විස්තර කථනයේ ප්‍රයෝග

210 39 4
                                    

මේ කොටස ලිව්වේ its_Vindi (මම හිතන්නේ නංගි වෙන්නඕනි…) කරපු යෝජනාවක් හැටියට. ඇහුවේ නම් පරිසරය ගැන වර්ණනාවක් කරන්නෙ කොහොමද කියල… නමුත් මම හිතනව මේ ප්‍රයෝග භාවිතා කලොත් පරිසර වර්ණනාක්වුනත් ලස්සනට ලියන්න හැකිවේවි කියල.

අපි කලින් කතාකළා පරිච්ඡේදයක් හැදෙන්නේ විස්තර කථනයෙන් සහ දෙබස් වලින් කියලා. මේ ලිපියෙන් ඉදිරිපත් කෙරෙන්නේ විස්තර කථනය එහෙමත් නැත්නම් ඉංග්‍රීසියෙන් Narrative කියන කොටස ලස්සන කරගන්න භාවිතාකරන්න පුළුවන් නිර්මාණාත්මක රචනයේ ප්‍රයෝග කිහිපයක් ගැනයි.

දැක්වෙන උදාහරණ අඩුමතරමින් තුන්වතාවක්වත් මාරුවෙන් මාරුවට කියවලා වෙනස පැහැදිලි කරගන්න කියලා මම හැමදෙනාගෙන්ම ඉල්ලාසිටිනවා.

“ශෝ ඩෝන්ට් ටෙල්” - Show! Don't Tell!

විස්තර කථනයේ මූලිකම නීතියවිදිහට මම පුද්ගලිකව හඳුන්වන්නේ මේ සරල නමුත් ප්‍රබල ප්‍රයෝගයයි. 

බොහොම සරලව ගත්තොතින්, විස්තරය රීඩර්ට “කියවනවා’ වෙනුවට රීඩර්ට “පෙන්වීමට”  ඕතර්කෙනෙක් විස්තර කථනය සැකසීම. සමහර වෙලාවට කෙනෙක්ට හිතෙන්න පුළුවන් මොකක්ද මේ දෙක අතර තියෙන වෙනස… “කිව්වත්” “පෙන්නුවත්” රීඩර් කියවන්නේ පොතකින් හෝ ස්ක්‍රීන්එකකින් පේන අකුරු විතරයිනේ කියලා.

‘ශෝ ඩොන්ට් ටෙල්’ වැදගත්වෙන්නෙ ඒ  හින්දම තමයි! කතාවේ අදාලා සිදුවීමෙදි මොකක්ද වෙන්නේ කියලා කියනවාටවඩා මොකක්ද වෙන්නෙ කියලා පෙන්වනකොට, රීඩර්ට ඒ වචන දැනෙනවා වැඩියි.    

උදා. 01: “බැහැපිය පරබල්ලා දොට්ට!” අම්මා කෝපයෙන් කීවාය.

පැහැපිය පරබල්ලා දොට්ට!” අම්මාගේ ස්වරය උස්ය. තියුණුය. ඇගේ නෙත්වල බැල්මට ගිණිපුපුරු පිටවූවානම්, මා එතැනම අලුගොඩක්බවට පත්වනු ඇත.

මෙතනදි, අම්මා කේන්තියෙන් ඉන්නවා කියනවා වෙනුවට අපි කේන්තිගත්ත අම්මාගේ හැසිරීම මොනවගේද කියලා ඕතර්ට වචනවලින් ඉදිරිපත්කරනවා. ‘කේන්තියෙන් ඉන්නේ’ කියනව වචනයටවඩා විස්තරාත්මක චිත්‍රයක් රීඩර්ගේ හිතේ මැවෙනවා මේ “පෙන්වීම” තුලින්.

නිර්මාණාත්මක රචනයට අත්වැලක්Where stories live. Discover now