වස්සාන සුළඟ
23වන සුළං රැල්ලඋදේම නැගිටලා වොශ් එකක් දාගෙන ලෑස්ති වුණේ මාළිගාවට යන්න.හිත කලබල වුණ හැම වෙලාවකම පොඩිහරි සැනසීමක් දැනෙන එකම තැන ඒ.ඊයෙම යන්න හිතන් හිටියත් වෙලාවක් තිබ්බෙ නැති නිසා උදේ තේවවාට යන්න ඕනි කියලා හිතුණා.
"සුදූ.මොකද මේ.කොහේ යන්න ද "
"මාළිගාවට යන්න "
" තනියෙන් ? ඇයි මට කිව්වෙ නැත්තෙ "
" අයියා නිදාගෙනනෙ හිටියෙ.ඇහැරවන්න හිතුණෙ නෑ ඒ නිසා "
" පිස්සුනෙ තියෙන්නෙ.ඔහොම ඉන්නවා මං ඉක්මනට රෙඩි වෙනකම් "
"ඔයා යාලුවො එක්ක ඉන්න.නැත්තන් ඒක හරි නෑනෙ."
" මුන් නැගිටිද්දි 8ටවත් වෙයි.ඒ වෙද්දි දෙපාරක් ගිහින් ආවැකි.ඉන්නවා වොශ් එකක් දාන් එන්නම් ඉක්මනට "
මං ලෑස්ති වෙලා යන්න හදද්දිම සුදු අයියට ඇහැරිලා එයත් එනවා කියපු නිසා,එයා ලෑස්ති වෙනකම් ඉඳලා අයියා එක්කම බයික් එකේ මාළිගාවට ගියා.වෙලාව උදේ 5.45 ට විතර වුණත් ඒ වෙලාවෙත් මිනිස්සු සාමාන්‍ය තරමින් මාළිගාවට ඇවිත් තිබුණා.මං මල් කඩේකින් නිල්මානෙල් වට්ටියක් අරගෙන අයියත් එක්ක මාළිගාවට ඇතුල් වුණා.හේවිසි හඬ මැදින් සුදු වතින් සැරසුණු බොහෝ දෙනා උඩමහලේ රැඳී සිටියා.මමයි අයියයි දෙන්නා අරන් ආව මල් ටික කඩදාසි වට්ටියෙන් මල් ආසනේ තැන්පත් කරලා,බිම වාඩිවෙලා දළදා වහන්සේ වැඳ ගත්තා.ඇස් දෙක පියාගෙන මං මතක් කලේ ඊයෙ අයියා හොස්පිට්ල් එකේ ඇඳේ හිටපු විදිහ.ඒ හැම දේම මතක් කරලා ප්‍රාර්ථනා කලේ අයියට ඉක්මනට සනීපවෙන්න කියලා විතරයි.එයාට කිසිම කරදරයක් වෙන්න එපා කියන සිතුවිල්ල විතරමයි ඒ වෙලාවෙ මගෙ හිතේ තිබුණේ.ටික වෙලාවක් එතන වාඩිවෙලා හිටපු අයියයි මායි දෙන්නා පඩිපෙළ බැහැගෙන පහළට ඇවිත් මාළිගාවෙන් එළියට ආවා.උදේ 6ට patients ලා බලන්න දෙන නිසා ඒ යන ගමන්ම අපි දෙන්නම හොස්පිට්ල් එකට ගියා.ඒ යද්දිත් අයියගෙ අම්මා ඇවිත් හිටිය අතර,ලඟ නැවතිලා හිටපු අයියත් එතන හිටියා.අපි දෙන්නා දැකපු ගමන් අයියගෙ අම්මා අපි දෙන්නා ළඟට ආවා...
YOU ARE READING
වස්සාන සුළඟ 🌧️🌩️☔ ( Completed )
Romanceකිසිදා හිමි නොවුනත් නුඹ හා රැඳි මතක මං පෙත් ඔස්සේ නුඹවම සොයමින් ඇවිදින්නට තරම් නුඹ ලස්සන මිරිඟුවක් මා හට පමණක් උරුම නොවූ....🥀🥀