Chapter 11

63 22 11
                                    

කුනු බිත්තර ගදක් එක්ක කලු දුමක් බස් එක ඉස්සරහින් හමද්දි ඩ්‍රයිවර් හැමෝටම බස් එකෙන් බහින්න කිව්වා.

ඩ්‍රයිවර් එන්ජිම පරික්ෂා කරද්දි අපි ඒ අවට වටපිට බැලුවා..

පරිසරයේ ලස්සන බල බල හිටිය මගේ ඇස් එක තැනක නතර උනා.

මගෙ ඇස් නතර උනේ මේපල් ගස් හෙවනේ තිබුන පැද්දෙන පුටුවල වාඩිවෙලා හිටිය වයසක  ආච්චිලා තුන්දෙනෙක් ගොත ගොත හිටිය ලොකුම ලොකු මේස් කුට්ටම ලග..

ඒක තමා මන් ජිවීතෙටම දැකපු ලොකුම මේස් කුට්ටම..

ආච්චිලා තුන්දෙනාගෙන් මැද්දෙ එක්කෙනා වූල් බෝල අල්ලන් ඉද්දි දෙපැත්තේ දෙන්නා මේස් කුට්ටම ගොතන ගමන් හිටියේ..

අමුතුම දේ උනේ එයාලා තුන්දෙනාම එක එල්ලේ මගේ දිහා බලන් හිටපු එක..

ඒ ගැන මන් ජිමින්ට කියන්න යද්දි මන් දැක්කේ සුදුමැලි පෙනුමක් එක්ක දාඩිය ගලන ගමන් ආච්චිලා දිහා බලන් ඉන්න ජිමින්ව..

"ජිමින්..මොකද මේ ?"

"එයාලා ඔයා දිහා නෙමේ නේද බලන් ඉන්නේ.."

"එයාලා මන් දිහා තමයි බලන් ඉන්නේ.."

"ටේ අපි ඉක්මන්ට බස් එක ඇතුල්ට යමු.."

අච්චිලා තුන්දෙනාගෙන් කෙනෙක් රිදීපාට ලොකු කතුරක් එලියට ගද්දි ජිමින් කිව්වා.

"ඇයි ??"

"ඉක්මන්ට එන්න!"

ජිමින් මාව ඇදගෙන බස් එකට යන්න ගියත් අර ආච්චිලා නූල කපන සද්දෙ එයාලට ගොඩාක් මෙහයින් හිටපු මට ඇහුනා.

"ඔන්න ලෙඩේ හරි..කට්ටියම බස් එකට නගින්න.."

ඩ්‍රයිවට බස් එක හැදුව නිසා අපි ආයේ අපේ ගමන පටන් ගත්තා..

ඒත් බස් එකට නැගපු වෙලේ ඉදන් මට උන ගතියක් දැනුනා.ජිමින්ට කියලා වෙනසක් නෑ..එයාත් සුදුමැලිවෙලා වෙව්ලන ගමන් හිටියේ..

"ටේ !"

"ඇයි "

"ඔයා නූල කපනවා දැක්කද.."

"මන් හිතන්නේ.."

මන් නිශ්චිත නැති උත්තරයක් දෙද්දි ජිමින් එයාගේ පපුව මිරික ගත්තා..

A sub - godWhere stories live. Discover now