Chapter 05

848 196 60
                                    

.
.
.
.
.
.
.
.
.

" අක්කා ඔයා ටේව දැක්කද? " ජිමින් ඇහුවෙ තරප්පු පෙළ බහින්න යන ජීහූ ළගට ඇවිත්.

" ටේද..ආහ් එයා ජිම් එක පැත්තට යනවා ටිකකට කලින් දැක්කා.. ගිහිං බලන්නකෝ ඔයා..."

" ආ හරි "

ජිමින් ජිම් එකට එනකොට ජීහූ කිව්වත් වගේ ටේහ්‍යුන්ග් එතැන හිටියා.ඇත්තටම ටේහ්‍යුන්ග් විතරක් නෙවෙයි ජන්ග්කුකුත් එතැන හිටියෙ ටේහ්‍යුන්ග් එක්ක යම්කිසි සංවාදයක පැටලිලා.

ජිමින් ටික වේලාවක් එයාලා දිහා බලාගෙන ඉදලා උගුර පාදන ගමන් එයාලා ළගට ආවා.

"ගුඩ් මෝනින් ටේ..."

" අහ් ජිමින්...මෝනින්.."

" මිසිස් කිම් මට කෝල් කරලා කිව්වා එයාගේ පුතාට පුලුවන් තරම් ඉක්මනට එයාට කෝල් කරන්න කියලා " ජිමින් එහෙම කිව්වෙ ටේහ්‍යුන්ග් දිහාත් ජන්ග්කුක් දිහාත් හොදට බලලා.

ටේහ්‍යුන්ග් ජිමින්ගෙ මූණ දිහා බැලුවෙ කලබලෙන් වගේ. " හදිස්සියක් ද? " ටේහ්‍යුන්ග් ඇහුවා.

ජිමින් උරහිස් හැකිලුවෙ එයා ඒ ගැන දන්නෑ කියන්න.ටේහ්‍යුන්ග් ඒ එක්කම පැත්තක තිබ්බ ෆෝන් එක ගන්න ගියා.ජිමින් ආපහු යන්න ගියේ ජන්ග්කුක්ගෙ ඇස් වලට සීතල බැල්මක් හෙලලා..

.
.
.
.

හවස් වරුව වෙනකම්ම ජන්ග්කුක්ට කරන්න විශේෂ රාජකාරියක් තිබ්බෙ නෑ.එයාට මේ මන්දිරේ ඇතුලෙ නිදහසේ කතා කරන්න පුලුවන් එකම කෙනා ටේහ්‍යුන්ග් විතරයි.ඉඩක් ලැබුනු හැම වෙලාවෙම වගේ ජන්ග්කුක් ටේහ්‍යුන්ග් එක්ක ආගිය තොරතුරු කතා කරා.

මේ වෙද්දිත් ජන්ග්කුක් හිටියෙ ටේහ්‍යුන්ග් එක්ක කතාවකට වැටිලා.එකපාරටම එයාගෙ ෆෝන් එක වයිබ්‍රේට් වෙන්න ගත්තම ජන්ග්කුක් සාක්කුවෙන් ෆෝන් එක අතට ගත්තා.

" ඇයි ජන්ග්කුක්? මොකක්ද ප්‍රශ්නෙ? " ජන්ග්කුක්ගෙ මූණ එකපාරටම වෙනස් වුන විදිහ දැකලා ටේහ්‍යුන්ග් ප්‍රශ්න කරා.

" ජිමින්..එයා...එයා මැසේජ් එකක් එවලා "

" වට්? ඒක වෙන්න බැරි වැඩක්...කෝ මොකක්ද කියලා තියෙන්නේ? "

Sexy Bodyguard | Jikook | On Hold Where stories live. Discover now