08.

246 96 5
                                    

" එයා කිව්වා එයාට විශ්වාසයි කියලා පියෝනි මල් බලාගන්න ඕන නිසාවත් මන් එයා නැතුව ජීවත් වෙයි කියලා. "
ජන්කුක් කදුලු අතරින් හිනාවෙන ගමන් ටේහියෝන් දිහා බැලුවා.

ඒක අහගෙනම නැගිටුනු ටේහියෝන් ගෙදර පුරා විසිරිලා තියන බියර් බෝතල් ටිකයි , සිගරට්පෙට්ටියි එකතු කරන්න ගත්තා.

" තෝ විනාස වෙයි යකෝ මෙහෙම බිලා "
ටේහියෝන් එයාගේ කකුලෙන් හිස් බෝතල් ගොඩට ගහන ගමන් කිව්වා.

" කමක්නෑ , මත් වෙනකොට ජිමින් මන් ළගට එනවා මට ඒ ඇති. "

" උබ ඇබ්බැහිවෙලා ! "

" ජිමින්ට "
ජන්කුක් ටේහියෝන් දිහාබලන් කිව්වා. ජන්කුක්ගේ ඇස් තුල ඇති හිස් බව ටේහියෝන්ට එවෙලේ හොදටම තෙරුනා.

ටේහියෝන්ගේ හිතට දැනෙන්නේ පුදුම දුකක්. තමන්ගේ සහෝදරයා ජිමින්ගේ මරණෙන් පස්සේ ඉදන් හැසිරෙන්නේ තමන්ව අදුරන්නැති කෙනෙක් ගානටයි.

අනතුර වෙලාවේ ටේහියෝන් ජන්කුක් එක්ක හිටපු එකට දෙවියන්ගෙන් ස්තූතියි වන්තවුනා . එහෙම නූනානම් මේ වෙද්දි ජන්කුක් ඉන්නේ ජිමින්ගේ සොහොනට එහාපැත්තෙන් ,

ජන්කුක් ගැන තියන බය නිසාමයි එයා ජන්කුක්ව පේන මානයෙන් ඉන්න තීරණය කලේ.

ටේහියෝන් කියන්නෙ සාමාන්‍ය පුංචි රස්සාවක් කරන මනුස්සයෙක් නොවුනනම් වුහාට ජන්කුක්ට බනින්න ඉඩ නොදි හොද තැනක ජීවත් වෙන්න තිබ්බා කියලා ටේහියෝන්ට හැමවෙලේම හිතුනා.

ටේහියෝන් ඊයේ අස්කරපු තරන්ම හිස් බෝතල් හා සිගරට් පෙට්ටි තොගයක් කුණුබදුනට දානගමන් මුකුත් නූනා වගේ පියෝනි මල් කඩන ජන්කුක් දිහා බැලුවා.

තවත් ඉවසන්න බැරිතැන ටේහියෝන්ගේ කම්මුල් දිගේ කදුලු ගලන් යන්න ගත්තා.

" මේ ටික හොදයි "
පියෝනි මල් පොකුරකුත් අතේ තියාගෙන ටේහියෝන් එක්ක ලාවට හිනාවුන ජන්කුක් ජිමින්ගේ සොහොනට යන්න ඇදගන්න වුනා.


















Kishu aywar

𝑴𝒚 𝑳𝒊𝒕𝒕𝒍𝒆 𝑷𝒆𝒐𝒏𝒚 Where stories live. Discover now