වස්සාන සුළඟ 19

210 25 7
                                    

වස්සාන සුළඟ
19 වන දිගහැරුම...

"හරිද චූටි...ලෑස්තිවෙලාද ඉන්නෙ "

" ඔව් අයියේ.එන්න ඔයා "

" හරි මැණික මං එන්නම් "

මතීෂ අයියා හවස 3ට විතර මාව ගන්න ආවෙ නෙල්ලිගල යන්න.ජීවිතේ තිබ්බ තවත් එක ආශාවක් තමයි,ඉර බහින වෙලාවක නෙල්ලිගල යන එක.අයියා ඒක හිත කියවලා වගේ ඊයෙ යං කියපු වෙලාවෙ ඉඳන් මං හිටියෙ නොඉවසිල්ලෙන්.අයියා බයික් එක අරන් ගෙදර ලඟට ආවට පස්සෙ මායි සුදු අයියයි තව එයාලගෙ යාලුවො තුන් දෙනෙකුයි ගමනට පිටත් වුණා.මායි මතීෂ අයියයි එයාගෙ බයික් එකෙත් සුදු අයියගෙ බයික් එකේ එයයි තව යාලුවෙකුයි අනිත් දෙන්නා තව බයික් එක්කයි තමා ගියේ...

"හෝ...හෝව්ව්....නවත්තන්න "

" මොකෝ 😒 මොනාද වැටුනෙ..."

"ඇට දෙක වැටෙන්නැයි අනේ😒 නවත්තන්න කිව්වේ මෙතන වීව් එක ලස්සන නිසා.යන එනකොට දැක්කට නවත්තලා ඉන්න වෙලාවක් අහුවුණේ නෑනෙ.."

"මැට්ටා😒 මං හිතුවා ෆෝන් එකවත් වැටුනද කියලා.එනකන් වීඩියෝ කර කරනෙ ආවේ😒 "

" නැහැ අනේ😒 මෙතන ෆොටෝ ටිකක් ගමු අයියේ..."

මං හෙල්මට් එක ගලවන ගමන් 18 වංගුවේ වීව් පොයින්ට් එකක් ලඟින් බැස්සා.ඇත්තටම මාර ලස්සනයි.පහළ ඔක්කොම පෙනුනෙ නිකන් පාරාදීසයක් වගේ.කන්ද පාමුළ වළාකුලු වලින් වැසී තිබූ නිසා ඒ ලස්සන තවත් ඉස්මතු වුණා.සැන්දෑ සමයේ හමාගෙන ආ සීතල සුළඟත් සමඟ එතන මොහොතකට දැනුන සැනසීම මහමෙරක්.ඒ ෆීලින්ග් එක ඇත්තටම විඳින්න ඕනි.මමයි අයියයි එතන ඉඳන් ෆොටෝ ටිකකුයි වීඩියෝස් ටිකකුයි අරගත්තා...

"මතියා මොකෝ...ටයර් එකවත් ගියාද "

" නෑ නෑ...උඹගෙ මලයගෙ ටයර් පන්ච් එකක්...ෆොටො ටිකක් ගහගන්න ඕනි කිව්වෙ "

"අහ් ගත්තද දැන් "

"අනේ ගත්තෙ සෙල්ෆී සුදු අයියේ.බැහැලා එනවාකො.ෆොටෝ ටිකක් අරන් දෙනෝ අපෙ "

"අනේ උඹත් 😒 කෝ දෙනවා ෆෝන් එක"
"ඔය ඉතින් ටිකක් ලං වෙයන්.යකෝ කපල් එක නේද..."

එහෙම කියපු නිසාම මතීෂ අයියා මාව ලඟට ඇදලා අරන් ලිප් කිස් එකක් දුන්නා.මාත් අත බෙල්ල වටේ යවලා එයාට ළං වුණා...

වස්සාන සුළඟ 🌧️🌩️☔ ( Completed )Where stories live. Discover now