Chapter 10

1K 184 66
                                    

.
.
.
.
.
.
.
.
.

" ජූනී මේ බලන්නකො අපේ ලිට්ල් ප්‍රින්සස් උදේම වැඩ පටන් අරන් වගේ " ජිමින් උදේ කෑම අරගන්න කෑම මේසයට එද්දි කෑම මේසයෙ වාඩිවෙලා හිටිය ජීහූ එයාගෙ ස්වාමිපුරුෂයට කිව්වා.ජිමිනුත් ඒ ළගට ආවෙ ජීහූ කියපු දේ එයාට නොතේරුණ නිසා.

" මොනාද බබා පටන් අරන් තියෙන්නේ? " ජිමින් ඇහුවා.

" ආහ් ජිමිනි ඔයත් එන්න..බලන්කො මෙයාගෙ දාංගලේ " ජීහූ හිනාවෙවී කියනකොට ජිමින් ජීහූ ළගට ආවා.ජීහූ ජිමින්ගෙ අත අරන් කුස මතින් තියද්දි එයාට දැනුනා ඇතුලෙ ඉන්න බබා දගලන විදිහ...

" ආව්ව්.." ජිමින් හිනා වුනා. " ඔයාට රිදෙන්නැද්ද? "

" රිදුනත් ඒක දරාගන්න ඕනෙනෙ " ජීහූ නම්ජූන්ගෙ අත අල්ලගෙන කිව්වෙ හිනාවෙලා..

ජිමින් කෑම කන්න වාඩිවුනා..

" ඔයාට කියන්න බැරි උනානෙ ජිමින්.අපි අද බීච් යනවා.ඔයත් එනවද? " ජීහූ ටිකකින් ඇහුවා.

" මට බීච් යන්න මූඩ් එකක් නෑ..ඔයාලා එන්ජෝයි කරලා එන්න " ජිමින් එහෙම කිව්වෙ තරුණ ජෝඩුවක් අතරට තමන් යන එක හොද නෑ කියලා හිතුන නිසා..

.
.
.
.
.
.
.
.
.

ජිමින් එයාගෙ කාමරේ බැල්කනියට වෙලා බලාගෙන හිටියෙ ගොඩවෙලාවක ඉදන්..නම්ජූන්ගෙ කාර් එක ගේට්ටුවෙන් එළියට යද්දි ජිමින්ගෙ කටේ දගකාර හිනාවක් ඇදුනා.

ටිකකට කලින් ජිමින් හිතාමතාම ජන්ග්කුක්ගෙ ඇඟේ දොඩම් යුෂ වීදුරුවක් හැලුවෙ ලොකු අරමුණක් හිතේ තියාගෙන.

ජන්ග්කුක්ගෙ කාමරේ ළගට ආව ජිමින් අමතර යතුරකින් දොර ඇරගෙන කාමරේට ඇතුල් වුනා.නානකාමරයෙන් එන වතුර සද්දෙ හැටියට ජන්ග්කුක් තවමත් ඒක ඇතුලෙ වගෙයි..

ටික වෙලාවකින් ඉන වටේ තුවායක් ඔතාගෙන ජන්ග්කුක් කාමරේ ඇතුලට ආවත් එයා තවම ඇඳේ වැතිරිලා ඉන්න ජිමින්ව දැක්කෙ නෑ.ඔලුව පිහදාන එක නතර කරපු ජන්ග්කුක් ඇඳ දිහා බලද්දි එයාව ෂොක් වෙලා ගියා..

" ජිමින්! " ජන්ග්කුක් එහෙම්ම ඉද්දි ජිමින් අතේ තිබ්බ ෆෝන් එක අයින් කරා.

Sexy Bodyguard | Jikook | On Hold Where stories live. Discover now