02.

293 113 23
                                    

බැල්කනිය ළගදි මගේ ඇගට පැනපු පුංචි පියොනි මල කිචන් එකට එනකන්ම මාත් එක්ක ආවා.

කිචන් කියලා කිව්වත් ඔක්කොම දේවල් තියපු මේසයක් විතරක් තියෙන තැනක් වුනු එතන ඇතුලේ දෙන්නෙක්ට හැරෙන්න හරි අමාරුයි.

මන් කෝපි වලට වතුර උනුකරනකන් ජිමින් මගේ ටීශර්ට් එක ඇතුලට රිංගගෙන ඉන්නවා.

ඇයි ඇහුවම එයා කියන්නේ " මේ මන් ලොකේ වැඩිපුරම ආස තැන "

ටිශර්ට් එක අතරින් පේන ජිමින්ගේ ඔලුව ඉඹින මන් ටිකක් පහත් වෙලා " ආදරෙයි " කියලා මුමුණන කොට ඔලුව උස්සලා ටීශර්ට් එක අතරින් එයා මන් දිහා බලනවා.

ජිමින්ගේ පුංචි අත් මගේ ඉනවටේ හිමින් යනකොට මන් ආයේ එයාගේ කනට ලන්වෙලා " ඔය මොකද කරන්නේ? " කියලා ඇහුවා.

" මන් හැංගෙනවා "
පුංචි හිනාවකුත් එක්ක රහසින් එයා කියනවා.

" කාගෙන්ද ? "
ජිමින් වගේම රහසින් මන් ආයෙත් ඇහුවා.

" මුලු ලෝකෙන්ම "
ජිමින්ගේ තමන්ගේ කම්මුල මගේ පපුවට තද කරගත්තා

මගේ ඊළග ප්‍රශ්නය " ඇයි " වෙනකොට එයා අහිංසක විදියට " මට ඕනේ ඔයා ළග විතරක් ඉන්න ජන්ග් " කියලා කිව්වා.

මාත් ඔයා මට විතරයි කියන්න වගේ පෙරලා ටීශර්ට් එක ඇතුලේ ගුලි උන ජිමින්ව ටීශර්ට් එකට උඩින්ම තුරුලු කර ගත්තා.

දැන් හුරතල් උනා ඇති කියන්න වගේ වතුර කේතලේ නටන්න ගන්න කොට මන් ජිමින්ට කෝපි එක හදනකන් පුංචි වෙලාවක් ඉල්ලන්නේ එයාගේ උත්තරය හොදටම දැනගෙනයි.

" මන් දන්නවා ඔයා මාව පිච්චෙන්න දෙන්නෑ කියලා ලව් "

කොහෙද ඉතින් මේ පුංචි කෝළම කියන දෙයක් අහන්නේ නැති නිසා කරබාගෙනම මන් කොපි හදන්න ගන්නවා.

ඔන්න ඊටපස්සේ සැරින් සැරේ මගේ මූණට හිනාවක් එන්නේ ජිමින් පිරුනු තොල්පෙති මගේ පපුව උඩ එහෙ මෙහේ යන්න ගත්තම.

පුංචි කෝළමගේ පුංචි හාදු !!

පුරෝලා හැන්දෙන් කෝපි හැන්දක් දාලා තදට කළු පාටට කැලතෙන කෝපි කෝප්පයක් හදලා ඉවරවෙලා ජිමින් ආසම කෝප්පෙට මන් ඒක වක්කරන කොටත් ජිමින් ඉන්නේ මන් තුරුලේ

" ඔන්න හරි "
අවසානෙට දුම් දාලා හැදුනු කෝපි කෝප්පය දිහා බලන් කියන කොට මෙච්චර වෙලා මට ගුලි වෙලා උන්නු කෝළම කොප්පයත් උස්සන් මාව නොදැක්කා වගේ යන හැටි ඉනට අත්දෙක තියන් මන් බලන් හිටියා .

" ඔක්කොම කෝළන් කෝපි එක හදලා දෙනකන් තමානේ "
මන් හයියෙන් කියනකොට පුංචි හිනාවක් අපේ කාමරේ පැත්තෙන් මට ඇහුනා.






















🍃𝑴𝒚 𝒍𝒊𝒕𝒕𝒍𝒆 𝒑𝒆𝒐𝒏𝒚 🍃


Kishu aywar

𝑴𝒚 𝑳𝒊𝒕𝒕𝒍𝒆 𝑷𝒆𝒐𝒏𝒚 Where stories live. Discover now