𝙲𝚑𝚊𝚙𝚝𝚎𝚛 4

225 75 1
                                    

මේ ගෙවෙන්නෙ අපි ඉස්කෝලෙ ගෙවන අවසාන සතිය.
ඒ කියන්නෙ හරියට තව සතියකින් මන් මේ හැමදේම අතෑරලා පැනලා යන කාලය.

මන් ජන්කුක්ගෙන් වෙන් වෙලා ආයෙත් ක්ලාස් එකට ගියේ මගේ හිස් හිතට පොඩිම හරි විවේකයක් දෙන්න.

ඒත් යුන්ගි වගේම හෝසොකුත් ඈත බංකුව ඉදගෙන ඉන්නවා මට පෙනෙද්දි මන් අහක බලාගත්තේ වේදනාවෙන් මගෙ හිත දෙදුරුම් කද්දි.

එක පැත්තකින් ජන්කුක් මට මුලු මන්දාකිණියක් තරම් ආදරේ කරද්දී මන් තාමත් හෙව්වෙ යුන්ගිව මගේ කරගන්න පුලුවන් විදිහක්.ඒ අතින් මන් තරම් ආත්මාර්ථකාමියෙක් මේ ලෝකෙ කොහෙවත් නැතුව ඇති.

ඒත් හෝසොක් එක්ක එයා එයාගේ කලාතුරකින් වෙන හිනාව හුවමාරු කරගනිද්දි මාව කඩන් වැටෙනවා.

ඒත් ඔයා කියනවා වගේ අපි සෝල්මේට්ස්ලා විතරයි නම්...මන් කොහොමද ඔය හිනාව මට විතරක් දෙන්න කියලා නීති දාන්නෙ.

මන් යුන්ගිව දැක්කෙ මීට අවුරුදු දෙක හමාරකට කලින්.එයාගෙ තොල් දැක්ක ගමන් මට හිතුණේ ඒවා පිරිමදින්න.ඒ වගේම ඒ වගෙ පාට මාව අලුත් පාරාදීසයකට ඇරගෙන ගියා.කලාතුරකින් මූණට ගේන හිනාව එයාව කුමාරයෙක් වගේ හැඩ කළා.

ඒත් අවසානයේ අපි නැවතුණේ සෝල්මේට් කියන නැවතුම ගාවදි.

ඔයාට හෝසොක් ලැබෙනකොට මට ලැබුණේ ජන්කුක්ව.

ඔයා හෝසොක්ව ඔයාගෙ ජීවිතේ කරගනිද්දි මමත් ජීවිතේ කරගත්තෙ ඔයාව යුන්ගි.

මන් කොච්චර උත්සාහ කළත් මට බෑ ඔයාගේ තැන වෙන කාටවත් දෙන්න.අඩුම මන් ගැන තාත්තෙක් වගේ හොයලා බලන ජන්කුක්ටවත්.

මන් පරක්කුයි යුන්ගි....සමහරවිට ඔයාව දැකපු දවසෙම 'මගේ වෙන්න පුලුවන්ද?' කියලා මම ඔයාගෙන් ඇහුවනන් මෙහෙම නොවෙන්න තිබුණා.

තවත් දවස් කීපෙකින් මන් මගේම පාරක යද්දි ඔයා හෝසොක් එක්ක එකතු වෙලා වෙනම ගමනක් යාවි.

𝐅𝐫𝐨𝐳𝐞𝐧 𝐓𝐞𝐚𝐫𝐬 ; 𝐉𝐢𝐤𝐨𝐨𝐤 𝐱 𝐘𝐨𝐨𝐧𝐦𝐢𝐧 (𝐂𝐨𝐦𝐩𝐥𝐞𝐭𝐞𝐝)Where stories live. Discover now