අපරිපූර්ණ කතානායකයා සහ පාඨකයා

74 16 0
                                    

මේකොටසින් සීනීබෝල කතාවල මූලික ලක්ශනයකුත්, එහෙම වෙන්නේ ඇයි කියලත්... ත්‍රිමාණ චරිතයක් ගොඩනඟන්න පසුගාමී ලක්ශන යොදාගන්නේ කොහොමද කියලත් කතාකෙරෙනවා.

—-------------------

"අපෝ මේකනම් මහ සුරංඟනා කතාවක්වගේනේ!" කතාවක් කියවන්න පටන්අරගෙන ටිකවෙලාවක් යනකොට අඩුමතරමේ වාරයක් දෙවාරයක්‍වත් ඔයාලට මෙහෙම හිතිලා තිබුණොත් පුදුමවෙන්න එපා! විශේෂයෙන්ම ලංකාවේ නවකතා (මල්කතා කියලා කියන්නේ...) කියවගෙන යනකොට විචාරමත් පාඨකයන්ට ඉබේටම මේ අදහස ඔලුවට එන්නේ අසාවෙන් තෝරගත්ත කතාව කියවගෙන යනවද කියලත් දෙපාරක් හිතෙනතරමට කතාව එපාකරවන ගමන්.

හැමදාම කියනවාවගේ- වැරදියට තේරුම්ගන්න එපා.

ඔයාට 'සිනීබෝල කතාවක්' එහෙමත් නැත්නම් ඉංග්‍රිසියෙන් කියනවාවගේ ෆ්ලෆ් ස්ටොරියක් ලියන්න ඔනින්ම් ඒකට කිසිම තහනමක් නැහැ. ඇත්තම කිව්වොතින් මම ආසා නළුනිළියන්... ටීවීසිරිස්වල චරිතයොදාගෙන ලියන ෆ්ලෆ් ස්ටොරි මමත් කියවනවා! ෆ්ලෆ් කියවනකොට හිතට ලොකු සැහැල්ලුවක් දැනෙනවා. හිනාවක් මතුවෙනවා... ඒනිසා ඒවත් තියෙන්න අවශ්‍යයි.

නමුත් ප්‍රශ්නේ ඇතිවෙන්නේ ලියන්නේ ෆ්ලෆ් ස්ටොරියක්ද එහෙමත් නැත්නම් යථාර්තවදී (රියැලිස්ටික්) කතාවක්ද කියලා ලේඛකයාට තේරුම්බෙරුම් කරගන්න බැරිවුනාමයි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

නමුත් ප්‍රශ්නේ ඇතිවෙන්නේ ලියන්නේ ෆ්ලෆ් ස්ටොරියක්ද එහෙමත් නැත්නම් යථාර්තවදී (රියැලිස්ටික්) කතාවක්ද කියලා ලේඛකයාට තේරුම්බෙරුම් කරගන්න බැරිවුනාමයි. කෙටියෙන්ම කිව්වොත් ගොඩක්වෙලාවට වෙන්නේ රියැලිස්ටික් කතාවක් ලියන්න පටන්අරගෙන දන්නෙම නැතුව සිනිබොල කතාවක් ලියැවෙනඑක.

එහෙම වෙන්නෙඇයි?

මෙන්න මේක තමයි වැදගත්ම ප්‍රශ්නේ!

හිතලා බලන්න- සැබැජිවිතයේ කිසිම කෙනෙක් පරිපූර්ණ නැහැ.... අංගසම්පුර්ණ නැහැ. අපිට ගොඩක් අදරේකරන අම්මලා තාත්තලගෙත් අඩුපඩු වැරදිතියෙනවා නේද? අපේ යාළුවන්ගේ... හොඳටම උගන්වන ගුරුවරුන්ගේ... පන්සලේ හාමුදුරුවන්ගේ... පල්ලියේ පූජකතුමාගේ... අපේ නංගිලා මල්ලිලාගේ... ඔනිතරම් අඩුපාඩු තියෙනවා අපි දකිනවා. අපි ඒවාගැන කතාබහකරනවා.

නිර්මාණාත්මක රචනයට අත්වැලක්Where stories live. Discover now