Chapter 5

39 12 10
                                    

අනතුරුව ජිමින්, ජන්කුක් සහ තේහියුන්ද සමග ගියේ එදිනට නියමිත මූලික තරග පැවැත්වෙන පිටිය කරාය. එම තරග පිටියේ ඇති කාර්යාලයේ එදින තරග වදින අයවලුන්ගේ නාම ලේඛනයක් ප්‍රදර්ශනය කර තිබිණ. එය පරීක්ෂා කර බැලූ ඔවුනට දක්නට ලැබුණේ එකම තරග ඉසව්වක් සඳහා නැම්ජුන් මෙන්ම සොන්හී ද තරග වදින බවය.

"සොන්හී ගිය වතාවේ නැම්ජුන්ව පරාද කළ බව පසුගිය වාර්තාවල තියෙනවා. ඉතින් මේ වතාවේ සොන්හීගේ අශ්වයා කවුරු හරි හොරකම් කළොත් නැම්ජුන් කරදරයක් නැතව දිනනවා. මේ ගැන කල්පනා කරද්දී අශ්ව හොරකම ගැන සැකය නැම්ජුන් දිහාට එල්ල වන එක කාටවත් නතර කරන්න බැහැ "

පැරණි රේස් කොළ කිහිපයක්ම පරික්ෂා කර බලා අවසානයේ ජන්කුක් පැවසීය.

"මතකද ඩන්කන්ගේ අශ්වයාගේ කුරයේ ආබාධයක් කිව්ව වෙලාවෙත් නැම්ජුන්ගේ මුහුණේ මතුවුණු සතුට.'' ජිමින් තවක් කාරණයක් එකතු කළේය.

"දැන් ගිය සේරම අමතක කරලා මේ ලස්සන හැන්දෑවේ අපි විනෝදයට මොනවා හරි කරමු."

තරග නැරඹීමෙන් සහ සැක සහිත දේ ගැන කතා බහ කිරීමෙන්ද වෙහෙසට පත්ව හුන් තේහියුන් අවසානයේදී යෝජනා කළේය. අනෙක් අයද එයට එකඟ වූහ.

ජිමින්, තේහියුන් සහ ජන්කුක් එදින පැවත්වෙන සැදෑ සාදයකට යාමට එන ලෙස ජින් හියුන් ආරාධනා කළේය. එම සාදය පැවැත්වුණේ ඔවුන් නතරව සිටින හෝටලයේ නොව වෙනත් හෝලයකය. ඒ සඳහා ඔවුන්ට අමතරව නැම්ජුන් සහ යුන්ගි ද සහභාගී වූහ.

සුහද කතාබහ අතරතුර නැම්ජුන් බලෙන් මෙන් යුන්ගි සමග වාදයක් ඇති කර ගත්තේය. එය උණුසුම් මුහුණුවරකට පත් වූ පසු නැම්ජුන් හිත් අමනාපයෙන් මෙන් සාදයෙන් නික්ම ගියේ අමනාප ස්වරූපයකිනි. යහළුවන්ගෙන් සමුගත් ජින් හියුන්ද ඔහු පසුපසම හෝටලයෙන් නික්ම ගියේය.

ඔවුන් නික්ම ගියද අනෙක් අය ඒ ගැන කතා නොකර සාදයේ සතුට භුක්ති වින්දහ. සාදය අවසන් වන සිට සෑහෙන වේලාවක් ගතව තිබිණ. ජිමින් සහ තේහියුන් ඔවුන් නතරව සිටින හෝටලයට ඇරල වූ ජන්කුක් සහ යුන්ගි ඔවුන්ගෙන් සමු ගත්හ.

ජිමින් සහ තේහියුන් තම කාමරයට ගියද ඒ වන විටත් කාමරය අයිති ජින් හියුන්ගේ ඇද හිස්ව තිබිණ. තමන්ට පෙර සාදයෙන් නික්මුණු ඔහු මෙතරම් වේලාවක් ගතවන තුරු කාමරයට නොපැමිණීම ජිමින්ට සහ තේහියුන්ට ගැටලුවක් විය.

අශ්ව ගොවිපොළහි අබිරහස (Jikook)Where stories live. Discover now