09.

291 99 22
                                    

" අපි යන් "
ටේහියෝන් එයාගේ රිදෙන හදවත පුලුවන් තරන් තදකරන් ජන්කුක්ට කිව්වා.

එයාට ඉවසන්න පුලුවන් කමක් තිබුන්නෑ ජිමින්ගේ සොහොන් කොතට ඔලුව තියාගෙන හිමින් හිමින් ජිමින්ට මුමුනන තමන්ගේ සහෝදරයා දිහා බලන් ඉන්න.

එයා තනියම හිනාවෙන ගමන් ජිමින් ජිවත් වුන කාලේ කතා කරා වගේම හුරතල් නම් වලින් කතා කරනවා.

ටේහියෝන් හදවත කෑලි දෙසියකට තරන් කැඩෙන මේ දර්ශනය බලන් ඉන්න බැරි නිසාම ජන්කුක්ට ටිකක් ඉන්න කියලා ජන්කුක්ගෙන් ටිකක් ඈතට ගියා.

සොහොන් කොතෙන් ඈත් වුන ජන්කුක් " දන්නවද ජිමින් " කියලා අහන ගමන් තණගොල්ලෙන් වාඩිවුනා.

" පියොනි මල් වල ආදරේ ලියවිලා තියනවා වගේම ඒව වලින් පුලුවන් මනුස්සයෙක්ව මත් කරන්න . හරියට ඔයා වගේ. "
ජන්කුක් හිනාවුනා.

එයා දැන් ලැස්තිවෙන්නේ එයාගේ ජිමින් ළගින් ටිකක් හාන්සිවෙන්න.

ජන්කුක් තණගොල්ලේ හාන්සි වෙනකොට පුංචි වැහිබිංදු බිමට වැටෙන්න අරන් තිබුනා.

ඇස් පියාගන්න ගමන් ලාවට හිනාවුන ජන්කුක් " ඉතින් ඔයා තමා මගේ පුංචි පියොනි මල " කියලා මිමිණුවා.



ඇස් පියාගන්න ගමන් ලාවට හිනාවුන ජන්කුක් " ඉතින් ඔයා තමා මගේ පුංචි පියොනි මල " කියලා මිමිණුවා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

End

Kishu aywar

𝑴𝒚 𝑳𝒊𝒕𝒕𝒍𝒆 𝑷𝒆𝒐𝒏𝒚 Where stories live. Discover now