Chapter 9

67 24 7
                                    

"මන් දුක්වෙන්නේ ටේහියුන්ග් ගැන..සර්"

මිස්ටර් ලී අහපු ප්‍රශ්නෙකට ජිමින් උත්තර දුන්නා..

මන් අනිත් අයගේ කතාවලට කන්දෙන කෙනෙක් නොවුනත් මන් ගැන කතාවෙන නිසා ඒකට කන්දුන්නා..

"මේ ගිම්හාන කාලෙදි තනියම..මම කියන්නේ,කාරුනික ඇත්තෙක් ස්කූල් එකට ආවා!දැන් අපි ටක්කෙටම දන්නවා කියන්නේ උනුත් දන්නවා කියන එකනේ"

"එයාව ඉක්මන් කරන එකෙන් වෙන්නේ මේ ප්‍රශ්න තවත් නරක අතට හැරෙන එකයි.." මිස්ටර් ලී කිව්වා."කොල්ලා තව ටිකක් මෝරනකන් අපිට ඉන්න වෙනවා.."

"ඒත් , එයාට එච්චර කාලයක් නැති වෙයිනේ.උතතරායන කාලය වෙනකොට.."

"එයා නැතුව අපිට ඒක විසදගන්න වෙනවා ජිමින්. මේ කරදරවලට පැටලෙන්නේ නැතුව විනෝදෙන් ඉන්න පුලුවන් කාලේ එයා එහෙම හිටපුදෙන්"

"ඉතින් සර් එයා අර ගෑනිව දැක්කනේ..".

"එයා හිතින් මවා ගත්ත ඒවා..ඒක එයාට ඒත්තු ගන්වන්න ලමයි අතරේ ගුරුවරු අතරේ පැතිරිලා තීන අවුල ඇති වෙයි.."

"සර්,ම...මට බැහැ සර් ආයෙමත් මගේ රාජකාරිය වරද්ද ගන්න.." ජිමින් කිව්වා.

"ඔයා වරද්ද ගත්තේ නෑ.ජිමින්..ඒ ගෑනී මොකටද ආවේ කියලා මට කලින්ම තේරුම් ගන්න තිබ්බා.දැන් මේ දේවල් ඔක්කොම පැත්තකින් තියලා, අපි කල්පනා කරමු ටේහියුන්ව ජීවතුන් අතර තියාගන්නේ කොහොමද කියලා..ඊළග-"

'දඩස් !' ගාලා ලොකු සද්දයක් ආවේ මගේ අතින් බිමට වැටුනු ග්‍රීක පොතෙන්.

මිස්ටර් ලී නිශ්ශබ්ද උනා.

මගේ පපුව හයියෙන් ගැහෙන්න ගත්තා. මම ඉක්මන්ට පොතත් අහුලාගෙන ආපස්සට ගියා.

ලගම තිබුන කාමරයේ දොර ඇරගෙන මම ඇතුලට රිංගුවා..

තත්පර ගානකට පස්සෙ මම හිටිය කාමරේ දොර ලගින් 'ක්ලොප් ක්ලොප්' සද්දයක් එක්ක සතෙක් නහයෙන් පිබිනවා වගේ සද්දයක් ඇහුනා..

ලොකු අදුරු රූපයක් දොරේ වීදුරුව ඉදිරියේ නතර වෙලා ටිකකින් ඉදිරියට ගියා.

මගේ බෙල්ල දිගේ දාඩිය බිංදු ගලන්න පටන් ගත්තා.

"මුකුත් නැහැ" මිස්ටර් ලී මිමිනුවා.. "දක්ෂිනායෙන් පස්සෙ ඉදලම මගේ ස්නායු හරියට වැඩ කරන්නෑ වගේ.."

"මගෙත් එහෙමද කොහෙද.." ජිමින් කියනවා ඇහුනා.. "හැබැයි මට දිවුරන්න උනත් පුලුවන්..."

"ඔයා දැන් ඔයාගේ කාමරේට ගියොත් හොදයි" මිස්ටර් ලී ජිමින්ට කිව්වා." හෙට තීයෙන විභාගවලට ලෑස්ති වෙන්නත් තියෙනවා නේද..?"

"ඒක ගැනනම් මතක් කරන්නවත් එපා"

මිස්ටර් ලීගේ කාර්‍යාල කාමරේ එලිය නිවිලා ගියා.අන්තිමේදී ,මම හිටපු කාමරයෙන් එලියට ඇවිත් හෙමින් සීරුවේ මගේ කාමරේට ගියා..

මන් කාමරේට යනකොට ජිමින් ලතින් සටහන් වගයක් පාඩම් කරමින් හිටියේ හරියට එයා මුලු රෑම එතනට වෙලා හිටියා වගෙයි..

"හෙයි " නිදිමතෙන් වගේ එයා කිව්වා. "ඔයා මේ විභාගේට පාඩම් කරන්නේ නැද්ද.."

මම උත්තර දුන්නේ නෑ..

"අවුලෙන් වගේ මොකද..?" එයා නලල රැලි කරගෙන ඇහුවා.."මොකක් හරි ප්‍රශ්නයක් ද?"

"නෑ..ටිකක් මහන්සියි වගේ.."

මම අනිත් පැත්තට හැරුනේ එයාට මගේ මුහුනේ තීන හැගීම් කියවන්න බැරි වෙන්නයි.

* * * * *

A sub - godWhere stories live. Discover now