Character Profile #3

114 18 2
                                    

චරිතයක පසුබිම් කතාව

නිර්මාණයකරපු චරිතයක් අසාර්ථකවෙන තවත් තැනක් තමයි චරිතයේ පසුබිම්කතාවේ දුර්වලතා. මේ නවක රචකයන්ගේ අතින්වෙන්න පුළුවන් සුලබ අඩුපාඩුවක්. බොහෝවෙලාවට චරිතයක් කල්පනාවට ආවහැටියේ කතාව ලියන්න පටන්අරගෙන මැදක්වෙද්දී දෙබස්මැද්දෙන් පසුබිම්කතාව වෙනස්කරන්න ආධුනික ලේඛකයන් බොහෝවිට උත්සහකරනවා.

ගොඩක් වෙලාවට "පසුබිම් කතාව" කිව්වම ඕතර්කෙනෙක් හිතන්නේ - චරිත හම්බුනේ කොහොමද... චරිත සඳහා මිතුරුමිතුරියන් කවුද... එයාල කන්නබොන්නගිය තැන් මොනවාද... අම්මාලාතාත්තලාගෙ නම් මොනවද... දෙමව්පියන්ගේ රස්සා මොනවදවගේ කරුණු කිහිපයක් විතරයි. නමුත් ඕතර් කෙනෙක් අවධානය යොමුකරන්න ඕනේ මේ කරුණුවලට එහගිය දේවල්ගැනයි.

ඇත්තටම පසුබිම් කතාව කියන්නෙ වර්තමානය සහ අතීතය සම්බන්ධකරන්න ඕතර් කෙනෙක් රීඩර්ට කිවයුතු විස්තරයක්. දක්ශ ලේකකයෙක්ට පුළුවන් චරිතවල හැසිරීම පාඨකයාට තේරුම්ගන්න පහසුකරන්න පසුබිම් කතාව තියුනුවිදිහට භාවිතා කරන්න. පසුබිම් කතාව නිර්මාණයකරනකොට කතානාකයයාගේ අරමුණ, හැසිරීම සහ පෙළඹවීමවගේ කරුනුගැන හොඳ අවධානයක් යොමුකරන්න ඕනේ. නැත්නම් ඔයාගෙ චරිතයේ ලක්ශන සමගින් පසුබිම් කතාව නොගැලපීමනිසා "මෙකේ කිසිම තේරුමක් නැහැනේ..." කියලා කියවන කෙනෙක්ට හිතෙන්න පුළුවන්.

'ඩෙස්පිකබල් මී' කතාවේ එන "ගෲ" ගේ චරිතය කල්පනා කරන්න. එයා ලෝකේ ඉන්න දක්ශතම හොරාවෙන්න ඕනිකමට හඳ හොරකම් කරන්න තීරනය කරනවා. ඒවෙනුවට එයා පාවිච්චිකරන්නේ අනාථ ගැහැණු ලමයි තුන්දෙනෙක්ව. ඇයි හඳම හොරකම් කරන්නේ? එයාගේ පසුබිම් කතාව බැලුවොත් මතුවෙන තැනක් තමයි ගෲ පොඩිකාලේ ගගනගාමියෙක් වෙන්න ආසාවෙන් ඉඳියාය කියන විස්තරේ. අනාථ නිවසේ ලමයින්ව ප්‍රයෝජනයටගන්න එයාට ලොකු දුකක් ඇතිවෙන්නේ නැහැ. මොකද කිව්වොත් ගෲගේ අම්මා ඒතරම්ම ලොකු ආදරයක් ගෲවෙනුවෙන් නොදැක්කුව කෙනෙක්. මේනිසාම දරුවෙක්ව හදාගන්න ඕනි කොහොමද කියලවත් ගෲ හරියට අවබෝදයක් නැහැ. කතාවේ හාස්‍යගතියට එහායින් ගිය සංවේදීගතියක් ගෲගේ චරිතයගැන වැඩිහිටි ප්‍රේක්ශකයෙකුට ඇතිවෙන්න මේ පසුබිම්කතාව උපයෝගීවෙනවා.

නිර්මාණාත්මක රචනයට අත්වැලක්Where stories live. Discover now