06

233 30 17
                                    

"නෙ..තූ.. මම ආදරෙයි බන්... මගෙ නෙතූ...ආදරෙයි ඔයාට..නෙ.තූ...ට විතරයි අම්මි මම ආදරේ...අනේ..ප්ලීස් අම්මි. . වෙන අය එපා..නෙතූ නැත්තම්...මට වෙන කාවවත් එප... අම්මි.. ප්ලීස්..." ආදි මුමුනනව.

මගෙ ඇගම පන නැති උනා.. හැමදේම ටික වෙලාවකට නතර උනා වගේ... දෙයියනේ අර හවස ඉකි ගහ ගහ මගෙ ආදි අඩ අඩ කීවෙ මම ගැනද.. එයාට ලබාගන්න බෑ කීව කෙනා මමද.. අනේ මට හිතාගන්න බෑ.. මගෙ ආදි මට ආදරෙයි ලු.. මගේ....?. .ඕ මගේ ආදි මගෙ පලවෙනි ආදරේ.. කවෘත් නොදන්න මම විතරක් දන්න ආදරේ.. මටම හිතන්නත් තහනම් උන මගේ ආදරේ... චූටි කාලෙ ඉදල තිබ්බ යාලු කම නැති කරගන්න ඕනි නැති කමට හැමෝටම හංගපු ආදරේ.. ඒ මගෙ ආදි.. පොඩි කාලෙ ඉදලම මුලු ජීවිත කාලෙම ඉන්න ආස කලේ මගෙ ආදිව ලග තියාන ඒ හිනාව දිහා බලාන. පිනිදුට ඇති උනේ ආකර්ශනයක්.. මට එදා අඩන්නම දුක හිතුනේ ආදි මාව ගනන් ගත්තෙ නැති එක.. දැන් නම් කියවල ඉවරද කොහෙදෝ... පිස්සු කොල්ල මගෙ.. හෙට උදේට බලමුකෝ...මාත් එහෙමම නිදාගත්ත ආදිට එහා පැත්තෙන්..උදේට මොනව වෙයිද කියල හිත හිතම. මේක හීනයක් නොවෙන්න කියල ප්‍රාර්ථනා කරනව..

"චූටි..නැගිටින්න .. ස්කූල් යන් නැද්ද අදවත් "අම්මි ඇවිත් කතා කරා.
" ම්ම්ම්....ම්ම්ම්... ආ..හ්හ්...." තඩි ඈනුමකුත් යවල මම නැගිටල බැලුවෙ එහා පැත්තෙ ඉන්න මගෙ ආදි දිහා.. අද එයාව සප්‍රයිස් කරන්න ඉන්නෙ මම..බලමුකෝ.. මට ශුවර් එයාට මතක නෑ එයා මුමුනපු ඒව..
" චූටි ආදිටත් ඇහැරවන්න "
" හරි අම්මියෝ"
අනේ අම්මි කීවට මේ කොල්ලව ඇහැරවන්න ලෝබයි මට කටත් බාගෙට ඇරගෙන එක කකුලක් දිගෑරල අනික් කකුල නමාගෙන ශීට් එකෙන් බාගයක් පොරවගෙන ඇගේ එක අතක් කොට්ටෙ යට තියන් සැපට නිදන් ඉන්න්ව මගෙ නින්ද ඊයෙ නැති කරල.. ඒත් ස්කූල් යන්න එපැයි.

" ආදි ... ආදියෝ.. ආදී....නැගිටින්න ස්කූල් යන්න අදවත්."
" අනේ බෑ බන් අදත් ගෙදර ඉමු.." එහෙම කියල මූ ආයම නිදි .. ඉන්නකෝ එහෙම කියල බෑනේ..
" මගෙ ආදි මැනික නැගිටින්නකෝ" සොෆ්ට් වොයිස් එකකින් රහසින් කීව මම. ඒ වැඩේ හරි ගියා. ආදිගෙ මූන බලන්න වටිනව. ඇස් දෙකත් ලොකු කරගෙන ඉද්ද ගැහුව වගේ නැගිටල මම දිහා බලන් ඉන්නේ..මම ගානක් නෑ වගේ බාත් රූම් එකට ගියා. පව් අප්ප කන්ෆියුස් වෙලා ඇති දැන්.
මම මූන සෝදන් එනකොටත් එයා ඇදේ ඉන්නව කල්පනා කර කර.. අනේ ගිහින් බදාගන්න හිතෙනව.

පතමි ඔබ❤️ Where stories live. Discover now