05

223 31 18
                                    

එතකොට හිටියේ........
ආදි ගෙ අම්මියි තාත්තියි..මම බැලුවෙ ඉක්මනට ආදි ගෙ මූන දිහා..උගෙ මූනෙ මල් හතයි.

"ආ ෂශී මේ ඔයාලනේ.... මම බැලුව කව්ද කියල.ඉතිම් ඉතිම් මේ අද එන ගමන් ද ? පුතන්ඩිය නම් අපෙ ගෙදර" අපෙ අම්මි ගිහින් ආදිගෙ අම්මිව බදාගත්ත.
" මට හිතුන නදීකා.. අපෙ එකා මෙහෙ ඇති කියලා. ඒකයි මම ලංකාවට ආව ගමන් මෙහෙට එමු කීවෙ. කෝ නෙතූ පුතා " ආදි ගෙ අම්මිට මාව වටිනව දැක්කනේ..
" ආ ඒ දෙන්නම ඉන්නව උඩ ඔය එන්නෙ කියද්දිම"
" අම්මී..... I missed you so much කෝ අප්පච්චි" ආදි දුවගෙන ගිහින් ෂශී අම්මව බදාගත්තා. මාත් ඒ ගමන් ම එයාව බදාගත්තා ගිහින්.
" අප්පච්චි මාව දාල ගෙදර ගියා. එයා වොශ් දාල එහෙම එන්නම් කීව. තව ටිකකින් ජගත් අයියත් එනවනේ එතකොට දෙන්නාට සෙට් වෙන්න පුලුවන් නේ කියල ගියේ"
" ආ එහෙනම් අද පාටි නේ " මම කීවෙ හෙන හැපි එකේ ෆැමිලි දෙක එකතු වෙලා පාටි එකක් අවුරුදු ගානකින් තියල නෑ. ඉතිම් මට වඩා අරූට හැපි. උගෙ ඇස් දිලිසෙනව.
" හරි එහෙනම් දෙන්නම් යන් මට උයන්න උදව් කරන්න. ෂශී ඔයා වොශ් එකක් දානව නම් දාන්න ඇදුමක් මගෙ චේන්ජින් රූම් එකේ මගෙ ක්ලෝත්සෙට් එකෙන් ගන්න"
" හරි නදීකා මම වොශ් එකක් දාන් එන්නම්"

ෂශී අම්ම වොශ් දාන්න ගියාට පස්සෙ අපි දෙන්නයි අම්මියි ගියා කුස්සියට. කෝමහරි අපි තුන් දෙනාම විහිලු කර කර වැඩ ටික කරා. හවස අප්පච්චි ආව දවස් තුනකට විතර පස්සෙ. අපි හෙන හැපි එකේ කතා කර කර ඉද්දි නිමල් අප්පච්චි ඒ කියන්නෙ ආදිගෙ අප්පච්චි උගුර පාදලා ලොකු කතාවකට ලෑස්ති උනා.
" ම්හ්ම් ම්හ්ම්.... සබාවෙන් අවසරයි අපි අද ආවෙ ලොකු වැදගත් දෙයක් කතා කරන්නත් එක්කමයි.."
"ඒ මොකක්ද නිමල්" අප්පච්චි ඇහුව
"මේකයි මායි ෂශී හැමදාම වගේ ඉන්නෙ ආදිගෙ අක්ක ලග ඉතිම් ආදි ගැන අපිට සැලකිල්ලක් දක්වන්න බැරි වෙනව ගොඩක් වෙලාවට.. "
නිමල් අප්පච්චි එහෙම කියද්දි මම දැක්කෙ අපෙ අම්මිගෙ මූන ඇඹුල් වෙලා.
" ඔයාල කොහොමද එහෙම කියන්නේ මම මගෙ චූටි පුතාට මට පුලුවන් උපරිමෙන් සලකනව"
අම්මි කීවෙ රවාගෙනම. ඒකට ආදිගෙ අම්මියි අප්පච්චි යි දෙන්නම හිනා උනා.
" නෑ නෑ නදී ඔයා නිසා තමා මට මෙයා ගැන බයක් නැත්තෙ. ඒත් ඔයාට එහෙම කරදර කරන්න බෑනෙ කෙල්ල අපිට. ඒ නිසා අපි තීරනයක් ගත්ත.."
" කරදරේ.. මට කිසිම කරදරයක් නෑ ෂශී .. මේ කොල්ලො දෙන්න තමා මගෙ හොදම යාලුවො දෙන්න. ඉතිම් මුන් දෙන්නගෙ එහෙම කිසිම වදයක් නෑ. හරි ඔයා කියන්නකෝ දැන් මොකක්ද තීරනේ ඔයාලගේ"
" මේකයි අපි හිතුව ආදිව එන්ගේජ් කරන්න. කරල දෙන්නව එකම ගෙදර තිබ්බ නම් හරි නේ ලිවින් ටුගෙදර් වගේ."
" කැහැ..කැහැ.." මට කාපුවත් හිර උනා ෂශී අම්ම කියපු එකට. මේ ආදිව බන්දන්න මොන විකාරයක් ද මගෙ ආදිව එහෙම දෙන්නෙ කොහොමද.
" මොකක්ද අම්මි මම එදත් කීවනේ මට බෑ. මම ආස නෑ" ආදි නැගිටල කීවෙ.
" මොකක්ද පුතා අපි ලස්සන කෙල්ලෙක් නෙ ඔයාට බැලුවෙ. අනික එයා ඔයාට වඩා මාස ගානයි බාල ඉතිම් දෙන්නම එකම පන්ති වල නේ කොච්චර දෙයක්ද "
"බෑ අම්මි බෑ මම ආස නෑ"
" ඒ මොකද පුතා ඔයා කැමති වෙන කෙනෙක් ඉන්නවද"
" ඔව් අම්මි මම කැමති එයාට කැමති නෙමේ මම අදරෙයි ගොඩක්"
" එහෙනම් අපි ඒ කෙල්ලට කතා කරන්නද"
" එ කෙල්ලෙක් නෙමේ අම්මි. මම ගේ කොල්ලෙක් ඉතිම් මම කැමති කොල්ලෙක් ඉන්නෙ."
" පුතා....." ෂශී ඇන්ටි කන්ෆියුස් වෙලා බලන් ඉන්නව.අපෙ අම්මි නම් ගානක් නැතුව බලන් ඉන්නෙ එයා දන්නව ආදි ගේ මම බයි කියල.
"හරි පුතා එහෙනම් කව්ද කියන්නකෝ අපි ඒ පිරිමි ලමය එක්ක කතා කරන්න."
" අම්මිට බෑ අම්මි එයා මට අයිති නෑ"
මුට පිස්සුද කොහෙදො මේ වෙලාවෙත් ජිමින් ගැන කියවන්නේ මූ කියන් විදිහට මුගේ ඒක පාර්ශ්වික ආදරේ එයා නේ. යකෝ මේ වගේ වෙලාවක කියන්න පුලුවන් දෙයක්ද මේ..
" ඇයි පුතා ඔයා එයාගෙන් ඇහුවද එයා බෑ කීවද.."
"නෑ අම්මි මට බෑ එයාගෙන් අහන්න. මේ අහන්න අම්මි මට මම ගැන බලාගන්න පුලුවන්. නදී අම්මත් ඉන්නව මට නෙතූත් ඉන්නව නේ ඒ නිසා මට ප්‍රශ්නයක් නෑ. මම මෙයාලට වද දෙන් නෑ අම්මි. අනික අපෙ ගෙදර කමල නැන්දත් ඉන්නවනේ වැඩ ටික කරන්න. මට එහෙ ඉද්දි පාලු නෑ ඉතිම්. අනේ ප්ලීස් ඒ නිසා ඕව ගැන දැන්ම කතා කරන්න එපා. මම ආස නෑ. අනික මට ඉගෙනගන්න ඕනි. සල්ලි තිබ්බට මට අනිත් ලමයි වගේ ගවර්මන්ට් කැම්පස් එකකට යන්න ඕනි. ඒ නිසා ප්ලීස් අම්මි ඕව ගැන දැන්ම ඕනි නෑ" කියල ආදි කෑමත් නොකා ගියා යන්න. පව් අනේ හරියට කෑවෙත් නෑ.
" පුතා ..." ෂශී අම්ම මට ඇහෙන් පෙන්නුවෙ ගිහින් බලන්න කියල. මාත් නැගිටල ගියා කාමරේට. මේ වගේ වෙලාවට ආදි ලග මට විතරයි ඉන්න පුලුවන්. වෙන කාටවත් එයාගැන බලන්න බෑ. මම යන කොට ආදි කාමරේ නෑ. නිකමට රූෆ්ටොප් එකේ බලද්දි එතන සීතලේ ඉන්නව ඉදගෙන. මාට්බ් ගිහින් ඌ ලගින් ඉදගත්ත. ආදි දන්නව ආවෙ මම කියල. හෙමීට මගෙ උරහිසෙන් ඔලුව තියාගත්ත. ටික වෙලාවකින් දැනුන ආදි අඩනව කියල. මම ආස නෑ ආදි අඩනවට. මට පේනම බැරි දෙයක් ඒක. ඒත් දැන් එයාට ඕනි ඒක නම් මට අඩන්න එපා කියන්න බෑනෙ. මම ඉතිම් උරහිසෙන් වටේට අත දාල තව ටිකක් තුරුල් කරගත්ත.

" නෙ.. නෙතුවෝ.. මට.. එයා..ට කියන්..න බැරි වෙ.යිද ..මම . එයාට .. ගොඩ..ක්  ආද..රෙයි.. කියල..අනේ ම..මම ... ආ..අදරෙයි..නේ එයාට ගොඩ..ක් ඒත්..ඒත් එයා..ම..ගෙ නෙමේ..නේ.. අනේ.. නෙ.නෙතූ... මට..බෑ බන්.." ආදි ඉකි ගහනව. අනේ එපා බන් ආදි ඔහොම අඩන්න.

" නෑ කොල්ලො උබට අනිවා පුලුවන් උබ උට ආදරෙයි කියල කියන්න. මම උබට උපරිම සපෝර්ට් එක දෙනව.දැන් යමන් කාමරේට."
ආදිව එක්කගෙන කාමරේට ඇවිත් නිදියනකල් ඔලුව අතගගා කල්පනා කරේ ජිමින් ට මූ මෙච්චර ආදරේද.. බැරි වෙලාවත් මූ වෙන එකෙක් ගැනවත්ද කියවන්නෙ..නෑ නෑ එහෙම නැතුව ඇති නේ අනේ එහෙම නම් වෙන්න එපා. මේකා මට කීවෙවත් නෑනෙ. නැථුව ඇති නේ. කෝමහරි අන්තිමේදි ආදිට නින්ද ගිය නිසා ආයෙම ලිවින්ග් රූම් එකට යද්දි ෂශී අම්මයි නිමල් අප්පච්චියි යන්න යනව. මම එයාලට වැදල අම්මිටයි අප්පච්චිටයිත් කතා කරල ආයම ආවෙ නිදගන්න. එනකොට ආදි මොනවදෝ කොදුරනව. ලගට ගිහින් බලද්දි එයා කීව දෙයින් මගෙ ඇගත් පන නැති උනා.
එයා කීවෙ
"නෙ..තූ....

Late valantine gift🌚🌸හිතෙන දේ කොටන් යන්...

පතමි ඔබ❤️ Where stories live. Discover now