PART 2 ♥️

1.6K 249 35
                                    

මන් කල්පනා කර කර මගේ ඔෆිස් එක හොය හොය යද්දී තමා ඉස්සරහින් ආපු කෙනෙක් දඩාස් ගාලා මගෙ ඇගේ හැප්පුනේ..
__________________________________

මගේ අතේ තිබ්බ ෆයිල් ටික ඔක්කොම ටයිල් එක පුරා විසිරිලා යද්දීම අර හැප්පුන මනුස්සයා ඉක්මනට නැගිටලා ආයෙ දිව්වෙ එතන මන් කියලා මනුස්සයෙක් හිටපු නැති ගානට😒.මේ කම්පැනි එකේ ඔක්කොම අර යකා වගේද කොහෙද?
මන් වැටුන ෆයිල් එකේ තිබ්බ කොල ටික ඇහිදිද්දී එකපාරටම තව අතක් ඒ කොල ටික ඇහිදින්න ගත්තා.
මන් ඔලුව උස්සලා බැලුවේ කවුද මේ හොද හිත කියලා👀.
වාහ් එතන හිටියේ මන් හිතන් හිටපු CEO🙂.මන් ඇස් දෙකත් පොල්ගෙඩි සයිස් ලොකු කරන් එයා දිහා බලන් ඉද්දී එයා ඔක්කොම කොල ටික ඇහිදලා මගෙ ෆයිල් එකට දාලා මට අත දුන්නෙ නැගිටින්න.
කුමාවෝ සර්.

💙මට සර් කියන්න ඕන්නැහැ මන් මෙතන වැඩ කරන කෙනෙක් නෙවෙයි.

ආ එහෙමද?

💙මන් Mr.jimin ගේ හියුන්.
මන් Namjoon .

Nice to meet you namjoon .

💙You to.ඔයාව මන් කලින් දැකලා නැහැ .අලුතින්ද ආවෙ?

ආ ඔව් මන් අද ආවෙ Mr.jimin ගේ Private Secretary විදියට🙂.

💙ආ ඔයාද ඒ අප්පා මට කිව්වා ඔයා ගැන.

අන්කල් මට කියලා තියේ ඔයා ගැනත් ඔප්පා.අහ් සොරී මන් හිතලා කිව්වෙ නැහැ .

💙අයියෝ සේරි ඔයා අපේ අප්පගෙ හොදම යාලුවෙක්ගේ දුවෙක් නේ ඉතින් මට ඔප්පා කිව්වා කියලා මොකද වෙන්නෙ.

කුමාවෝ ඔප්පා.

මායි නැම්ජුන් ඔප්පයි කතා කර කර ඉන්නකොට එකපාරටම මොකෙක්ද මන්ද එකෙක් හූ තියන්න ගත්තා.

💛ඒයි තමුසෙට මන් කිව්වෙ මෙතන කියව කියව ඉන්න කියලද ආ? එක එකා එක්ක හුරතල් වෙන්න නෙවෙයිනේ මෙතන වැඩ කරන්නනේ ආවෙ එහෙනම් වැඩ ටික කරලා යනවා.

වට් මොකක්ද ඒ කිව්වෙ මන් මෙතන කතා කරා විතරයි ඔහේ කියනවා වගේ හුරතල් වුන්නැහැ Mr.Jimin.

💙ජිමින් මේ ළමයාට ඔහොම කෑ ගහන්න එපා.

ඔයා මගේ වැඩවලට ඇගිලි නොදා පාඩුවෙ ඉන්න Ok Mr. Namjoon .

💙තමුසෙ කොච්චර කිව්වත් හැදෙන මනුස්සයෙක් නෙවෙයි.

මේ දෙන්නගේ රන්ඩුව අස්සේ මන් ඉක්මනට මගේ ඔෆිස් එකට ගිහින් ඔලුවත් ටේබල් එකේ තියන් කල්පනා කරේ දැන් ටිකකට කලින් අර යකා කියපු දේවල් .මන් නැම්ජුන් ඔප්පා එක්ක කතාකරා විතරයි නේ ඒ යකා කෑ ගහපු හැටි විතරක් ඔක්කොම කට්ටිය බලන් හිටියා ශිට් ලැජ්ජාවෙ බැහැ .මන් ගැන මොනවා හිතුවද දන්නැහැ 😒.
ඔය අතරේ එකපාරට දොරත් ඇරගෙන ආපු කෙනෙක් මගෙ ටේබල් එකට හෙන හයියෙන් ගහපු පාර මන් රවාගෙන ඔලුව උස්සලා බැලුවෙ මොකාද මේ කුලප්පු වෙච්ච හරකා කියල.

💛තමුසේ ආපු පලවෙනි දවසෙම නිදාගන්න ගත්තද ?මෙච්චර වෙලා අරූ එක්ක හුරතල් වෙවී ඉදලා දැන් මෙතන නිදාගන්න ගත්තද?😑

Shut up .Mr ජිමින් මන් කාත් එක්කවත් හුරතල් වුන්නැහැ කතා කරා විතරයි.අනික අරූ කියන්නේ ඒ ඔයාගෙ හියුන් නේද?

💛ඒක තමුසෙට වැඩක් නැහැ නේ.මට ඕනි විදියට මන් කතාකරන්නේ.මගේ Private Life එකේ දේවල් ඔහේට අදාල නැහැ නේ.
මේ ෆයිල් ටික ඔක්කොම Complete කරනවා අද දවස ඇතුලත.

එහෙම කියලා මේකා ෆයිල් කන්දක් මගෙ ඉස්සරහට විසි කරා මන් ඒවා පොඩ්ඩක් පෙරලලා බලද්දී තමා දැක්කේ ඒවා මෙයාට Complete කරන්න තියෙන ෆයිල් කියලා.
මේ ෆයිල් ඔයා complete කරන්න ඕනි Documents නේ Mr.jimin.

💛කටවහන් කියපු දේ විතරක් කරනවා.අප්පාට එහෙම මේවා කියලා තිබුනොත් තමුසෙ. මන් නරකයි කියන්න එපා ඊටපස්සේ.මන් දැන් Company එකෙන් යනවා.තමුසෙ ඔය ඔක්කොම ෆයිල්ස් Complete කරලා යනවා.

මොන වෙඩිමක්ද යකූ මේකා මෙතන ඒකාදිපති බලතල දාන්නේ 😒.
මෙච්චර ගොඩක් අද දවස ඇතුලත Complete කරන්න බැහැ මට😒.
මන් ඒක කිව්ව විතරයි මේකා එකපාරටම මගේ බෙල්ලෙන් අල්ලන් බිත්තියට තද කරන්න ගත්තා.මන් හුස්ම ගන්න බැරුව දගලද්දී නිකමට ඒකගෙ ඇස් දිහා ඒ ඇස් රතුම රතු පාටයි කොහොමද එහෙම වෙන්නෙ ? මන් බයවෙලා වගේ බලන් ඉද්දී එයා මගේ බෙල්ල අතෑරලා යන්න ගියා.

අම්මෝ කැහ්..කැහ් ..හුස්ම ගන්නත් බැහැ වගේ ..
ඇත්තටම ඒ ඩෙවිල් කෙනෙක්ද දන්නැහැ ඇස් රතු වුනේ 👀.













Vote & Comment My lovely readers ♥️🌝.

Stay safe.
bye
saranghee 🖤.

MICKY 🖤......








MY VAMPIRE CEO♥️💋

MY VAMPIRE CEO💋♥️||PJM||(COMPLETE✔)Where stories live. Discover now