𝙲𝚑𝚊𝚙𝚝𝚎𝚛 1

442 89 1
                                    

උගුර ලේ රහ වෙනකන්ම මන් කෑගහලා කාමරෙන් එළියට ආවෙ හිතේ තිබුණු දුක තාමත් කදුලු වෙලා ගලාගෙන යද්දි.

හැමදාම හිස්තැනක් නැතුව ජීවත් වෙන්න උත්සාහ කළත් අන්තිමේදි අනිවාරෙන්ම එක පොඩිම හිස්තැනක් හරි ජීවිතේ හැදෙනවා.

ඒක මාව පණ පිටින් අමු අමුවෙ මරලා දානකොට හැගීම හා සමානයි.

"අබොජි මන් යන්නන්."
මොකුත් නොවුන ගානට කෑම මේසෙ ඉදගෙන හිටිය අබොජිට කියලා මන් මගේ බෑග් එකත් දාගෙන පිට වුණේ මගේම ආදරය හොයාගෙන...

විනාඩි විස්සක විතර ගමනකින් පස්සෙ මන් නැවතුනේ ඉස්කෝලේ ගේට්ටුව ගාව.

වෙනදටත් වඩා අද මන් කලින්...

මොකද එයාව බලන්න ඕනේ කියන දැඩි ආශාව අද මන් තුළ උඩුදුවනවා.

"යුන්ගියා."
ගේට්ටුවෙන් එළියේ මන් රැදිලා හිටියේ මගේ නපුරු පූසා එනකන්.ඒත් එයා ඉයර්ෆෝන් දෙකත් කනේ ගහගෙන ගේට්ටුවෙන් ඇතුලට යද්දි මට කෑගැස්සුනේ මොහොතකට හරි හදවතේ ස්පන්දනය වැඩි වෙද්දි.

"ජිම්නි..මෙතන මොකද්ද කරන්නෙ?"

"මන් ඔයා එනකන් හිටියේ යුන්ගියා"

"හරි මන් ආවනෙ..අපි යමු ක්ලාස් එකට."

මගේ කරට උඩින් අත දාගෙන යුන්ගි මාව එයාගෙ පපුවට තුරුල් කරගනිද්දි මට හිතුණෙම එයාව බදාගන්න.

ඒත් අපි ඉස්සරහ බාධක ගොඩයි යුන්ගි..

"ඔයාගෙ ඇගත් රස්නෙයි ජිමිනි.ඇසුත් රතු වෙලානෙ."

"මන් හොදින් යුන්ගි..ඊයෙ නිදි මැරුවා ඒක නිසා වෙන්න ඇති.."

අදත් මන් බොරුවක් කියලා ප්‍රශ්නේ පාස් කළත් හැමදාමත් මේ දේ කරන්න වෙන්නෙ නෑ කියලා මන් හොදටම දන්නවා.

ඒත් මගේ ආතතිය නිවෙන්නෙ රෑ පුරා නොනිදා කාමරේ ඉදන් මට විතරක් ඇහෙන්නෙ කෑගහන එකෙන් නම් මට ඒ දේ කරන්නම වෙනවා යුන්ගි.

ඒකට ඔයාගේ සෝල්මේට්ට සමාව දෙන්න.

𝐅𝐫𝐨𝐳𝐞𝐧 𝐓𝐞𝐚𝐫𝐬 ; 𝐉𝐢𝐤𝐨𝐨𝐤 𝐱 𝐘𝐨𝐨𝐧𝐦𝐢𝐧 (𝐂𝐨𝐦𝐩𝐥𝐞𝐭𝐞𝐝)Where stories live. Discover now