03.

252 105 25
                                    

කෝළම ගැන හිත හිත ඊයේ මම පරෙස්සමට අරන් තියපු කේක් කෑල්ලත් අරන් මගේ කොපි කොප්පෙත් එක්ක කාමරයට යනකොට ජිමින් බැල්කෙනියේ බිම වාඩිවෙලා කෝපි බොනවා.

" ආහ් "
මන් කේක් කෑල්ලක් දික් කරන කොට ජිමින්ගේ කම්මුල් රතුවෙන හැටි දැකලා මට හොදටම හිනා.

" මොකෝ මේ? "
මන් නලල රැලි කරන් යටිතොල හපන් අහනකොට මූණ ඇඹුල් කරගත්තු ජිමින් " ඒක හරියට ආවේ නෑ " කියන ගමන් හරි දුකෙන් කේක් දිහා බැලුවා

" කවුද කියන්නේ!? "
හිමින්සැරෙන් ජිමින් ළගින් වාඩිවුනු මන්  එයාගේ රතුවුනු මූණට එබුනා.

" අනික එක රහත් නෑ , හොදට ආවෙත් නෑ "
ජිමින් අයෙත් කියනවා 

" මට රහයි " කියන ගමන් ලොකු කේක් කෑල්ලක් කටේ ඔබාගත්තු මන් ජිමින්ට අනිත් කෑල්ල දික් කරලා " ඕන නැත්තන් මට දෙන්න , මන් මේවට ආසයි " කියලා කියනගමන්

ලොකු කෑල්ලක් කෑවට මොකද කේක් එකේ සිනි මදි. ඒඅස්සෙන් මට ගිලගන්න බෑ වගේ.

ඒත් ජිමින් ඊයේ ආසාවෙන් මුළු දවසම අරන් "  ජන්කුක් මේක ඔයාට " කියලා හදපු ආදරණීය කේක් කැල්ලේ පුංචිම කොටසක්වත් විසි කරන්න මට හිත දුන්නෑ.

එයා කේක් එක බේක් වෙනකම් අවන් එක ළග බලන් ඉදලා එකපාරම පිම්බුනු කේක් එක දඩස් ගාලා බහින කොට මන් දිහා බලලා ඇස්වල කදුලු පුරවගත්තු හැටි මතක් වුන නිසා මන් එයාව අරන් මගේ ඔඩොක්කුවට තුරුල් කරගත්තා.

" මගේ කෝළම වහ දුන්නත් මට රහයි "
මං එහෙම කියන කොට මගේ පපුවට හයියෙන් ගහපු ජිමින් කට හද හද " මන් එහෙම වහ දෙනවද මගේ හබීට " කියලා කියන කොට මට හිතුනෙම ජිමින්ගේ පිම්බුන කම්මුලක් හපන්න.

ඒඅස්සෙන් මට ගෙවන්න ගත්තු අවන් එකේ වාරික මතක් වෙනකොට හරියට ගිනි ගන්නවා වගේ. ජිමින් ආස නිසා ගෙවන්න ගත්තු අවන් එකේ වාරික ණයත් එක්ක පැටලිලා මගේ බෙල්ල මුලටම.

ජිමින්ට ඒ මුකුත් නොකිව්වත් මන් අමාරුවෙන් සල්ලි හොයන්නේ කියලා දැනෙන නිසාමදෝ මන්දා හුස්ම හිරවෙන්න ආදරේ ඇරෙන්න ජිමින් මගෙන් මේවෙනකන් වෙන කිසිම දෙයක් ඉල්ලලා වදදීලා නෑ.









Kishu aywar

𝑴𝒚 𝑳𝒊𝒕𝒕𝒍𝒆 𝑷𝒆𝒐𝒏𝒚 Where stories live. Discover now