වස්සාන සුළඟ 18

217 27 7
                                    

වස්සාන සුළඟ
18වන සුළං රැල්ළ

(Attention before read this chapter -: 200%ක් adults only 😌 so podi babala කියවලා කලන්තෙ දාන්න එහෙම එපා )

දවස් ගෙවිලා ගිහින් අවුරුදු දවසත් උදා උණා.ගේ පුරාම රසකැවිලි හා ඉදුණු කෙසෙල් සුවඳ මුසුවී අවුරුදු සුවඳ පැතිරෙන්නට උණා.අවටින් ඇසුණු රතිඤ්ඤා ශබ්දයද,කොවුල් රාවයද රබන් සුරල් රාවයද අවුරුදු සිරිය දසත පතුරන්නට වුණා...

සියලුම දෑ නැකැත් වලට අනුව සිද්ද වෙන අතරේ ගෙදර පුරාවම සැමදෙනාගේ සිනාරැල් වලින් පිරී යන්නට විය..

"සුබ අලුත් අවුරුද්දක් වේවා මගෙ චූටි මැණික "

" ඔයයත් සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා මගෙ අයියේ "

" මොකද කරන්නෙ චූටි..."

" ඉන්නවා ඉඳගෙන,ඒක නෙවේ එන්නැද්ද ඔයා "

" එනවා එනවා.ආහාර අනුභවය පහු උන ගමන්ම එනවා."

" මං බලන් ඉන්නවා හොඳේ "

අයියා අවුරුදු උදාවත් එක්කම කෝල් එකක් අරන් සුබ පතන්නට වුණා.ඇත්තටම මං බලන් සිටියේද ඔහුගෙන් ඇමතුමක් එනතුරුය...

අවුරුදු චාරිත්‍රද එකින් එක අවසන් වී ආහාර අනුභව නැකතත් උදාවන්නට විය.ලොකු අම්මා හා අම්මා දඩිබිඩියේ කිරිබත් එක මේසෙන් ගෙනත් තැබු අතර මා ද අනෙක් කැවිලිපෙවිලි ගෙනැවිත් තැබුවෙමි.නැකතට ලොකු අම්මා කිරිබත් කැටයක් ගෙන අපි හැමෝටම කැව්වාය.ඉන් පසු හැමෝම කෑම කන්නට වූ අතර හෝරාවකට පමණ පසු අයියාද පැමිණියේය.හැමෝටම සුබපැතුම් එක්කල ඔහු මාවත් ඇදගෙන එළියෙ වූ බංකුව වෙත ඇදුණි.

" චූටි "

" අයියේ "

" මේහ්...මට ඔයා එක්ක ටිකක් තනියෙන් ඉන්න ඕනි "

" ම්ම්ම් යං කොහෙහරි ඒනම් "

" හෙට යං "

" කොහෙද ඉතින් "

" නෙල්ලිගල යං "

" ශා මරුනෙ...යමූ..."

" ආන්ටිට මං කියන්නම්.කරුවත් එක්කන් යං "

"හරි එහෙනම් "

" මේ ඒක නෙවේ අම්මා ඔන්න ඔයාට උඳුවළලු එව්වා කන්න ආස නිසා "

වස්සාන සුළඟ 🌧️🌩️☔ ( Completed )Where stories live. Discover now