07

228 97 21
                                    

හවස ඉර බහින හැටි බැල්කනියට ලග තියන හාන්සි පුටුවට හොදට පේනවා. මන් හිටියෙ ඒදිහා බලාගෙන.

මුළු නිවසම සන්සුන් , ජිමින් ඉන්නේ මගේ උකුල උඩ , මන් ප්‍රාර්ථනා කරන්නේ හැමදාම එහෙම හිටියනම් කියලා.

" ජිමින් , මාව දාල යන්නේ ඇයි?  "
මන් අහනකොටත් දිලිසෙන ඇස් වලින් ඉරබහින හැටි ජිමින් බලන් ඉන්නවා.

මාව රිද්දන්න එපා ජිමින් මා එක්ක කතා කරන්න.

" ජිමින් මන් ඔයාට ආදරෙයි " මන් ඇස් පියාගෙන පපුවට අත් තියාගෙන කිව්වේ ඒක ඇහිලවත් එයා නවතිනවනම් කියලා හිතිලා. ඒත් මන් ඇස් අරිනකොට මන් ළග කවුරුත්ම නෑ. 

මන් නැගිටලා බැල්කනියට දිව්වා.

බැල්කනිය පුරා ජිමින්ගේ නම මුමුනන ගමන් එයාට කතා කරා.

මගේ කකුලේ හැප්පුන දෙයක් පෙරලෙන කොට නැවතුන මන් එදිහා බැලුවා.

ජිමින්ගේ කොප්පේ දාලා තුබුනු සීතල කෝපි එක පෙරලිලා හතරවටේ විසික් වෙලා. ඒ ළගම මගේ හිස් කෝප්පෙත් තියන හැටි මන් දැක්කා.

හුස්මක් පිටකරපු මන් අත් වැට දිහා බැලුවා.

එදා ඔයාට මාවත් අරන් යන්න තිබ්බා ජිමින් , ඇස් වල දිලිසෙන කදුලු පහලට වැටෙන හැටි මට තෙරුනා.

හිමින් අත්වැට උඩට ගොඩවෙන්න හදන මාව කවුද කෙනෙක් නවත්තලා ඇදලා ගත්තා.

ඊළගට මගේ කනට හයියෙන් පාරක් වැදෙන කොට මන් එහෙම්මම බිම වාඩිවුනා.

" තමුසේ මොනාද කරන්නේ ? ! "
ඒ ටේහියෝන්ගේ හඩ මන් ළගින් ඒක ඇහෙනවා

" එයා ගියා  , මට අල්ලගන්න බැරිවුනා . එයාව මට තුරුලු කරන් පරිස්සම් කරන්න මට බැරිවුනා. "
මට නිකන්ම මිමිනුනා

" අත්වැට කඩන් වැටුනේ උබේ වරදින් නෙමේනේ. කොමහරි කරුමෙට ජිමින් අපිව දාලා ගියා. ඒත් ජිමින් කියලා ගිය එවා අමතකද උබට "

ටේහියෝන් මගෙන් අහනකොට මාව ආයේ ඒ මූසල දවසට ඇදිලා ගියා.

මන් එනකොටත් ජිමින් හිටියේ බැල්කනියේ අත්වැට කඩන් තට්ටු තුනක් බිමට වැටිලා. එදා මන් කොච්චර උත්සහ කලත් බැල්කනියෙන් පැනලා ජිමින් ලගට යන්න ටේහියෝන් මාවත් ඇදන් පහලට ආවා.

සෙනග ඈත් කරන් ටේහියෝන් ජිමින් ළගින් දනගහගන්න කොට මාව ජිමින් ඉස්සරහා නිකන්ම කඩන් වැටුනා.

මන් ජිමින්ගේ ඇස් පියවුන මුහුන මගේ දෝතට අරන් එයාව තුරුලු කරගත්තා.

මට විශ්වාසයි එයා මට කතා කරයි කියලා 

ඒනිසාමයි මන් එයාට හිමින් කතා කරන්න ගත්තේ.

අන්තිමට එයා මුමුණලා මට ආදරේ කිව්ව හැටිත් , පියොනි මල් මැරෙන්න දෙන්න එපා කිව්ව හැටිත් මට මතකයි.






























" එයා කිව්වා එයාට විශ්වාසයි කියලා පියෝනි මල් බලාගන්න ඕන නිසාවත් මන් එයා නැතුව ජීවත් වෙයි කියලා. "
මන් කදුලු අතරින් හිනාවෙන ගමන් ටේහියෝන් දිහා බැලුවා.

Kishu aywar

𝑴𝒚 𝑳𝒊𝒕𝒕𝒍𝒆 𝑷𝒆𝒐𝒏𝒚 Where stories live. Discover now