𝙲𝚑𝚊𝚙𝚝𝚎𝚛 2

266 83 0
                                    

"හෝසොක් බලන්නකො මෙයාගෙ ඇගත් රස්නෙයි."
යුන්ගි ක්ලාස් එකේ හිටිය හෝසොක් ගාවින් මාව ඉන්දෙව්වෙ ටිකෙන් ටික මගේ පියවි සිහිය අන්තයට බහිද්දි.

"ජිමින් ආ යූ ඕකේ?"
හෝසොක් මගෙ නළලට අත තියලා අහද්දි මන් ඔලුව හෙලෙව්වෙ තියෙන වේදනාව කියන්න තාමත් මන් නමක් නොදන්න නිසා.

"මන් හොදින් යුන්ගියා..මගෙ මෝඩයො මට මොකුත් ප්‍රශ්නයක් නෑ" කියලා මට කෑගහලා යුන්ගිට කියන්න ඕන වුනත් තවදුරට මට මගේ කට හොලවන්න පුලුවන්කමක් දැනුනේ නෑ.

පපුව පටන් ගත්ත වේදනාවකින් ඔලුව පුපුරන්න තරම් රිදුම් දෙද්දි මන් එහෙම්ම ඇස් පියා ගත්තේ හෝසොක්ගේ උරහිසට හේත්තු වෙලා.

ඒත් තවදුරටත් මගේ ඇස්වත් මට අවනත නොවෙද්දි මාව නින්දකට වැටුණේ යුන්ගිගේ වගේම හෝසොක්ගේ කෑගැහිල්ල කෙදිරියක් වගේ මගේ කන් දෙක පුරා රැව් දෙද්දි.

"ජිමිනි...ඇස් අරින්න පැටියො.."

"මෝචි ඇස් අරින්න මැණික..ඔයාගෙ යුන්ගිට බය හිතෙනවා"

"අනේ රත්තරනෙ ඇස් අරින්න.."

යුන්ගිගේ වේදනාත්මක කටහඩ මට හෙමින් ඇහුනත් මන් හිටියේ හීන ලෝකෙක.යුන්ගිගෙයි මගෙයි හීනෙ ලෝකෙ.

එයයි මායි හිටියේ ගොඩක් තදින් අපේ අත් අල්ලගෙන.මන් විශ්වාස කළේම අපේ අත් මොනවහරි තද දේකින් බැදිලා කියලා.ඒත් යුන්ගි එයාගෙ උපරිම වීර්යයෙනුයි මගේ අත අල්ලන් හිටියේ.හරියට කවුරුහරි අපිව වෙන් කරයි වගේ.ඒ වගේම අපි දෙන්නා හිටිය මල් යායට ඈතින් ජන්කුක් වගේම හෝසොකුත් මතු වෙද්දි ඉඹේම යුන්ගි මගෙ අත අතෑරියා.එයා මගේ දිහා බලලා ඇස්වලින් සමාව ඉල්ලුවා.ඒත් ඒ ඇස්වල තිබුණේ දුක.හෝසොක් වගේම ජන්කුක් අපි දෙන්නා දිහා බලලා හිනා වෙද්දි යුන්ගි දුවගෙන ගිහින් හෝසොක්ව බදාගත්තේ ජන්කුක් ඊට නොදෙවනි වේගෙකින් ඇවිත් මාව බදාගන්න අතරෙයි.ඒත් මගෙ ඇස් තිබුණේ යුන්ගි ගාව.ඒ වගේම හිතත්.

"ජිමින්ට සිහිය ඇවිත්."
මගේ ඇස්වලට ආයෙත් පණක් ලැබෙද්දි හෝසොක්ගේ කටහඩ මන් ගාවින් ඇහුණා.

"ජිමිනි...මොකද්ද උනේ දෙයියනේ..මන් හොදටම බය වුනා.."
යුන්ගි දුවගෙන ඇවිත් බදාගනිද්දි මට මතක් උනේ මගේ හීනෙ..එයා හෝසොක්ව බදාගත්ත විදිහ.

"මට මොකද්ද උනේ යුන්ගි..ඇයි මන් මේ සික් රූම් එකේ?"
මන් වටපිට බලලා යුන්ගිගෙන් අහද්දි යුන්ගි මොකුත් නෑ කියන්න වගේ ඔලුව හෙලෙව්වෙ ඇස්වල කදුලු පුරවගෙන.

'එයා අඩනවද මේ මෝඩ මන් නිසා.ප්ලීස් අඩන්න එපා මගෙ පණ'
මන් හිතෙන් මිමිනුවත් ඒ වෙනකොටත් හෝසොක් එයාගේ කදුලු පිහදාලා ඉවරයි.

𝐅𝐫𝐨𝐳𝐞𝐧 𝐓𝐞𝐚𝐫𝐬 ; 𝐉𝐢𝐤𝐨𝐨𝐤 𝐱 𝐘𝐨𝐨𝐧𝐦𝐢𝐧 (𝐂𝐨𝐦𝐩𝐥𝐞𝐭𝐞𝐝)Where stories live. Discover now