03

231 33 42
                                    

"මොකෝ උබට එක පාරටම තරු බලන්න හිතුනේ.".. ආදි අහනව.
"අනේ මන්ද බන් එක පාරටම හිතුන..."
"ම්ම්ම්ම්"
" ආදියෝ..."
" උබට කාටවත් ආදරේ හිතිල නැද්ද"
" අනේ මන්ද බන්"
" අනේ මන්ද කීවෙ ?"
"අනේ මන්ද ඉතිම්"
" නැද්ද කියපන්කෝ"
" නැත්තෙත් නෑ. ඒ උනාට එයාව කවදාවත් ලබාගන්න බෑ"
" කවුද පරයෝ ඒ ? තෝ බල්ල කීවෙවත් නෑ. පිනිදු ගැනත් ඉස්සරෝම කීවෙ උබට" ආදි ගෙ පිටට එකක් ගහල මම කීවෙ.
"උබට කියන්න ඕනි නෑ බන් උබ දන්නව එයා ගැන" ආදි අමුතු හිනාවක් එක්ක කීවෙ
" හෑ" මම කන්ෆියුස් උනා. "කවුද කියපන්කෝ " මම උගේ උරහිස හොල්ලල ඇහුව. දැන් නම් මට දැනගන්න ඉවසිල්ලක් නෑ.
" ඇයි බන් අරය ජිමින් හ්‍යුන්ග්" මූ හිනාවෙවී කියනව.
" ආආආආආ එයා .. මම ඒත් බැලුව මම නොදන්න කෙනෙක්ද කියල." මම රවල කීවෙ. මූ බීටීඑස් ලගෙ ජිමින්ට පන ඇරල හැබැයි කියන්නෙ නම් ආමි කෙනෙක් නෙමේ කියල. ඒ උනාට මම නේ දන්නේ. ෆෝන් එකේ හොරෙන් ෆොටෝස් එහෙම තියන් ඉන්නේ. උගේ ෆෝන් එකේ පාස්වර්ඩ් එක මම දන්නව ඔය වෙලාවක තම හොයාගත්‍තේ ඕව..
" ඔව් ඉතිම් එයා ඇර ආය වෙන කවුද "
" හ්ම් හ්ම් එහෙනම් කමක් නෑ හැබැයි ප්‍රොමිස් වෙයන් උබට කාටහරි හිත ගිය ගමන් මට කියනව කියල.."
" ප්‍රොමිස් බන්. උබ නේ මගෙ බොක්කෙ ලව් එක"
" අනේ පලයන් යන්න උබේ බොක්කෙ ලව් එක කෑම නේ. ඊට පස්සෙ ජිමින්. ඊට පස්සෙ තමා මම ඉන්නේ.. " මම උගෙ අතට එකක් ගහල කීවෙ..
" හරි ඇතුලට යමන්කො බන්. සීතලයි.. "
"ආහ් යමන් යමන්.. මටත් ටිකක් හීතලයි."

අපි දෙන්න ඊට පස්සෙ රූෆ්ටොප් එකෙන් පහලට ආව. එනකොට අම්මි කෑම ලෑස්ති කරල
අපි කාල ටීවී එක ටිකක් බලන්න කියල ඉදගත්තා.  අනේ ඒකෙ බලන්න දෙයක් නෑ අෆ්ෆා.. ආදි නම් ගේම් ගහනවා. මම ෆෝන් එක අරන් ස්ටේටස් බලන්න ගත්තා.. ඒකෙ මම දැක්කා පිනිදු දාල තිබ්බ එකක්..

 ඒකෙ මම දැක්කා පිනිදු දාල තිබ්බ එකක්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
පතමි ඔබ❤️ Where stories live. Discover now