වස්සාන සුළඟ 13

268 45 29
                                    

වස්සාන සුළඟ
13වන සුළං රැල්ළ

මං දැකපු දේවල් කිසිවක් අයියගෙන් ඇහුවෙ නැ.ඒ දේවල් ගැන අහන්න මේ වෙලාව නෙවේ කියල හිතුණ නිසා කිසිවක් නොවුණ ගානට කලින් වගේම හිටියා.මං ලෑස්ති වෙලා අයියා එක්ක බයික් එකේ වල ලඟට ගියා.ලයිට්ස් දාලා වල ලඟ ඕනි විදිහට ලස්සනට හදලා තිබ්බා.කැම්පස් ලමයිගෙන් වලේ බාගයක් විතරම පිරිලා තිබ්බා.මං අයියා ලඟින්ම වාඩිවෙලා ඈත තිබ්බ විදුලි පහන් ආලෝකය දිහා බලන් කල්පනාවකට වැටුණා.ටිකක් වෙලා යද්දි නාට්‍යවලට අනුව ඇඳුම් වලින් හැඩවුණු ළමයි පැමිණ වලේ පහළ වූ වේදිකාවෙ ඔවුන්ගෙ නාට්‍ය රඟ දක්වන්න වුණා.ගත මෙතැන තිබණද සිත වෙනතක තිබූ නිසා මා ඒ මොහොතේ සිටියේ හරි සිහියකින්නම් නොවේ.හෝරා හතරකට පමණ පසුව සියල්ල අවසන් වූ අතර මා අයියා සමඟ නැව්ත බෝඩිමට ආවා.හිතේ තිබෙන දේ නිදාගැනීමට පෙර නිරවුල් කරගතයුතු යැයි මගෙ සිත මට කියන්නට වුණු නිසා අයියා ඇඳට එනතුරු ඇදමතට වී බලා සිටියා.හෙට දින කුමක් වේදැයි මගෙ සිත නිරන්තයෙන් ප්‍රශ්න ඇසූ අතර මා එහි විත්ති කරුවෙක් මෙන් සිරවී අතරමං වන්නට වුණා...

ආදරේ හරි පුදුමයි.එක නිමේශයකින් හැමදේම වෙනස් වෙනවා.හීන ඔක්කොම බිඳිලා සුණු විසුණු වෙලා යනවා.අපි මවාගත්තු ලෝකවල අපි අතරමං වෙනවා.අපිම තෝරගත්තු මාවත් නිසා අපෙ ජීවිත අතරමං වෙනවා.ඉතින් හැමදේකදිම ගණුදෙනු කරද්දි අපි පරිස්සම් වෙන්න ඕනි.ඔක්කොටම වඩා හිත් එක්ක ගණුදෙනු කරද්දි ගොඩක් පරිස්සම් වෙන්න ඕනි.අපි දකින දේවල් වලට එහා ගොඩක් දේවල් අපි නොදැන තියෙන්න පුලුවන්...

"අයියේ "

" ඕ චූටි "

" මට ඔයාගෙන් අහන්න දෙයක් තියේ "

" මොකක් ද චූටි ?"

"ඉන්නකො ටිකක් "

මං ෆෝන් එක අරන් කොපි ගරගත්ත ෆෝල්ඩර් එක අයියට පෙන්නුවා..

" ඔ...ඔ..ඔයාට කොහෙන්ද මේවා ? "

"මට කොහෙන්ද කියන එක නෙවෙ ප්‍රශ්නෙ මෙතන.කවුද මේ ? "

" ඒ මගෙ ex "

" ex? එතකොට මේ ෆොටෝ වල date එක කොහොමද මාසෙකට කලින් උණේ ? "

වස්සාන සුළඟ 🌧️🌩️☔ ( Completed )Where stories live. Discover now