02

279 36 5
                                    

"ආ.. කොල්ලා මල් කඩනව වගේ..." ආදි ආවෙ ඕක කියාගෙනමයි. ඕකට පිස්සු. මම කොහෙ මල් කඩන්නද. කැඩුවත් ඕක නොදැන ඉන්නයෑ. පිස්සා. මම උට රවාගෙනම ෆෝන් එක පැත්තකින් තිබ්බා. ආය මට ෆෝන් එක ඔබන්න වෙන් නෑ නිදාගන්නකල්.

"අපෝ මොකක්ද බන් විහිලුවක්නේ රවන්න ඕනි නෑනෙ ඕකට" ආදි කීවෙ පිටට එකක් ගහගෙනමයි.

"හැක හැක තමා" ?මම කීවෙ කටත් ඇද කරගෙනම.

" පුතා මොනාද බොන්නෙ ?" අම්ම ඇහුවෙ ආදිගෙන්. ඒත්
" ආ අම්මි එයා අද ඩයට් ලු මොනාත් බොන් නෑලු. මට පුලුවන් නම් දිවුල් ජූස් එකක් හදල දෙනවද" මම අරූ කියන්න කලින් කීව මගෙ අහින්සක මූනත් දාලම.

" ආ ඒ මොකද පුතා ඒ"
" නෑ නදීක අම්ම මුගෙ බොරු ඔය. මේ ආදිත්‍ය මොකටද ඩයට් කරන්නේ. කෙල්ලො කොල්ලො වසී වෙන ලස්සන ඇගක් මට තියෙද්දි"
" අනේ ඔවු ඔවු උබේ ඇගට එහෙම නම් මගේ ඇගට කොහොමද" මම කීවෙ මගෙ ඇගයි උගෙ ඇගයි පෙන්නලා.
" හරි ඉතිම් උබ මට වඩා ලස්සනයි ඒක මේ ඩයට් වලට අදාල නෑනෙ"
" හරි හරි දැන් දෙන්නගෙ රන්ඩුව ඉවර කරන්නකෝ අපි පෑන් කේක් කාල තේ බොමු. ආදි පුතා එනව කීව නිසා මම හැදුවා." අම්ම කීවෙ අපි දෙන්න රන්ඩු වෙනව බලන් ඉන්න බැරුවද කොහෙදෝ.
" අන්න නදීක අම්ම රටක් වටින කතාව" මූ ඇහැකුත් ගහල අම්මට කීව. අම්මත් ඇහැක් ගහලම ගියා කුස්සියට තේ අරන් එන්න. ඒ අතරේ මම ආය ගියා වට්ස් ඇප් පැත්තේ. අඩේහ් ගෲප් එකකුත් හදල.

ම්ම්ම්ම්ම් සේව් නැති නම්බර්ස් අලුත් සෙට් එකගෙ වෙන්නඇති. ටැග් කරල කියමු ඉන්ට්‍රො එක දෙන්න කියලා. මට හදිස්සියේ මතක් උනා එක මූනක්.ඔව් ඔව් පිනිදුගේ. මට ඕනි උනා එයාගෙ නම්බර් එක. මම පිනිදුගෙන් ඉන්ට්‍රො එක හම්බෙනකල් හිටියා. ආදි දිහා බලද්දි ඌ ගේම් ගහනවා. කොච්චර කීවත් එපා කියල අහන්නෙම නෑ. මම ෆෝන් එක දිහාම බලාගෙන හිටියා. අන්සේව් නම්බර් එකක් ටයිපින්. පිනිදුද දන් නෑ.

සැක් පිනිදු නෙමේ. අඩෙහ් මට පිස්සුද මන්ද. කොල්ලෙක්ගෙ නම්බර් එකක් සේව් කරගන්න දගලන දැගලිල්ල. කෝමහරි අන්තිමයට කලින් පිනිදු ඉන්ට්‍රො එක දුන්න. මම ඉක්මනට සේව් කරල ඒ ගමන් ඉන්බොක්ස් මෙසේජ් එකක් දැම්ම.

"Hi"

සීන් කරා. .......
ටයිපින් ........

"Hi. Kauda mee? "

" Mama nethuka. Oya pinidu neda? "

" ah hi nethuka save karagannada oyaawa"

" hari ban save karahan"

"Aneeh nethuka puluwan nam oya ban wagee eewa wadiya nokia innawada mata thaama owa purudu na."

" ah hari hari. Habai mata kathaa karaddi nam kiyaweyi. "

"Kamk na eeka. Ehenam mama yanawa nethuka passe ennam."

"Hari bye.good night bokka.🤭"

"Good night nethuka"

මම ලාවට හිනාවෙවීම ඩේට ඕෆ් කරල ආදි දිහා බැලුවා. ඌ තාම ගේම් ගහනව. මම උට ලග තිබ්බ කොට්ටෙකින් ගැහුව. ඌ ෆෝන් එක වැටෙන්න නොදි අල්ලගත්තේ බොහොම අමාරුවෙන්.

" මොකද යකෝ වෙලා තියෙන්නෙ" උට තරහ ගිහින්. මම බය වෙයි.

" යමන් අම්ම කොස්ස අරගෙන එන්න කලින්. දැන් කීයෙ ඉදලද කතා කරන්නෙ. යමන්."

" අම්මටසිරි මගෙ පෑන් කේක් ටික..." ඒ පාර දුවනව පස්ස කැඩුන කඩිය වගේ. පස්සෙ අපි තේ බීල අම්ම ඩිනර් එක හදනකල් උඩට ආව අපෙ කාමරේට. ඔව් ඒක මගෙ කාමරේ නෙමේ අපෙ කාමරේ. උගෙ ඇදුනුත් එක්ක තියෙනව. හැමදාම ඒකට ඕනි ස්නැක්ස් ජාතිත් මගෙ ලච්චුවේ තියෙනව. උන්ගෙ ගෙදරත් ඒ වගේ තමා. මගෙ ඇදුම් එහෙ. මම ආස කෑම එහෙ. සරලයි.

පිනිදුට මෙසේජ් කරපු එක මුට කියන්නෙ කොහොමද. ඌ ඇහුවොත් ඇයි ඌ ගැන ඔච්ච්ර හොයන්නෙ කියල.. අනේ මන්ද ඔන්න ඔහේ කියනව අපි දෙන්න අතරෙ රහස් නෑනේ.

" ඒ බන්"
" ම්ම්ම්ම්" මූ ආය ගේම් ගහනව.
" ඕක පොඩ්ඩක් නවත්තපන්කෝ.." ඒ පාර මූ ෆෝන් එක ඇද උඩින් තියල මගෙ පැත්ත හැරුනා.
" කියපන්. කෙල්ලෙක්වත්සෙට් උනාද? "
මූ අමුතු විදිහට අහන්නේ..
" නෑ මේකයි පිනිදු අර අලුතින් ආපු සුදු ලස්සන පොර"
"ඔව් ඉතිම්"
" මේකයි එයාට මම කැමතියි මම හිතන්නේ"
"ආහ් ඉතිම්"
" ඉතිම් කියන්නේ මම එයාට මෙසේජ් කරා"
" ආහ් උබ ඉවර වෙලා නේ කියන්නේ. හ්ම්කො හ්ම්කෝ"
" නෑ නෑ ඉතිම් දැන් කීවනේ උබට තමා ඉස්සරෝම කීවෙ."
" අහ් හාකෝ "
"හරි ඉතිම් මටත් මගෙ ෆීලින්ග්ස් තේරුම්ගන්න බැරුවනේ හිටියේ. අනික ඒක ලව් ඇට් ෆර්ස්ට් සයිට් වගේ නේ. මාත් කන්ෆියුස් වෙලා ඉන්නෙ. උබ හොද එකානේ තරහ නෑනේ" මම ඇහුවෙ ආදිව බදාගෙන.
" පිස්සුද මෝඩයා මට කාත් එක්ක තරහ උනත් උබත් එක්ක තරහ වෙන්න බෑනේ. මට දුකයි ඒ උනාට.."
" අයියෝ හරි හරි ආය මම මට හිතෙන දේවල් එහෙමම කියන්නම්කෝ"
" හරි හරි .. අද රෑට මොකෝ කරන්නේ. ෆිල්ම් ද ගේම් ද කතාද"
" අද අපි තරු බලමුද"
" හෑ" ආදි බය වෙලා වගේ අහනවා..
" හී හී"
" ඒ මොකද එක පාරටම
" නිකම් හිතුනා මගෙ හිතට මොක්ක්දෝ වෙලා තියෙන නිසා අද අලුත් දෙයක් කරමු"
"ආහ් අර පිනිදු නිසා නේ" මූ අහනව.
" අනේ මන්ද බන්. යමන්කෝ රූෆ්ටොප් එකට"
"යමන් යමන්"

පතමි ඔබ❤️ Where stories live. Discover now