Chapter 16

75 18 21
                                    

කයිරොන් කියන විදිහට මන් දෙවියෙක් ගෙයි මනුස්ස කාන්තාවකගෙයි ලේ වලින් ඉපදුන ලමයෙක්.

ඒ කියන්නේ මන් අර්ධ ලෝහිතයෙක්. එයාලව උපදෙවිවරු කියලත් හදුන්වනවා.

මෙහෙ ඉන්න අනික් ලමයිනුත් ඒ විදිහට දෙවිවරුන්ගේ දෙවගනන්ගේ ලේ යි මිනිස් ලේයි එකතු වෙලා හැදුන අයලු.

එහෙම ලමයින්ට මෙහෙ නවාතැන් දෙන්නේ එයාලගේ ලේ මිශ්‍රවෙලා තියෙන ඔලිම්පියානුවාට අනුවලු.

මගේ අප්පා කවුද කියලා දන්නේ නැති නිසා මට නවාතැන් ලැබුනේ හර්මිස්ගේ, ඒ කිව්වේ හොරුන්ට අධිපති දෙවියන්ගේ කැබින් එකේ..

ඒ කැබින්එකේ නායකයා නම්ජූන්.ලේසියට එයාව හදුන්වන්නෙ ජූන් කියලා..

එයාට තමා මාව බාරවෙලා තීන්නේ මට එයාලගෙ කැබින් එකේ ඉන්න ඕනි කරන දේවල් එයා ගබඩා කාමරෙන් හොරකන් කරන් ඇවිත් තිබුනා.

මන් ඒවත් අරන් කැබින් එකේ මට වෙන්වුන තැනට ගියා.

මන් මගේ බඩු එතනින් තියලා හැරෙනවත් එක්කම මගේ ලග හිටියේ හේසෝක්.

එයා මාව එක්කන් කදවුර පෙන්නන්න ගියා.එහෙම යන ගමන් අපි දෙන්නා අපේ විස්තර බෙදාගත්තා.

හේසෝක් කියන්නේ කැබින් අංක හයේ නවාතැන්කරුවෙක්.ඒ කියන්නේ නුවනට හා යුධෝපායන්ට අධිපති ඇතීනගේ ලමයෙක්.

එයා මෙහෙට ඇවිත් තීන්නේ ගොඩාක් පුන්චි කාලෙදි.එයාත් මන් වගේ සැරින් සැරේ ස්කූල් මාරු කරපු කෙනෙක්.

ඒ වගෙම එයාටත් මට තීන ලෙඩ දෙක තිබිලා තීනවා.ඒ කියන්නේ ඒවා අර්ධ ලෝහිතයන්ට ආවේනික දෙවල්.

එයාලගේ මනස පෞරාණික ග්‍රීක අකුරු කියවන්න හුරුවෙලා තීන නිසා වචන අන්ධතාවයෙන් පෙලෙනවලු..

වචන අන්ධතාවය කියන්නේ සාමාන්‍ය පොතක් කියවන්න ගත්තාම අකුරු පාවෙන්න අරන් ඒවා කියවගන්න බැරි වෙන එක..

ඒ.ඩී.එච්.ඩී කියන එක අපිට තීන්නේ අපිට රන බිමට හැඩගැහුන ප්‍රතිරූපයක් තීන නිසාලු.

ඒ කියන්නේ අපි වටපිටාවේ වෙන දේවල් වලට අධික සන්වේදීතාවයක් දක්වනවා වගෙම සාමාන්‍ය මනුස්සයෙක් දකිනවට වඩා දේයක් දකින එක.

A sub - godWhere stories live. Discover now