Chapter 01

1.5K 260 92
                                    

.
.
.
.
.

" යන්ග් මාස්ටර් පාක්..මිස්ටර් පාක් ඔයාට දැන්ම එයාගෙ කැබින් එකට එන්න කිව්වා " ජිමින්ගෙ කාමරේට ආව පාක් මන්දිරයෙ වැඩ කරන සේවයෙක් ආචාර කරලා කියද්දී සිගරට් එකක් බොන ගමන් හිටිය ජිමින් කාමරේට ආව සේවකයා දිහා බැලුවෙ ඉහවහා ගිය කේන්තියෙන්.

" හහ්! වට් ද ඇක්චුවල් ෆක්..මට දැන් එන්න බෑ " ජිමින් ආයෙමත් සිගරට් එක තොල් අතරින් තියාගත්තා.

" ඒත් මිස්ටර් පාක් කිව්වා යන්ග් මාස්ටර්ව අනිවාර්යයෙන්ම එක්කගෙන එන්න කියලා.. කරුණාකරලා ඔබතුමාට එන්න පුලුවන් ද? " සේවකයා යටහත් පහත් විදිහට කිව්වෙ ජිමින්ගෙ හැටි හොඳටම දන්න නිසා.

" ඕකේ මං එන්නම්.. දැන් තමුසෙ යනවා "

සේවකයා කාමරෙන් එලියට ගියහම ජිමින් එයා වාඩිවෙලා හිටිය පුටුවෙන් නැගිටලා අවසාන වතාවට සිගරට් දුම ඉහළට ඇදගත්තා.

කලිසමේ සාක්කු දෙකට අත් දෙක දාගෙන මිස්ටර් පාක්ගෙ කැබින් එක තියෙන තැනට ආව ජිමින් ඇහිපිය ගහන සැනින් එතන හිටිය ආරක්ෂකයො කැබින් එකේ දොර ඇරියම ජිමින් ඒක ඇතුලට ඇවිදගෙන ගියා.ජිමින් එතනින් යනකම්ම එයා දිහා බලාගෙන හිටිය තඹ පාට කොන්ඩයක් එක්ක රවුම් ඇස් තිබ්බ අහිංසක පාට තරුණ හාදයෙක් බර හුස්ම පොදියක් බිම හෙළුවා.

" ඇයි ඩෑඩ් ඔයා මට එන්න කිව්වේ? "

" වාඩිවෙන්නකො ළමයො " මිස්ටර් පාක් අතින් සන් කරනකොට එයාගේ අහංකාර,කියන දෙයක් කනකට නාහන පවුලේ දෙවෙනි පුතා වෙච්චි ජිමින් පුටුවෙන් වාඩිවෙලා කකුලක් පිට කකුලක් දාගත්තා.

" ඉතිං? "

" මම ඔයාට අලුත් බොඩිගාඩ් කෙනෙක් ගත්තා ජිමින් " මිස්ටර් උපරිම සන්සුන් කටහඬින් කියන්න උත්සහ කරත් එයා ඒක කියනකොටම වගේ ජිමින්ගෙ හීනි ඇස් ලොකු වුනා.

" වට්? මේ මොන කරදරයක්ද? මං ඔයාට කලිනුත් කිව්වා මට බොඩිගාඩ්ලා එපා කියලා..ඇයි ඔයා මං කියන දේවල් අහන්නැත්තෙ?

කවුරු උනත් කමක් නෑ මම ඔය මිනිහව මරලා දානවා "

" ජිමින්! කටවහගෙන වාඩිවෙනවා.." මිස්ටර් පාක් සද්දෙට කිව්වා.

Sexy Bodyguard | Jikook | On Hold Where stories live. Discover now