06.

235 100 9
                                    

ගෙදර සන්තකේටම තියන එකම පරණ ලී හාන්සි පුටුව උඩ ඇස් පියන් හිටපු මන් ජිමින්ගේ පිටට හිමින් තට්ටු දැම්මා. ජිමින් ඉන්නේ මගේ උකුලේ.

ඒස්සෙන් පුංචි හොර පූස් පැටියා හිමින් හිමින් මගේ බොත්තම් ගලෝනවා. මන් දන්නවා හේතුව ඒත් මන් ආසම එක එයාගෙන් අහන්න.

මන් මොකෝ මේ කියලා රවන් අහනකොට හිනාවුන ජිමින්

" මන් ඔයාගේ උනුහුමට ලෝබයි කියලා " කිව්වා.

ජිමින්ගේ තොල්පෙති මගේ ගෙල පුරා යද්දි මන් එයාගේ ටිශර්ට් එක ඇතුලින් අත් යවලා සිනිදු ඉන තදින් අල්ලගත්තා.

සිහින් කෙදිරිල්ලක් එක්ක එයා මගේ මූණ  ළගට නැවෙනකොට මන් එයාගේ පිරුනු තොල් පරෙස්සමෙන් සිපගන්න ගත්තා.

සිරුවට සෙමෙන් සිපගන්න ගමන් ජිමින්ගේ ඉන මගේ අතට තද වෙනවා. එයා ඒකට ආසයි කියලා මන් දන්නවා.

අන්තිමේදි හුස්ම හිරවෙන්න ලන් වෙලා හාදුව නතරවෙනකොට අපි දෙන්නටම හිනා.

" යන් කෝළම අපි කන්න ඕන "
මන් ජිමින්වත් නැගිට්ටවන් කිචන් එකට ගියා.

ජිමින් අත හෝදන් උයන්න හැදුවත් මන් එයාව පැත්තකට කලේ මන් උයන්නම් කියලා.

" ඔව් ඉතින් මන් උයනවා හරි නෑනේ කෝමත් "
මන් භාජනයක් හොදනගමන් ඉන්නකොට පිටිපස්සෙන් මට ඒහෙම ඇහෙනවා.

මන් තොල් හපාගෙන හිනාව තද කරන් පිටිපස්ස හැරෙනකොට ජිමින් අත්බැදගෙන කම්මුලුත්  පුම්බන් රවාගෙන ඉන්නවා.

ඒදැක්කම හිරකරන් හිටඖ හිනාව බකස් ගාලා එළියට ආවා 

" ඔය ඔය හිනාවෙන්නේ , කමක්නෑ කමක්නෑ මන් හරි නෑනේ "
ජිමින් කදුලු පුරවන් කෑගහනකොට මන් " අනේ මෝඩ කොල්ලෝ " කියාගෙන ජිමින් ගාවට ගියා.

ගිහින් එයාව බදාගත්තා

" කවුද එහෙම කිව්වේ කෝළම , මන් උයලා දෙන්නම් ඔයාට රසට "

" හ්ම් " පුංචියට ජිමින් සද්දයක් පිටකරලා මගේ අතේ එල්ලුනාම මන් ඇහෙන නැසෙන ගාන්ට " මගේ මොඩ කොල්ලා " කියලා කිව්වා.

" ආයි ආ ආ එපා "
ජිමින් මගේ අතත් බදන් අත හයියෙන් හපනකොට මට නිකන්ම කෑගැසුනා.

දත් පාර අතේ හිටින්න හපපු ජිමින් පැත්තකින් ගිහින් වාඩිවෙලා හිටියා.  පස්සේ මන් උයලා ඉවරවුනාම වගේ හිමින් මන් ගාවට ගාට ගාට ඇවිත් පපුවට තුරුල් වුනා.

" එන්න එපා ඔයා  මාව හැපුවා "
මන් තරහ අරන් වගේ කියන කොට ජිමින් එයා හපපු තැන අතගගා මට සොරි කියන්න ගත්තා.

තරහ ගියොත් මේ කෝළමගේ වැඩේම මාව හපන එක. පස්සේ තරහ නිවුනම සොරි කිය කිය අතගානවා.

එයා මගේ පිස්සු කෝච්චියනේ ඉතින්












Kishu aywar

𝑴𝒚 𝑳𝒊𝒕𝒕𝒍𝒆 𝑷𝒆𝒐𝒏𝒚 Where stories live. Discover now