Chapter 5

100 26 4
                                    

අපි කෞතුකාගාරයට ඇතුලුවෙන තැන පඩිපෙලේ වාඩිවෙලා හිටියා..

අපිට ඉහල අහසේ කලුපාට වලාකුලු පිරිලා කැකෑරෙමින් තිබුනේ මේ පලාතේ මීට කලින් කවදාවත් නොදැකපු විදිහේ මහා කුනාටුවක් අතලග බව පෙන්වමින්.

පසුගිය නත්තලෙන් පස්සේ සෝල්වල කාලගුනය හරිම අමුතු වෙලා තිබුනේ..

විශාල හිමකුනාටු,ජලගැලීම් වගෙම අකුනු කෙටීම් නිසා ඇතිවුනු හදිසි ගිනිගැනීම් වලටත් මුහුන දෙන්න අපිට සිද්ද උනා.

ඉතින් ඒ වෙලාවේ සුලිසුලගක් ආවත් මට ඒක ලොකු පුදුමයක් වෙන්නේ නැතිවේවී.

මේ ඔක්කොම විපර්යාස වෙනවා ඇත්තේ ගෝලීය උනුසුම ඉහල යාම නිසා හරි වෙන මොකක් හරි දෙයක් නිසා හරි වෙන්නැති කියලා මන් හිතහදාගත්තා.

අහසේ පහල වූන කුනාටුවේ පෙර නිමිති ගැන වෙන කවුරුත් අවධානයක් යොමු කලේ නෑ..

මන් ජිමින් එක්ක ගිහින් කෞතුකාගාරේ ඉස්සරහා තිබුන වතුරමල ලග වාඩි උනා.

කෞතුකාගාරය ඉස්සරහා මාවතේ යන වාහන දැක්කාම මට ගෙදර මතක් උනා.

අපේ ගෙදර තීන්නේ මෙතන ඉදන් ටික දුරක් එහායින්.නත්තලෙන් පස්සේ ගෙදර ගියේ නෑ කියලා මතක් උනාම මට ගෙදර දුවන්න හිතුනා..

එහෙම ගියොත් ඔම්මා මාව සතුටට බාදගෙන ඉබීවී.ඒ වගෙම එයාට මන් ගැන තිබුන බලාපොරොත්තු කඩ වෙලා යාවී..

මම මීට වඩා හොදට වැඩ කරන්න උත්සහකරන්න ඕනි කියලා අවවාද කරලා එයා මාව ආයේ ස්කූල් එකට ගෙනත් දාවී.

ඇත්තම කියනවනම්, මේ අවුරුදු හයට මම පාසල් හයකට මාරුවෙලා තිබුනා.
පෙනුන හැටියටනම් මාව ලගදිම මේ පාසලෙනුත් එලියට දානවා..

ඉතින් එහෙම තත්වෙකදි ඔම්මා බලන්න ගියොත් ඔම්මගෙ මූනේ ඇතිවන දුක්බර පෙනුම මට දරාගන්න බැරිවේවි..

ඒ නිසා ගෙදර යන අදහස මන් අතෑරලා දැම්මා..

මන් මගේ කැම පාර්සලේ දිගෑරගද්දි ජන්කුක් මගෙ ලගට ආවා..

"ඔහ්" එයා බාගේට කාපු පාන් කෑල්ලක් ජිමින්ගේ උකුලට ඇතෑරලා හා දත් පෙන්නලා හිනාවුනා..

සන්සුන්ව ඉන්න මම උත්සහ කලා 'ඔයාගේ තරහා පාලනය කරගන්න,හෙමීට දහයට ගනන් කරන්න'කියලා පාසලේ උපදේශක මට අනන්තවත් කියලා ඇති.

ඒත් ඒ වෙලාවේ මගෙ කේන්තිය ඉහල නගිද්දි ඒ උපදෙස් ඔක්කොම මට අමතක වෙලා ගියා..

මගේ කන් ඇතුලේ මුහුදු රැල්ලක් ගිගුම් දෙනවා මට දැනුනා..

එයාට අතක්වත් තිබ්බා කියලා මට මතක නැහැ..

ඒත්,ඊලගට මට මතක වතුරමල ලග වතුරේ පස්ස බිම ඇනගෙන වැටිලා "ටේහියුන්ග් මාව තල්ලු කලෝ" කියලා ජන්කුක් බෙරිහන් දුන්න හැටියි..

A sub - godWhere stories live. Discover now