𝙲𝚑𝚊𝚙𝚝𝚎𝚛 3

226 76 1
                                    

"බබා ඔයාට මොකද්ද උනේ?"
මන් ඇදෙන් බහින්න හදද්දිම ජන්කුක් ඇවිත් මාව බදාගත්තේ ලොකු උණුහුමක් මට ගේන ගමන්.

"එයා ෆේන්ට් උනා ජන්කුකා"
යුන්ගි අත් දෙකත් බැදගෙන කියද්දි ජන්කුක් මගෙ ඔලුව අතගෑවා.හරියට තාත්තෙක් වගේ.

"සමාවෙන්න ජිමිනි...මට දැනුයි මේක ආරංචි උනේ..ඔයා කෑවෙ නැද්ද?අපි මොනවහරි කාලා ඉමු."
ජන්කුක්ගේ බල කිරීමත් එක්ක මන් ජන්කුක් එක්ක කැන්ටින් එකට ගියේ යුන්ගිගේ වේදනාවෙන් දැවෙන ඇස් දිහා බලාගෙන.

ඒත් මට මේක කරන්නම වෙනවා යුන්ගි....

"මොනාද කන්න ආස?කියන්නකො බබා"
ජන්කුක් මාව පුටුවකින් ඉන්දවලා අහද්දි මන් තාමත් හිටියේ ගොලු වෙලා.

"ම මට බර්ගර් එකක්."
මන් මිමිණුවත් ඒක ජන්කුක්ට ඇහුණා.

"හරි මන් ගේන්නන්.ඔයා මෙතන ඉන්න බබා."

ජන්කුක් මන් ගැන බලාපොරොත්තු ගොඩක් හිතේ තියාගෙන ඉන්න කෙනෙක්.
මට එයාව අතාරින්න බෑ.මොකද එයා තරම් මන් ගැන හොයලා බලන කෙනෙක් තාමත් නැති නිසා.

ඒත් යුන්ගි....'අපි සෝල්මේට්ස්ලා ජිමිනි' කියලා හැමදාමත් අපි අතරට බාධක දානවා.

ඒකෙන් මට රිදෙනවා යුන්ගි...

"ආ මෙන්න බර්ගර් එකක්..මන් මිල්ක් ශේක් එකකුත් ගෙනාවා ඔයාට"
ජන්කුක් ඇවිත් මගෙ ඉස්සරහින් ඉදගනිද්දි මගෙ ඇස් එයාගේ ඇස් ගාවට දුවගෙන ගියා.

"ඇයි මන් ගැන මෙච්චර කෙයාරින් කරන්නෙ කුකී?"
මගේ ඇගේ තිබුණු හැම ශක්තියක්ම එකට කරලා අහද්දි එයාගේ හීනී ඇගිලි මගෙ කම්මුල් ස්පර්ශය කළා.

ඒ හැගිම මට ජීවත් වෙන්න ආසාවක් ඇති කරනවා.

"මන් ඔයාට ආදරෙයි ජිමිනි..මන් පොරොන්න්දු වෙනවා කොයිම මොහොතකවත් ඔයාව දාලා යන්නෙ නෑ කියලා."
මගෙ ඇස්වලට ආයෙත් කදුලු ඉනුවා.

මන් හරිම පව්කාරයෙක් ජන්කුක්.

ඔයා වගේ අය මේ ලෝකෙ නෑ ජන්කුක්...ඒත් මගෙ හිත ඔයාට දෙන්න පුලුවන්ද යුන්ගි තාමත් මගෙ ඇස් ඉස්සරහ ඉදිද්දි.

𝐅𝐫𝐨𝐳𝐞𝐧 𝐓𝐞𝐚𝐫𝐬 ; 𝐉𝐢𝐤𝐨𝐨𝐤 𝐱 𝐘𝐨𝐨𝐧𝐦𝐢𝐧 (𝐂𝐨𝐦𝐩𝐥𝐞𝐭𝐞𝐝)Where stories live. Discover now