිමින්ට ඇති වූයේ ලජ්ජාවකි. මඳ සිනහවක් නගා ගත් ජිමින් වෙස් මුහුණ අතට ගෙන එය නොදින් පරික්ෂා කර බැලුවේය. එම වෙස් මුහුණ සකස් කර තිබුණේ පිළිස්සී ගිය මුහුණකට සමාන අයුරිනි. එහි එක් ඇසක් ගැලවී එළියට වැටෙන ආකාරයට සහ තොළ දෙකඩ වී ඇති ආකාරයට සකස් කර තිබුණේ දකින ඕනම අයෙකු බියපත් වන ආකාරයෙනි.

අශ්ව ගොවිපොළහි අබිරහස (Jikook)Όπου ζουν οι ιστορίες. Ανακάλυψε τώρα