වස්සාන සුළඟ 03

574 83 27
                                    

වස්සාන සුළඟ

තෙවන සුළං රැල්ළ....

උදේම මං ඇහැරුනේ කවුරු හරි මගෙ ඔලුව අතගානවා දැනිලා.මං ඇස් ඇරලා බලද්දි මතීශ අයියා.මං ඇහැරිලා කියලා දැක්ක ගමන් ඉක්මනින් මගෙන් ඈත් උණා..

"මං...මං මේ ඔයාගෙ කොන්ඩෙ මොනාද තිබ්බා ගෑවිලා..ඒවා අයින් කලේ "

" seriously 🤨 "

මං පොඩ්ඩක් ඇස් පොඩි කරලා අයියා දිහා බලලා අහද්දි එයාගෙ මූන හොඳටම රතු උණා..

" ම...ම...මල්ලි...ඇයි ඔයා...ඔ...ඔහොම බලන්නෙ 😶 "

" කොන්ඩෙ මොනාදෝ තිබ්බා 🤨 ඇත්තටම "

" ඔ...ඔව්...ම...ම...මං මොකද බොරු කියන්නෙ 😶 "

එහෙම කියද්දි,මං පැනපු ගමන් අයියගෙ පපුවට අයෙත් තුරුල් උණා.මං ඒ කලේ මොකද්ද කියලා තේරුණේ නෑ.ඒත් මට ඒ වෙලාවෙ හිතුණු දේ කලා.අයියා මාව එයාට තවත් ලං කරගත්තා.එයා පුදුම වෙලා වගේ මං දිහා බලන් ඉන්නවා.මං පපුවෙ ගුලිවෙලා ඉද්දිම උඩට හැරිලා අයියගෙ මූන දිහා බලන් හිනා උනා

"අයියේ...thank you! "

" ඒ මොකද... "

" ඊයෙ බයවෙලා ඉද්දි මට ඒ බය නැතිවෙන්න ආරක්ශාව දුන්නට "

" ඒක්ට තෑන්ක් කරන්න ඕනි නෑනෙ මල්ලි "

" ඒත්,ඔයා හිටියෙ නැත්නම් මං බයේ මොනාහරි වෙලා ඉඳියි..."

" හරි හරි,ඔයාට ඕනි වෙලාවක මං ඔයා එක්ක ඉන්නවා.ඕනි දෙයක් මා එක්ක කියන්න "

" හ්ම්ම් හා 🥰 "

" ඒක නෙවේ,මං මල්ලිගෙ නමවත් දන්නෑනෙ හරියට ?"

" නිශේන් "

"නිශේන් විතරද ? "

" නිශේන් හිමංස දිසානායක "

" හිමංස 🥰 ඒක ලස්සනයි "

" ඔයාගෙ නම ? "

" මතීශ සඳකැන් රන්දෙනිය "

" 🤭🤭 සඳකැන්, ඒක ලස්සනයි..."

" ඒ උනාට බබා පාට් එක ඒ කෑල්ලෙ "

" නෑ "

" ඔව්.."

"නෑ"

" ඔව්ව් "

" නෑ කිව්වනෙ "

" ඔව් කිව්වනෙ "

"😑😑 "

වස්සාන සුළඟ 🌧️🌩️☔ ( Completed )Where stories live. Discover now