07

220 30 8
                                    

ආදි එනකල් මම හිටියා කාමරේට වෙලා. ටිකකින් ඇහෙනව ආදි අම්මි එක්ක කතා කර කර එනවා අයියෝ අම්මිට එන්න එපා කීව නේ මම.. ආ නෑ අම්මි යනව ඉතුරු ටික යන්න කියල.. මගෙ හොද අම්මි.. එයා ආවා.. කවදාවත් දොරට තට්ටු කරන් නෑ ඔය ආදි.. මම දන්නව නේ එක පාරටම දොර ඇරගෙන එනව ඉතිම් මමත් රෙඩි පිට හිටියා.. මගෙ මැනික ව දැක්කෙ නෑ කාලෙකින් අද උදේ දැක්කට පස්සෙ .. ඕන් දොරේ ලොක් එක කැරකෙනව .. මම ඉස්සරහ හිට ගත්තා දොර ඇරගෙන ආවා එයා. එයාගෙ සුවද.... අනේ දෙයියනේ... මගෙ ආදි නාලා කොන්ඩෙ වේලිලත් නෑ මෝඩ කොල්ලා.. එයාගෙ ඇස් දෙක පුදුම වෙලා. හොදටම කන්ෆියුස්ඩ් වෙලා . හිතාගන්න බැරුව ඇති මේ මොකද කියලා..

'නෙතූ මොකද බන් මේ..."
"මම අද මම ආදරේ කෙනාට ඒක කියන්න යන්නේ"
"ආහ් එහෙමද..කව්ද පිනිදු ද එයා බ්‍රේකප් වෙලාද"
"නෑ නෑ එයා නෙමේ "
"එහෙනම්"
ආදිගේ මූන දුකින් පිරිලා . පව් අනේ මට සමාවෙන්න මැනික. තව ටික වෙලාවකින් පස්සෙ මම ඔයාට ආය කවදාවත් දුකක් දෙන් නෑ ඒක මේ නෙතූ ගෙ පොරොන්දුවක් .
"ම්ම්ම්ම් එයා ගැන කියන්නම් තව ටිකකින්"
"හරි එහෙනම් ඇයි මට එන්න කීවෙ"
"වෙන මොකටද බන් සපෝර්ට් එකට"
"ආහ්හ් ඒ උනාට මම උබත් එක්ක තරහයි ඈ "
"ඒ මොකටද"
"උබ ආදරේ කරනව කියල හොදම යාලුවා උන මට කීවෙ නෑනෙ ඒකට නම් සමාව දෙන්  නෑ...."
අනේ එයා මට බයිනව රව රව . ඒ හෙල්ලෙන තොල් දිහා බැලුවහම මට ඉවසන්න බැරි උනා. ඉතිම් ඉක්මනට ලගට ගිහින් පොඩි පෙක් එකක් දුන්නා.. දැන් ඉන්නව ඇස් දෙකත් ලොකු කරගෙන මොකාදෝ එකා වගේ.  මගෙ කෝලම . 
"නෙ..තූ.. මොකක්ද ..මොකක්ද ඒ කලේ .."
"කලේද කලේ මගෙ හිත කියපු දේ.."
මම හස්කි වොයිස් එකකින් කියන ගමන් පස්සෙන් පස්සට එක්කන් ගිහින් එයාව බිත්තියට හිර කරා..
"නෙතූ.. මොකද මේ වෙලා තියෙන්නේ.. ඔයා බීලද.."
"නෑ අනේ.. මම බොන් නෑ නේ .. ඔයා දන්නව නේ ඒක. "
"එහෙනම් මේ හැසිරෙන විදිහ"
"ඒකද ... මම ඔයාට ආදරෙයි මගෙ ආදි.. චූටි කාලෙ ඉදල ඔයාව ඕනි උනා මට. ටිකක් තේරෙද්දි මට දැනුන මගෙ හොදම යාලුවට මගේ සහෝදරයාට මම ආදරෙයි කියල.. ඔයාට ඒක කියන්න බය උනා මම. ඔයාව නැති වෙයි කියල. ඒත් එදා නින්දෙදි ඔයා මට ආදරෙයි කියද්දි මට තේරුනා ඔයාව නැති වෙන්නෙ නොකියා හිටියොත් කියල. ඉතිම් අම්මිට කීව මම. අම්මි සශී අම්මයි හැමෝම එක්ක එකතු වෙලා ඔයාව සප්‍රයිස් කරන්න ඕනි උනා මට. ඉතිම්ම්... මගෙ ආදි මැනික ඔයා මගෙ නේද..."

පතමි ඔබ❤️ Where stories live. Discover now