"යෙබුසෙයො"
"කියන්න ජිමිනි.."
"අයි ලව් යූ ජන්කුක්"
ෆෝන් එක ඇදේ කොන්කට විසි කළේ ආයෙත් ෆෝන් එකට එන එක කෝල් එකක්වත් මට ඇහෙන්නෙ නැති වෙන්න.
මන් එයාට ඒක කීවා...
සතුටෙන් නොවුනත් මට තේරුණා යුන්ගි වෙනුවෙන් මගේ ජීවතේ නාස්ති කරගෙන වැඩක් නෑ කියලා.
මටත් ඕනේ හිනාවෙන්න....ආදරේ නිසා....
හැම හමුවීමම කෙලවර වෙන්නෙ හිමිවීමෙන් නොව අවසානෙ
මන් ඇඩුවා...හිතේ පැල්ලම් කදුලු වලින් හේදෙන්න තරම්..
ඒත් යුන්ගිගෙන් හැදුණ හිස්තැන මගේ තුළට වේදනාව ගේන්නෙ දැනුවත් කිරීමක්වත් නැතුවයි.
අවසානයේ මන් මගේ ජීවිතේට සහකායෙක් තෝර ගත්‍තා.
ඒත් ඒ කැමැත්තෙන්ද කියලා ඇහුවොත් මන් ගොලු වේවි.
"ජිමින් පුතේ ජන්කුක් ඇවිත්.මන් එයාව කාමරේට එවන්නද?"
අබොජි දොරට තට්ටු කරලා අහද්දි මන් කදුලු පිහගත්තේ අනිවාරෙන්ම ජන්කුක් එන්න ඇත්තේ මොකද්ද උනේ කියලා හරියට දැනගන්න වෙන්න ඇති නිසා."කාමරේට එන්න කියන්න අබොජි"
තත්පර ගානකින් ජන්කුක් කාමරේට ඇවිත් මාව බදාගනිද්දි මන් ආපිට ආපහු එයාව බදා ගත්තෙ මගෙ කදුලු පාරවල් ආයෙත් අලුතෙන් ගලද්දි .
"මැණික...ඔයා ඇත්තටමද ඒක කීවෙ?"
"ඔව් කුකි..මන් ඔයාට ආදරෙයි.කරුණාකරල මාව තනි කරන්න එපා."
"නෑ ජිමිනි...මගෙ ජීවිතේ ඔයා නමින්ම විතරයි."
ජන්කුක්ගේ සැහැල්ලු වචන මගේ හිතේ බර නිදහස් කරද්දී මගේ ඇස් දීවෙ එයාගෙ තොල් වලට.මොහොතක්වත් පරක්කු නොකර මන් එයාගෙ තොල් මගේ අතරට ගනිද්දී ජන්කුක් හාදුවට ප්‍රතිචාරය දුන්නෙ මාව බ්ත්තියට හේත්තු කරලා.
මගෙ ඇස් පිය උනත් මට මතක් උනේ යුන්ගිව.මගේ පලවෙනි හාදුව දෙන්න ඕන උනේ යුන්ගිට උනත් අද ඒ හාදුවෙ අයිතිකාරයා ජන්කුක්.
"මන් ආදරෙයි මෝචි"
ජන්කුක් හාදුව අවසන් කරලා මගේ නළලට එයාගෙ නළල තියලා කීවත් මට ආයෙත් ඇඩුණේ ඉස්සෙල්ලාම මෝචි කියන නමින් මාව ආමන්ත්‍රණය කළේ යුන්ගි නිසා.ඒත් ඒ හැමදේකම අයිතිකාරයා අද ඉදන් ජන්කුක්.
YOU ARE READING
𝐅𝐫𝐨𝐳𝐞𝐧 𝐓𝐞𝐚𝐫𝐬 ; 𝐉𝐢𝐤𝐨𝐨𝐤 𝐱 𝐘𝐨𝐨𝐧𝐦𝐢𝐧 (𝐂𝐨𝐦𝐩𝐥𝐞𝐭𝐞𝐝)
Fanfiction~හැම හමුවීමම කෙළවර වෙන්නෙ හිමිවීමෙන් නොව අවසානෙ~ 𝚃𝚑𝚒𝚜 𝚒𝚜 𝚖𝚢 𝚏𝚒𝚛𝚜𝚝 𝚈𝙾𝙾𝙽𝙼𝙸𝙽 𝚊𝚗𝚍 𝚂𝙾𝙿𝙴 𝚜𝚝𝚘𝚛𝚢... 𝙷𝚘𝚙𝚎 𝚞 𝚠𝚒𝚕𝚕 𝚎𝚗𝚓𝚘𝚢 𝚝𝚑𝚒𝚜. Fiction by : Kim_Chim_Joonie