Chapter 18

40 19 4
                                    

ජිමිනි නැතිව පාලුවෙන් දවස් ගෙවිලා ගිහින් කොඩියේ ඇල්ලීමේ තරගෙත් ආවා..

ඒ තරගෙදි තිබුනේ එරිස්ගේ ටීම් එකයි ඇතීනගෙ ටීම් එක්කයි මුල් කරගෙන..

මන් හිටියේ ඇතීනගේ පිලේ නිසා මගේ හතුරා උනේ එරිස්ලගේ ටීම් එකේ මින්හෝ ජැකී බෝගම් බෙක් හියුන්ලා..

ඒ අය තරගේ පටන් ගද්දිම මන් දිහා බැලු විදිහ මට ඒ තරම්ම ඇල්ලුවේ නෑ..

ජිමින්ගේ උපදෙස් හොදට මතක් කල මන් එයාලා ගැන අවදානෙන් ඉදගෙන තරගෙට සහභාගී උනා..

මේ තරගෙ තිබුනේ පුන්චි දිය පාරකින් වෙන් වෙන ගන කැලෑ තීර දෙකක..

මේකෙදි ඒ කැලෑ දෙකේ කෙලවර හිටවලා තීන ප්‍රතිවාදීයාගේ කොඩිය අර තමන්ගේ කැලෑ තීරයට අරන් එන එකයි කරන්න තීන්නේ..

හොබීගේ සැලැස්මට අනුව එරිස්ලගේ ටීම් එකේ කොඩිය ගන්න ජූන් හියුන් එක්ක හොබිත් පිටත් උනා..

මටයි අපේ ටීම් එකේ අනික් අයටයි එරිස්ලගේ ටීම් එකේ අයට අපේ කොඩිය ගෙනියන්න නොදී බේරගන්න එකයි කරන්න තිබුනේ...

අපි අපේ රාජකාරිය උපරිමේට කරද්දි තරගේ එන්න එන්න උනුසුම් උනා..

ඒ අතරෙදි නපුරු බැල්මක් එක්ක මන් ඉස්සරහට ආව මින්හෝව දැක්කාම මට තඩි කෙලගුලියක් ගිල්ලා..

එයා එයාගේ අතේ තිබුන එයාගේ අප්පගෙන් එයාට තෑගී ලැබුන හෙල්ලත් උලුක් කරන් මන් දිහාට එද්දි මට තරු විසික් උනා..

එයා මට හෙල්ලෙන් අනින්න කලින් මන් මගේ පලිහ ඇල්ලුවත් ඒකෙන් උනේ මගේ දත කට පූට්ටුවෙන්නම විදුලි සැර වැදුන එක...

මින්හෝගේ හෙල්ලෙන් පලිහ ඈත් කරගත්තු මන් දුවන්න හැදුවත් මගේ ඉස්සරහට පැන්න ජැකී මගේ අතේ තඩි කැපුම් පාරක් ඇතිවෙන විදිහට කඩුපහරක් ගැහුවා..

රිදුම් දෙන අත අල්ලගත්තු මන් එයාට පයින් පාරක් ගහද්දි මින්හෝගේ කඩුව මගේ යුද සන්නාස ඉරාගෙන මගේ ඇගේ ඇනුනා..

මින්හෝ ජැකී බෙක්හ්‍යුන් තුන්දෙනා වගෙම වගෙම එයාලගේ ටීම් එකේ තව දෙන්නෙක් මාව වට කරගනිද්දි අද මගේ අවසානේ කියලා මට හොදින්ම තේරුන් ගියා..

A sub - godWhere stories live. Discover now