04.

244 101 7
                                    

ආහ්.....එකම දෙයක් එයා මගෙන් ඉල්ලුවා. කොහොමද මන් ඒක අමතක කලේ.

ගොඩක් ඉස්සර දවසක ජිමින් මාර්කට් එකෙන් උස්සන් ආව පුංචිම පුංචි පියොනි පැළය පෙන්නලා " ජන්ග් මන් මේක තියාගන්නද?  " ඇහුවා.

ජිමින්ගේ පපුවට තුරුල් වුන ඒ පුංචි පියොනි පැළේ අරන් මගේ ළගින් වාඩිවුනු ජිමින් , " ජන්ග් මේ තියෙන්නේ පියොනි , මේවා වලින් ආදරය කියවෙනවා " කියලා දිලිසෙන ඇස් වලින් එයා කිව්වා.

" කෝ කොහෙද එහෙම ලියලා තියෙන්නේ ? " ජිමින්ව අවුස්සන්න හිතන් මට අහන්න හිතුනා.

ඒත් කම්මුල් රතු වේගෙන එනකොට මන් ගැස්සුනේ ජිමින් මූණ ඇබුල් කරන් තරහින් මගෙන් ඇතට ගිය නිසා.

ආශ්.......මේ කෝළම ,
පරණ බ්ලිඩින් එකක් තුන්වෙනි තට්ටුවේ අයිනක තියන පුංචි සෙල්ලන් ගෙයක් වගේ වුනු අපේ ගෙදර එයාව මට හොයාගන්න අමාරු වුන්නෑ.

බැල්කනිය ළග ජනේලේ අතරින් ජිමින්ගේ දුඹුරු පාට කොන්ඩේ පේනකොට සද්ද නොකර මන් ඇගිලි තුඩින් ඉස්සරහට ගියා.

එයා බිම වාඩිවෙලා පැළෙට මොන මොනාද කියනවා.

" ජන්ග් නපුරුයි , ගොඩක් නපුරුයි..... එයා මාව රිද්දුවා. මන් කිව්වේ පියෝනි වලින් ආදරේ කියවෙනවා කියලා මිසක් මලේ එවා ලියලා තිබ්බා කියලෑ..... මහ මෝඩ ජන්ග්......"

මේ කෝළම මට බනිනව නේ ! .

මට නම් හිනා , පිම්බුනු කම්මුල් වලින් ඔරවන ගමන් පියෝනි පොහොට්ටු වලට කිය කිය මට බනිනවා.

" ජිමින් !!  "
මන් එහෙම කියන කොට ගැස්සුනත් ජිමින් එහෙම නූනා වගේ ඉන්නවා.

මන් ජිමින් ළගින් වාඩිවෙලා එයාව තුරුල් කරගත්තා.

ම්හ්...... කිසි සද්දයක් නෑ.

" පියෝනි , ........ ඒවා වලින් ආදරය කියවෙනවා තමා. ඔයා බලන්නකෝ පිපුනු දවසක ,  මේ සිනිදු පොහොට්ටු ඇතුලේ දැනටමත් ඒවා ලියවෙන්න අරන් තියෙනවා. "

මන් පියොනි පොහොට්ටුවක් පරිස්සමෙන් අල්ලන් කිව්වා. පරිස්සමෙන් ඇල්ලුවේ පියොනි පොහොට්ටුවට රිදෙයි කියලානම් නෙමේ ඒක කැඩුනොත් මගේ ජිමින්ට දුක හිතෙයි කියලා හිතුන නිසා.

ජිමින් ඇස් ලොකු කරන් පොහොට්ටු දිහා බලන් ඉදියා.

" ජන්ග් අපි මෙයාලා ලොකු වුනාම එවා බලමු "

අන්න ඒවිදියට පුංචි බැල්කනියේ අද්දර බිම ලොකු පරණ බේසමක් ඇතුලේ ඉදන් හැමදාම පියෝනි මල් පිපිලා ජිමින් එක්ක හිනාවෙනවා.




























ජිමින් , දන්නවද ?  මට තාම හිතාගන්න බෑ ඇයි ඔයා මගේ පියොනි මල වුනේ කියලා. ඇත්තම කියනවනම් මන් ඒකට පොඩිමවත් කැමැත්තක් නෑ .
ජිමින් , අනේ ආයේ බැරිද ඔයාට මගේ කෝළම වෙන්න.

Kishu aywar

𝑴𝒚 𝑳𝒊𝒕𝒕𝒍𝒆 𝑷𝒆𝒐𝒏𝒚 Where stories live. Discover now