වස්සාන සුළඟ 14

249 39 12
                                    

වස්සාන සුළඟ
14වන සුළං රැල්ළ

කොහෙද මේ යන්නෙ "

" කට පියන් එනවා යන්න.."

" කොහෙද කියනවද මට.මට ඔයා එක්ක රස්තියාදුවෙ යන්න ඕනි නෑ මේ වෙලාවෙ.සුදු අයියට සැකයක් හිතෙන්නෙ නැතිවෙන්න ඕනි නිසයි එයාට පේන්න හරි ඔයා එක්ක හිටියෙ රෑ ඉඳන්.."

"කට පියන් එනවා.ඇති කියවිල්ල ඔය.."
"හෙලෝ කොහෙද ඉන්නෙ ඔයා "
" අහ් හරි මං මේ එන ගමන්.ඔතනම ඉන්න.විනාඩියෙන් ඔතන මං "

අයියා කාටහරි කෝල් එකෙන් කතා කළ අතර ඒ කෙනත් මේ ලඟම ඇති බවට අනුමාන කලේ විනාඩියකින් යෑමට තරම් දුර නොවිය යුතු නිසාවෙනි.සිදුවන්නෙ කුමක්ද කියා සිතාගත නොහැකිව මා බලා සිටියේ හිතේ ප්‍රශ්නාර්ථයක් සමඟ....

ටික වෙලාවක් ගිහින් වල ලඟ බයික් එක නවත්තලා පහළට ආවා.ඒ එනකොට එතන ටිකක් එහයින් තිබ්බ බංකුවක ගෑනු ලමයෙක් වාඩිවී සිටි අතර ඒ සිටියේ වෙන කවුරුත් නොව මතීශ අයියා කලින් ආදර්‍ර කරපු ගැනු ළමයා.ෆොටෝ වලට වඩා වෙනස් නොවු නිසා හඳුනා ගැනීම අපහසු නොවීය...

"එන්න මතීශ."

" ගොඩක් වෙලාද ඔයා ඇවිත් දුශේනි ?"

"නෑ දැන් ටිකක් වෙලා.කියන්නකො මොකද දැන් උනේ "

"චූටි මෙහාට එන්න..."

මට එතනට යන්න උවමනාවක් නොවුණත් , මෙතැනත් රණ්ඩු වීමට මා හට උවමනාවක් නොතිබූ නිසා මා ඔවුන් අසලට ගියෙමි

"මං ඔයාට ඊයෙ කීවනෙ දුශේනි වෙච්ච දේ.ඒක තමයි දැන් තියෙන ප්‍රශ්නෙ.මෙයා කොච්චර කීවත් මට පැහැදිළි කරන්නවත් දෙන්නෙ නෑ "

" මල්ලි මෙහාට එන්නකො.ඔයා දන්නවනෙ මං මතීශගෙ ex girlfriend.දැන් අපෙ affair එක නතර කරලා අවුරුද්දකටත් වැඩියි.ඔයා ඔය දැකපු ෆොටෝස් මීට අවුරුදු එක හමාරකට විතර කලින් ගත්තු ෆොටෝස් වගයක්.මං දන්නෑ මතීශ ඒව තවම තියන් ඉන්නෙ ඇයි කියලා.සමහර විට ඒව මකන්න බැරිවෙන්න ඇති.අපි අතරේ දැන් කිසිම සම්බන්ධයක් නෑ.ඒත් අපි යාලුවො වගේ ඉන්නවා අදටත්.අනිත් එක මල්ලි,මං දැන් එන්ගේජ් වෙලා ඉන්නෙ.ඒ නිසා අයියා එක්ක රණ්ඩු කරන්නෙපා.අයියට ඔයා වගේ ලස්සන කෙනෙක් ඉද්දි එයා අය වෙන අය හොයන්නෙ මොකටද.අනිත් එක මතීශ මට ඔයා එක්ක relationship එකක් පටන් අරගත්තා කියලා කිව්වෙ මුල් කාලෙදිමයි.මට ගොඩක් සතුටුයි ඔය දෙන්නා එකතු වුණ එක ගැන.මතීශ එක්ක තිබ්බ relationship එක නවතින්න හේතුවක් තමයි,එයා වෙනස් කෙනෙක්.මට ඒක තේරුණාට,මතීශට ඒක තේරුම් ගන්න කාලයක් ගියා.මං හිතනවා එදා මං ගත්තු තීරණේ 100%ක්ම හරි.දැන් එයාට ගැලපෙනම කෙනා හම්බවෙලා ඉන්නෙ.ඉතින් ඔය දෙන්නා සතුටින් ඉන්න.අයියව සැක කරන්න එපා.එයා ඔයාට ගොඩක් ආදරෙයි.ලෙක්චර්ස් අස්සෙත් ඔයා ගැන කියවනන්නෙ.ඒ නිසා ඔයා ඒ ගැන ඩවුට් තියාගන්න එපා හරිද "

වස්සාන සුළඟ 🌧️🌩️☔ ( Completed )Where stories live. Discover now