Chapter 8

36 9 18
                                    


කතාව මතකද දන්නෑ🙂
_________________________________________





අවසානයේදී හෝසොක්ට පහර දී බරපතළ තුවාල කිරීම ගැන සැක පිට නැම්ජුන්ව අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරීහු ඔහුත් කැටුව පිටව ගියහ.

නැම්ජුන් පොලිස් අත්අඩංගුවට ගැනීම නිසා ජින්ට පසු දිනය උදා වූයේ ඉතාම දුක්බර අයුරිනි. තේහියුන් මෙන්ම ජිමින්ද ඔහුව සනසන්නට උත්සාහ කළහ. කාශ්මීර් අශ්වයා සොරකම් කිරීමටත් හෝසොක්ට පහර දීමටත් සම්බන්ධව නැම්ජුන්ව සැක කිරිම ජින්ගේ මවිතයට මෙන්ම ශෝකයටද හේතුවක් විය. ඔහු එවන් දෙයකට සම්බන්ධ යැයි ඔහු කිසිසේත්ම විශ්වාස නොකළේය.

"හරි.. නැම්ජුන් වරදක් කරලා නැත්නම් අපි එයාව කොහොම හරි බේර ගනිමු.''

අවසානයේදී ජිමින් ස්ථිර ස්වරයෙන් එසේ පැවසීම ජින්ගේ සිතෙහි බලාපොරොත්තු ඇති කරලන්නක් විය. එනිසා ම ඔහු ජිමින් සමඟ පොලිසියට ගොස් අත්අඩංගුවේ සිටි නැම්ජුන්ව දැක බලාගෙන ඉන්පසු අශ්වයින්ට සාත්තු කිරිමට අශ්ව ගොවිපළ කරා ගියේය.

දහවල් කෑමෙන් පසු තේහියුන් සහ යුන්ගි ඇවිදීමට ගියහ. ඒ අතර අශ්ව සොරකම සහ හෝසොක්ට පහර දීම ගැන තොරතුරු සෙවීමට වෙන වෙනම ගිය ජන්කුක් සහ ජිමින් යළි සවස මුණ ගැසුණහ. පසුගිය දින කිහිපයේම ගොවිපළෙහි සේවයේ යෙදුණු ආරක්ෂක නිලධාරීන්ගේ සේවා සටහන් පිළිබඳව විස්තරයක් ජන්කුක් සොයා ගෙන තිබිණ. දෙදෙනාම එක්ව එය පරික්ෂා කර බලන්නට වූහ.

එම සේවා විස්තරය අනුව සොරකම සිදු වූ කාල වේලාව තුළ මෙන්ම, හෝසොක් තුවාල වූ කාලය තුළ ද ගේට්ටුවේ සේවය කර තිබුණේ හන් නමැති ආරක්ෂක නිලධාරියා ය. ඔහු ගොවිපලෙහි ආරක්ෂක සේවයට එකතු වී අවුරුද්දක කාලයක් වත් ගතව නොතිබිණ මෙහි සේවයට එක්වීමට පෙර ඔහු සේවය කර තිබුණේ මාක් ලුඩ්වික් මහතා ලගය.

"හෝසොක් හියුන් තුවාල වූ වෙලාවේ පාන්දර පහට විතර නැම්ජුන් ගොවිපළට ආවා කියලයි හන් කියන්නේ... ඒත් නැම්ජුන් කියනවා ඔහු ඒ වෙලාවෙ හෝටලයේ නිදාගෙන හිටියේ කියලා. මේ දෙන්නාගෙන් ඇත්ත කියන්නේ කවුද කියලා හොයා ගන්න එක තමා අපට තියෙන ලොකුම ගැටලුව. ''

අශ්ව ගොවිපොළහි අබිරහස (Jikook)Where stories live. Discover now