Chapter 04

1.1K 206 57
                                    

.
.
.
.
.
.
.

" ජිමිනාහ් මේක හොඳයි නේද මට? මාව තවත් හැන්ඩ්සම් වෙලා පේනවද ආ? "ජිමින් කොන්ඩෙ පීරමිනුයි හිටියෙ.ටේහ්‍යුන්ග් සහ ජිමින් අද රෑ තමන්ගේ හොඳම මිතුරෙක් වුන බෝගම්ගෙ උපන්දින සාදයට යන්න ඕනෙ නිසා ඒකට සූදානම් වෙන ගමනුයි උන්නෙ.

ජිමින්ගෙ කාමරයට එකපාරටම කඩාවැදුන ටේහ්‍යුන්ග් එයාගෙ රතුපාට ජැකට් එකේ කොලර් එක හදන ගමන් ජිමින්ගෙන් ඇහුවා.

" ම්ම් චාමින් " ජිමින් ලිප්බාම් එක අතට අරන් ටේහ්‍යුන්ගෙ දිහාවට හැරුනම ටේහ්‍යුන්ග් කිව්වෙ අද ජිමින් ගොඩක් ලස්සනට පෙනුන හන්දා.ජිමින් ටේහ්‍යුන්ගෙ ඇස් දිහා බලාගෙන කටකොනට හිනාවෙන ගමන්ම ටේහ්‍යුන්ගෙ තොල් වල ලිප්බාම් ගෑවා.

" දැන් පර්ෆෙක්ට් " ජිමින් කිව්වම ටේහ්‍යුන්ග් කණ්නාඩිය දිහා බලලා කින්ඩියට හිනාවෙලා ජිමින්ගෙ අතේ තිබ්බ ලිප්බාම් එක අරන් ඒක ජිමින්ගෙ තොල්වල ගෑවා.

" ටේ ඔයා මොනාද බෝගම්ට දෙන්නෙ? මම තවම ගිෆ්ට් එක ගැන හිතුවෙ නෑ " ජිමින් චාර්ජ් වෙන්න දාලා තිබ්බ ෆෝන් අතට ගත්තා.

" මම මිනිහට ගිටාර් එකක් ගත්තා..මිනිහා ගන්න බලාගෙන ඉන්න එකක්"

" ඔහ් ඒකත් එහෙමද.. මම මොනාද දෙන්නෙ? අයිඩියා එකක් දෙන්න බැරිද? " ජිමින් පර්ෆියුම් තවරගන්න ගත්තා.ටේහ්‍යුන්ග් ඒ දිහා බලාගෙන ටිකක් කල්පනා කරා.

" ලේටස්ට් වොච් එකක් ? "

" ආහ් ඒකත් හොඳයි " ජිමින්ගෙ මූණ සෑහීමකට පත් පෙනුමක් ගත්තා.

" එහෙනම් යමුද? " ටේහ්‍යුන්ග් අහනකොට ජිමින් ඔලුව වනලා ටේහ්‍යුන්ග් එක්කම කාමරෙන් එලියට ආවා.

මන්දිරයෙන් එළියට එනකොට ජිමින් දිහා ජන්ග්කුක් බලාගෙන හිටියෙ ඇස් එළියට පනින සයිස් එකෙන්.ජිමින් ඇඳගෙන හිටියෙ සුදුපාට ස්ලීව් බ්ලවුස් එකක්.ඒකෙ ඉදිරිපස කොටස පපුවෙ බාගයක් වෙනකම්ම විවර වෙලා තිබ්බා වගේම කර වටේ සහ මැණික්කටුව වටේට සුදුපාටින්ම රැලි අල්ලලා තිබුණා.ජිමින් බ්ලවුස් එක ටයිට් කලුපාට පෑන්ට් එකට යට කරලා හිටිය නිසා එයා දිහා බලන ඕනම කෙනෙක් දෙපාරක් හැරිලා බලන තරම් එයා ලස්සනට සහ අහිංසක පාටට පෙනෙන්න ගත්තා.ජිමින් විලවුන් සුවඳ විහිදුවමින් ජන්ග්කුක්ගේ ඉස්සරහින් පාවෙලා වගේ යන්න ගියා.ටේහ්‍යුන්ග් ජන්ග්කුක් ලගට ඇවිත් උගුර පාදනකම්ම ජන්ග්කුක් හිටියෙ මේ ලෝකෙ නෙවෙයි.

Sexy Bodyguard | Jikook | On Hold Where stories live. Discover now