Chapter 7

69 24 2
                                    

මිසිස් හන්ගෙ ඇස් දෙක ලිපේ අගුරු වගේ රතුපාටින් දිලිසෙන්න පටන් ගත්තා..

එයාගේ ඇගිලි ඉදිරියට දිගුවෙලා ඒවා කුරුල්ලෙක්ගේ නියපොතුවලට හැරුනා

එයාගේ ජැකට්ටුව දියවෙලා ගිහින් තටු දෙකක් හැදුනා.

තව දුරටත් එතන හිටියේ මිසිස් හන් නෙමේ කටපුරා කහපාට දල පිරුන වවුල් තටු සහ නිය පහුරු තිබුන මැහැල්ලක්.

එයා මාව කීතු කරන්න හදන බව මට තේරුනා..

ඒත් ඊටත් පස්සේ උනේ ඊටත් වඩා අමුතු දෙයක්.

මීට විනාඩියකට කලින් එලියේ හිටපු මිස්ටර් ලී පෑනක් අතේ තියාගෙන වේගෙන් අපේ දිහාට එනවා මම දැක්කා..

"අල්ලගන්න ටේහියුන්ග්.."කියලා කෑගහනගමන් එයා අතේ තිබුන පෑන මගෙ දිහාවට විසික් කලා .

ඒ එක්කම මිසිස් හන් එහෙම නැත්තන් අර අමුතු සතා මට පහර දෙන්න පැන්නා..

මම කෑහගෙන පැත්තකට පනින ගමන් සර් දාපු පෑන අල්ලගත්තා..

ඒත් ඒක තවදුරටත් පෑනක් වෙලා තිබුනේ නෑ..ඒක ලොකු කඩුවක් උනා..

"මකබෑවියන්..!"

මිසිස් හන් මිනීමරු බැල්මක් දාන් මට පහර දෙන්න යද්දි මන් ඒ කඩුවෙන් හන් ට පහර දුන්නා..

ඒක එයාගේ ඇග පසාරුකරගෙන යද්දි එයා වැලිමාලිගාවක් කුඩුපට්ටම් වෙනවා වගේ විනාස වෙලා ගියා..

ඒ සතාගේ මරලතෝනියත් එක්ක මම විතරක් ඒ ශාලාවේ පෑනත් එක්ක තනි වුනා.

මිස්ටර් ලී මගෙ අහලකවත් හිටියේ නෑ.. මට හිතුනේ මන් කාපු කෑමක මොකක් හරි අවුලක් තිබිලා කියලා.

ඇත්තටම මේ දේවල් මන් හිතින් මවාගත්තුවද.මන් ආපහු එලියට එද්දි එලියේ වහින ගමන් තිබුනේ..

කෞතුකාගාර සිතියමෙන් ඔලුව ආවරනය කරගෙන හිටපු ජිමින්ට එහා පැත්තෙන් ජන්කුක් තෙමිච්ච කුකුලෙක් වගේ එයාගේ යාලුවෝ එක්ක කෙකරගගා හිටියා..

"තමුසෙට අදනම් මිසිස් කෙර්ගෙන් පස්ස රතුවෙන්න කන්න පුලුවන්.."මාව දැක්ක ජන්කුක් කිව්වා.."

"කාගෙන්..?"

"අපෙ ටීචර්ගෙන්,මැට්ටො..!"

මම තදින් ඇහිපිල්ලම් ගැහුවේ එහෙම කෙනෙක් ගැන මන් මීට කලින් අහලා නැති නිසා

එයා කියවන දේවල් පැහැදිලි නැති නිසා මන් එයාගෙන් ආයේ ඒ ගැන ඇහුවාම එයා මට සමච්චලේට හිනා වුනා..

ඒ නිසා මන් ජිමින්ගෙන් මිසිස් හන් කොහෙද කියලා ඇහුවා..

"කවුරු" එයා චුට්ටක් වෙලා අරගෙන මගෙ දිහා බලන්නෙවත් නැතුව මගෙන් ඇහුවා..

"විහිලු නෙමෙයි.මන් ඇත්තටම ඇහුවේ.." එයා මාව විහිලුවට අරන් කියලා හිතපු නිසා මන් කිව්වා..

අහසේ තවත් අකුනක් පිපිරුවා.

මිස්ටර් ලී පුටුවක වාඩි වෙලා කුඩෙත් ඉහලන් පොතක් කියවන ගමන් හිටියේ එක තත්පරේකටවත් එයා එතනින් නැගිට්ටේ නෑ වගෙයි..

මම එයා ලගට ගියා.එයා මගෙ දිහා බලන් හිටියේ අත්බූත වෙලා වගෙයි.

"අහ්.මගෙ පෑන නේද?මීට පස්සෙවත් මෙහෙම ගමනක් යනකොට තමන්ගේ  පෑන් පැන්සල් අරන් යන්න පුරුදු වෙන්න"

සර් එහෙම කිව්වමයි මට පෑන මතක් උනේ මන් ඒක ආපහු එයාට දීලා මිසිස් හන් ගැන ඇහුවා..

"කවුරු..? "

"අපි එක්ක චාරිකාව ආපු මිසිස් හන් අපේ ගනිත ගුරුවරිය.."

එයා ඇහිබැමි අකුලන් කල්පනා කරන ගමන් පුටුවේ හරි බරි ගැහුනා..

"ටේහියුන්ග්, මිසිස් හන් කියලා කෙනෙක් අපිත් එක්ක මේ ගමන ආවේ නෑ.මම දන්න තරමින්නම් එහෙම කෙනෙක් අපේ ස්කූල් එකේවත් නෑ.."

මාව සම්පූර්නයෙන් අවුල්කරවලා මිස්ටර් ලී කිව්වා..

"ඔයා හොදින් නේද දරුවෝ ?"

A sub - godWhere stories live. Discover now