කතාඅංග ගැන ඔබ දැන්වත්ද?

81 16 0
                                    


නවකතාවක් විශේශයෙන්ම ප්‍රබන්ධ වර්ගයේ පොතක් ලියන්න කලින් රචකයෙක්ට කොටස් හතක් පිළිබඳව හොඳ අවබෝධයක් තිබියයුතු වෙනවා.

ඒකෙන් කියන්නේ නැහැ මේ අංග ගැන දන්නේ නැතුව කතාවක් ලියන්න බැහැ කියලා. කතාව ඉක්මනටත් පහසුවෙනුත් අර්ථාන්විතව ලියලා අවසන් කරන්න කතාඅංග ගැන හොඳ වටහාගැනීමක් අත්‍යාවශ්‍ය වෙනවා. එහෙම නැත්නම් වෙන්නේ ලියන්නන්වාලේ ලියන්න ගිහිල්ලා එතරම්ම රසවත්නැති නිර්මාණයක් අවසානයේ ඉතුරුවීමයි.... නැත්නම් නිර්මාණය මග නතරවීමයි.

භාවිතාකලත් නැතත්, කතාඅංගගැන දැනුවත්වීම රසවින්ඳනයටවුනත් කාටත් උපකාරීවෙන්න පුළුවන්. ඊලඟවාරයේදී කතාවක් කියවනකොට මේ කතාඅංග කොහොමද ඒ නිර්මාණය ඇතුලේ නිරූපණයවෙලා තිබුණේ කියලා හිතලා බලන්න. එතකොට ඔයාගේ රචනයකට බොහොම පහසුවෙන් කතාඅංග ඇතුලත් කරගන්නට පුළුවන්වේවි.

තේමාව

පසුබිම

චරිත

ගැටුම

ප්ලොට්එක

රචනා කෝණය

රචනා ශයිලිය

01. තේමාව - Story Theme

කතාවකට තේමාවක් තිබීම වැදගත්. කෙටියෙන්ම කතාවක් කියෙව්වට් පස්සේ පාඨකයට "මොකක්ගැනද ඒ කතාව ලියලා තිබුණේ... කතාවෙන් කියන්න උත්සහකරලා තීබුණේ මේකයි...." කියලා දැනෙන අදහසට තමයි තේමාව කියලා කියන්නේ.

හරියට පුංචිකාලෙදි උපමා කතාවක් කියවල අන්තිමේදී කියන්නේ "ඔන්න ඕකයි මේ කතන්දරෙන් කියන්න උත්සහකලේ..." එහෙම කියනවා දැකලා තියෙනවද?

අන්න ඒක තමයි කතා තේමාව!

කතා තේමාවක් බොහොම පැතිරුනු අදහසක් වෙන්න පුළුවන්. ආදරය... දුප්පත් පොහොසත් බේදය... උත්සහවන්තයා ජයගනී... උඩඟුකම විනාශයට මුලය... තණ්හාව... අසාධාරණයට එරෙහිව නැගීසිටීම... තැනට සුදුසු නුවණ... මේ වගේ නොයෙක් මාතෘකා!

තේමාවක් තෝරගැනීමේදී....

තේමාවක් තොරගන්නකොට තමන්ට හුරුපුරුදු, හිතට කිට්ටු, ලියන්න අත්දැකීම භාවිතාකරන්න පුළුවන් විදිහේ තේමාවක් තෝරාගන්න. එතකොට බොහොම ඉක්මනට කතාව ලියාගෙන යන්න පුළුවන් වේවි.

නිර්මාණාත්මක රචනයට අත්වැලක්Where stories live. Discover now