විස්තර කථනයේ ප්‍රයෝග #2

103 16 5
                                    

පලමු පරිච්චේදයේ ආරම්භයට සහ අවසානයට අවධානය යොමුකරන්න

කතාවක පලවෙනි පරිච්ඡේදය පාඨකයාව ආකර්ශනය කරගන්නා අන්දමේ එකක් වියයුතුයි. මේනිසා ආරම්භය සහ අවසානය පාඨකයාට ඉදිරිපත්කරන ආකාරයගැන සැලකිල්ලක් දැක්වීම වැදගත්. මම කියවලා තියෙන (එෆ්බීඑකේ) ගොඩක් බෝයිලව් නවල් පටන්ගන්නේ... "ජීවීතේ හරියට ගඟක්වගේ... ජීවිතේ හරියට අහසවගේ... ජීවීතේ මේවගේ..." කියලා බ්ලර්බ්එකක් ලියාගෙන. බ්ලර්බ්එකකින් කතාවක් පටන්ගැනීම ඉස්සරකරපු දෙයක්. දැන් බලර්බ්එකකින් කතාව පටන්ගන්නවා කියන්නෙ කතාවේ ඔරිජිනල් ගතිය අඩුවෙනවා කියන එකයි.

මෙහෙමයි... සමහර රීඩර්ස්ලා පලවෙනි කොටසින් එහාට කියවන්නෙම නැහැ. එයාලා බලන්නෙ පලවෙනි කොටස විතරයි. එයාලගේ 'වර්ගයේ' කතාවක් නෙමෙයි කියලා හිතෙනවානම් එතැනින් එහාට කියවන්නෙමනැහැ. ඊලඟ කොටස කියවන්න- දෙවෙනි කොටසට යන්න- නම් බොහොම ප්‍රබල ආරම්භයක් දෙන්නඕනි. මේක පලවෙනි වාක්‍යයෙන්ම කරන්න දක්ශ කතුවරයෙක්ට පුළුවන්.

කොච්චර ලස්සන කතාවක් වුණත් ආරම්භය දියාරු... සිත්ගන්නාසුලු බවක් නැත්නම් ඒක දිගින්දිගට කියවාගෙනයන්න රීඩර් කෙනෙකුට ආසාවක් ඇතිවෙන්නේ නැහැ. නිර්මාණයගැන යම්කිසි ආකාරයක කුතුහලයදක්වන ආකාරයේ ආරම්භයක් පරිච්ඡේදයක මුලට යෙදෙනවානම් පාඨකයාව ඔයාගේ නිර්මාණයට තදින් ඇදගෙන තියාගන්න ඒක හේතුවෙනවා. කුතුහලයදනවන දෙයක්ම අවශ්‍යවන්නේ නැහැ. මේ සඳහා ලේඛකයෙකුට විවිධ උපක්‍රම භාවිතා කරන්න පුළුවන්.

පහතින් දැක්වෙන නවකතා ආරම්භවීම් උදාහරණය ගැන අවධානය පොඩ්ඩක් යොමුකරන්න.

"ඔවුන් පලමුව සුදුජාතික කෙල්ලට වෙඩි තැබුවෝය."

- ටොනී මොරිසන්ගේ පැරඩයිස් කෘතිය-

"හැත්තෑපස්වන ජන්මදිනය සැමරූ මම විශේශ කාර්‍යන් දෙකක් කළෙමි. පළමුවැන්න, මියගිය මා බිරිඳගේ සොහොනවෙත යෑමයි. පසුව මම හමුදාවට බැඳුනෙමි."

නිර්මාණාත්මක රචනයට අත්වැලක්Where stories live. Discover now