කියවන්න හිතෙන කතාවක රහස... 🤭

89 16 2
                                    

කියවන්න හිතෙන කතාවක රහස... 🤭

රීඩර්කෙනෙක් හැටියට ඔයා කියවන්න පටන්ගත්ත කතාකීයක් 'මේකතාව පටන්ගත්තාවගේ ඉන්ටරෙස්ටින් නැහැවගේ...' හිතිලා මගනවත්තලා තියෙනවද? ඕතර්කෙනෙක් හැටියට ලියන්නගත්ත කතාකීයකදී මැදක්‍ නකොට 'මේක එච්චරම රසවත් නැහැනේ... මොකද්ද මම කරන්න ඕනේ' කියලා හිතිලා තියෙනවද?

ගැටුම, ආතතිය, පරදු සහ කුතුහලය 

ගැටුම, ආතතිය, පරදු සහ කුතුහලය (Conflict, Tension, Stakes and Suspense) ගැන අවබෝධයක් නොතිබීම කතාවක් නීරසවෙන්න ප්‍රධානතම හේතුවක්. මේ වචන තුනගැන අහලා පුරුද්දක් නැත්නම් මේ ලිපිය ඔයාගේ කතාව කියවන්න හිතෙන කතාවක්බවට පත්කරන්න අනිවාර්‍යෙන්ම උපකාරිවෙවි.

මම කලින් ලිපිකිහිපයකම සඳහන්කලාවගේ කතානායකයාගේ (හෝ වෙනත් චරිතයක) අරමුණ හඳුනාගැනීම ඉතාමත් වදගත්. පාඨකයා එකටම උනන්දුවෙන්නේ චරිතයෙ අරමුණ සම්බන්ධයෙන්. අරමුණ වැදගත්වෙන්න තවත් හේතුවක් තියෙනවා. ගැටුම, ආතතිය සහ පරදු කියන නිර්මාණාත්මක රචනයේ ඉතාමත් වැදගත් සංකල්ප තුනම කැරකෙන්නේ චරිතයේ අරමුණත් එක්කයි. වෙනත් වචනවලින් කියනවානම්, චරිතයට අරමුණක් නැතිනම් ගැටුම, ආතතිය සහ පරදු කියන කොටස් තුන කතාවට ඇතුලත් කරන්න ඕතර්කෙනෙක්ට අපහසුවෙනවා. බැහැනෙමෙයි- පුළුවන්, නමුත් කතාවට ගැලපෙන ආකාරයෙන් ඉතිරිපත්කරන්න අපහසුවෙනවා.

මොකද්ද මේ ගැටුම, ආතතිය සහ පරදු කියන්නේ?

ගටුම: කතානායකයාගේ අරමුණ ලඟාකරගැනීමට මුහුණදියයුතු බාධකයන් ගැටුම එහෙමත් නැත්නම් ඉංග්‍රිසියෙන් කන්ෆ්ලික්ට් කියලා හඳුන්වන්න පුළුවන්. මේ පිලිබඳව විස්තරයක් "කතාඅංගගැන ඔබ දැනුවත්ද ලිපියේ" සඳහන්වෙන නිසා නැවත්ත දීර්ඝව ලියන්නේ නැහැ.  අරමුණක්නැති චරිතය නිකං පඹයෙක්වගේ කියල මම නිතරම සඳහන් කරනවා ඔයාලා දැකල ඇති. චරිතයට ජීවය දෙන්න පලවෙනියට අවශ්‍යවෙන්නේ මේ අරමුණ කියන අංගයයි.

 චරිතයට ජීවය දෙන්න පලවෙනියට අවශ්‍යවෙන්නේ මේ අරමුණ කියන අංගයයි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
නිර්මාණාත්මක රචනයට අත්වැලක්Where stories live. Discover now