අතරමග නතරකරන්න හිතෙන්නෙ ඇයි?

571 93 30
                                    

ඕතර්ලා බොහෝදෙනෙක් මුහුණදෙන සුලභ තත්වයන් තුනක් (මාත් ඇතුළුව) සහ ඒ තත්වයට හේතුවෙන්න පුළුවන් අවස්තාවන්  මොනවදයන්න මෙ ලිපියෙන් දිගහැරෙනවා.

ඇයි කතාවක් ලියාගෙන යනකොට අතරමග නතරකරන්න හිතෙන්නේ?

ප්‍රේක්ශක ප්‍රතිචාර පමණක් බලාගෙන කතාවලිවීම.

මේ කාරණාව විශේශයෙන්ම බලපාන්නේ ඔන්ලයින් ලියද්දියි.

 ඕතර් කතාව ලියන්නේ කියවන රීඩර්ස්ලාගේ කමෙන්ට්, වෝටින් ෆේස්බුක්එකේ නම් රිඇක්ශන් සහ ශෙයාර්ස් බලාගෙනනම්, ප්‍රේක්ශක ප්‍රතිචාර අඩුවීගෙන එනකොට "අනේ කවුරුත් කියවන්න කමැතිනැහැ... ඒක නිසා ලියලා වැඩක් නැහැ..." කියලා හිතෙන්න ගන්නවා.

කාටහරි අදහසක් ඉදිරිපත්කරන්න පුළුවන් ඕතර්කෙනෙක් කතාවක් ලියන්න සෑහෙන්න මහන්සියක්... වෙලාවක්... කැපකරනවා. ඒවගේ පුද්ගලික කැපකිරීමක්මත නොමිලේ දෙයක් දෙනකොට රිඩර්ස්ලා හැටියට ෆීඩ්බැක්එකක් දෙනඑක එයාලගේ යුතුකමකියලා. ඒ අදහස ඇත්තටම සාධාරණයි. ඔන්ලයින් ලියනකොට ප්‍රේක්ශක ප්‍රතිචාර හොඳ මෝටිවේශන්එකක්. ඒත් ඕතර් කතාව කියන්න එකම හේතුව ප්‍රේක්ශක ප්‍රතිචාර නොවියයුතුයි. එහෙම උනොත් කතාව ලියන්න තියෙන එකම අභිප්‍රේණය අඩුවීගෙන එනකොට ලියන්න තියෙන උනන්දුවත් අඩුවීගෙන යනවා. අනෙක් පැත්තට, ඕතර් හැටියට ලියන කතාවට සාධාරණයක් සිද්ධනොවෙනවානම් පාඨකයා ෆීඩ්බැක්එකක් දෙන්න කැමතිවෙයිද කියලත් හිතලා බලන්න අවශ්‍යයි.

ලියන්න නවත්වන්න හිතෙන්නේ මේ හේතුව නිසානම්-

තවත් මෝටිවේශන් කිහිපයක් ඇතිකරගන්න උත්සහ කරන්න. උදාහරණයක් විදිහට: "මම මේ කතාව ඉවරකලොත් ඒක මගේ පස්වෙනි කම්ප්ලීට් නවල්එක... හෝ ශෝර්ට් ස්ටෝරිඑක... වෙනවා. ඒනිසා කොහොමහරි මම මේක ඉවරකරනවා!"

කතාව ලියලා අවසන්කරන්න ඩෙඩ්ලයින් එකක් තියාගැනීමත් වැදගත්වෙන්න පුළුවන්: "මම මේ කතාව මාස දෙකකින් ලියලා ඉවරකරනවා." මේවගේ ඩෙඩ්ලයින් එකක් තියාගන්නකොට ලියන්න ලොකු මෝටිවේශන්එකක් ලැබෙනවා. කතාව ඔන්ගොයින් නම්, "මම දවස් තුනකට සැරයක්... සතියකට සැරයක් අප්ඩේට්කරනවාමයි!" කියලා ටාගට්එකක් තියාගන්න. අඩියෙන් අඩිය ඉස්සරහට යන්න ඒක ප්‍රයෝජනවත්වේවි. මේ ටාගට්එක තමන්ට ලඟාකරගන්න පුළුවන්විදිහේ ටාගට්එකක්වීම තමයි අවශ්‍ය.

නිර්මාණාත්මක රචනයට අත්වැලක්Where stories live. Discover now