𝙲𝚑𝚊𝚙𝚝𝚎𝚛 8

209 74 0
                                    

"ජිමින් ඇයි මට රිද්දුවෙ? ඇයි ඔයා ජන්කුක්ට කැමති උනේ"
යුන්ගි මගේ උරහිස්වලින් අල්ලගෙන අහද්දි මන් පුදුම උනේ මොකද්ද මේ වෙන්නෙ කියලා.

"ඔයා හෝසොක්ට ආදරෙයි නන් ඇයි මට් බැරි ජන්කුක්ට කැමති වෙන්න"

"ඒත් මන් හෝසොක්ව අතෑරලා ඔයා ගාවට ආවොත්__"

"මට සමාවෙන්න යුන්ගි..ඒත් ඊයෙ ඉදන් මන් ආදරේ කරන්නෙ ජන්කුක්ටම විතරයි.''

"මට ආදරේ නැද්ද ජිමින්?"

"මන් ආදරෙයි ඒත් යාලුවෙක් හැටියට."

මට යුන්ගිව රිද්දන්න අවශ්‍ය නොවුනත් මගේ වචන හැම එකක්ම යුන්ගිට පිහි තුඩක් වගේ වෙන්න ඇති.

"මන් ඔයාටයි ආදරේ කළේ යුන්ගි..ඒත් ඔයාම නෙවෙයිද අපි අතරට බාධක ගෙනාවෙ?"

"නෑ මට ඕන උනේ ඔයාව.ජන්කුක් ඔයාට ආදරෙ කරද්දී හෝසෝකුත් මන් වෙනුවෙන්ම ඉදිද්දිත් මන් ජීවත් උනේ ඔයා නමින්.ඔයාගෙ නමින්ම විතරයි ජිමින්"

"ඒක වෙන්න බෑ...ඔයා ඇයි එහෙනන් අපි දෙන්නා දුරස් කළේ"

"ඔයා දන්නවද ඊයේ ජන්කුක් හිටියේ හවස මගේ රූම් එකේ..ඔයා එයාට අයි ලව් යූ කියද්දි ඒක මට ඇහුණා.මට හිතුණේ ඒ වෙලාවෙ මගේ ඇස් දෙකත් නොපෙනිලා කන් දෙකත් ඇහෙන්නෙ නැතුව ගියානම් හොදයි කියලා."
යුන්ගි වේදනාවෙන් කෑමොර දෙද්දි මන් ඉකි ගගහා ඇඩුවෙ මොන දේ උනත් දැන් අපි ගොඩක් පරක්කු නිසා.

අපි ළග ඉදන් අපිටම නොදැන්නෙ ආදරේ කරලා ඈතට ගිහින් 'ආදරෙයි ඔයාට ' කියලා කිව්වා.....

𝐅𝐫𝐨𝐳𝐞𝐧 𝐓𝐞𝐚𝐫𝐬 ; 𝐉𝐢𝐤𝐨𝐨𝐤 𝐱 𝐘𝐨𝐨𝐧𝐦𝐢𝐧 (𝐂𝐨𝐦𝐩𝐥𝐞𝐭𝐞𝐝)Where stories live. Discover now